ඉන්දියාවේ කොයිම්බතුර් හි හින්දු කෝවිලක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පුපුරාගොස් තිබේ.
එම පිපිරීමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින් නම් පුද්ගලයා 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කර ඇත.
මෙහිදී පාස්කු දින ප්‍රහාරය හා සමාන ප්‍රහාරයකට මෙම සැකකරු සූදානම් වූවා දැයි දැඩි සැකයක් ඇති වී තිබෙන බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම ත්‍රස්ථවාදී ක්‍රියාවක්ද යන්න ගැනත්, කොයිම්බතුර් කෝවිල ඉලක්ක කර ප්‍රහාරයකට සූදානම් වූවා දැයි යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව කොයිම්බතුර් පොලිසිය සඳහන් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්න අමු ද්‍රව්‍ය සොයා ගත් බවද පොලිසිය පවසන අතර, ඔහු තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයේ දේශනවලට මුස්ලිම් පල්ලියකදී සහභාගී වී ඇති බවද හෙළිදරව් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු මේ වන විට කොයිම්බතුර් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අතර සිටින මොහොමඩ් අසරුදීන් නැමැත්තා ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇති අයෙක් බවත් අනාවරණය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...