දැඩි භීෂණකාරී වාතාවරණයක් මැද ජනාධිපති.පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා ඊයේ දිනයේ ඡන්ද විමසීම ඇරඹිනි. දූෂණය තුරන් කිරීමට පොරොන්දු දී ඇති මෙක්සිකෝ සිටි නගරයේ හිටපු පුරපති අන්ද්‍රේ මැනුවෙල් ලෝපාස් ඔබ්රඩෝර් ජනපති තරගයේ ඉදිරියෙන්ම සිටියි. ඔහු ජය ලැබුවොත් වසර සියයක පමණ කාලයක් මාරුවෙන් මාරුවට මෙක්සිකෝව පාලනය කළ පක්ෂ දෙකේ පාලනය නිමවනු ඇත. තම නමේ මුල් අකුරුවලට අනුව අම්ලෝ යන නාමයෙන් ජනප්‍රි ය ඔහු දූෂණය තුරන් කිරීම තම ඡන්ද ව්‍යාපාරයේ මූලික තේමාව කරගත් අතර රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් විසින් ඇතිකර තිබෙන දූෂණය තුරන් කොට වේතන හා විශ්‍රාම වැටුප් වැඩි කිරීමට පොරොන්දු දී තිබේ.
කෙසේවුවද මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු දශක ගණනාවක් මෙක්සිකෝවේ ඇති වූ දරුණුතම භීෂණකාරී සිදුවීම්වලින් අඳුරු පැහැ ගැන්විණි. වත්මන් ජනපති එන්රිකේ පිනා නියෙතොගේ රජය පෙරළා දැමීමට බහුතරයක් ජනතාව කැමැත්තෙන් සිටින බව එහි සිටින විදෙස් මාධ්‍යවේදීන් පවසති. මෙක්සිකෝවේ ආර්ථිකය කඩා වැටීම මෙන්ම දූෂණය හා අපරාධ ගැනද ඔවුහු අසහනයෙන් සිටින බව මෙම මාධ්‍යවේදීන්ගේ අදහසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...