දේශීය පුවත්

ඉන්දියාව පුරා ඊයේ(24) දීපවාලී උත්සව සැමරෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරු බව වාර්තා වේ.

එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” සිංහල ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණි.

මෙම උත්සවයේ දී  ඉන්දීය අගමැතිවරයා සදහන් කර ඇත්තේ, ඉන්දියාව යුද්ධය පළමු තෝරාගැනීම ලෙස නොසලකන බවත් අතීතයේ ශ්‍රී ලංකාව සමග යුද්ධයේ දී හෝ මහාභාරතයේ සදහන් කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී අවසන් මොහොත දක්වාම ඉන්දියානුවන් යුද නොකරන්නට උත්සාහ කළ බවයි.

ඉන්දියාව යුද්ධයට විරුද්ධ වුවද ශක්තිය නොපෙන්වා සාමය ළඟාකර නොහැකි බවද මෙහිදී ඔහු සදහන්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More