පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඊයේ ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය.
පාලක පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට රිෂී සුනක් පත්වන්නේ එරට ඉතිහාසය ද අලුත් කරමිනි.
ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආසියානු, ඉන්දියානු සම්භවයක් සහිත පළමු අග්‍රාමාත්‍යවරයා වනු ඇති. තවමත් 42 හැවිරිදි වියේ පසුවන සුනක් සියවස් දෙකකට පසු පත්වන බ්‍රිතාන්‍යයේ ලා බාලතම අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ අද(25) දිවුරුම් දෙනු ඇති බවය.
ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙක් ගේ සහාය පෙනී මෝර්ඩන්ට්ට ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇය නායකත්ව තරඟයෙන් ඉවත් වූ අතර, ඇය නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ සහයෝගය හිමිවී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
බොරිස් ජොන්සන්හට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ද රිෂි සුනාක්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය.
පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ඉන්දීය සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා වේ. ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...