පුරවැසි කොලම

අය වැය කතාවෙදි රනිල් වික්‍රමසිංහ කියනව 1991 එයා කර්මාන්ත ඇමති කාලෙ වියට්නාමෙ කර්මාන්ත ඇමති ඇවිත් ලංකාවෙ විවෘත ආර්ථිකය ගැන අහගෙන ගියාලු. 2021 අවසානෙ වියට්නාමයෙ ඇ.ඩො. බිලියන 109ක් විදේශ සංචිත ලු. ලංකාවට වෙලා තියෙන හරිය කියන්න ඕන නෑනෙ.

ලංකාවෙ ක්‍රමේ අහගෙන ගියා වගෙ කිව්වට ඇත්තටම වියට්නාමෙ කතාව ගොඩක් වෙනස්. සංචිත වේගෙන් වැඩිවුණේ 2016න් පස්සෙ. 91 අහං ගියපු මගුලකින් නෙමේ. Moody ට අනුව නම් ලංකාවෙ, ලාඕසයෙ rating පහල යද්දී වියට්නාමයෙ සංචිත ඉහළ ගියේ හොද මූල්‍ය ප්‍රතිපත්ති නිසාලු. IMF බල කරපු වෙනස්කම් ඒ පීඩනය දරාගෙන ඊට අවනත නොවී කටයුතු කරපු නිසාලු.

පහුගිය අවුරුදු ගානෙම කර්මික නිෂ්පාදන දර්ශකයෙ වර්ධනයෙ සාමන්‍ය වියට්නාමයෙ 8% ක්, ලංකාවෙ 1%. පණ්ඩිත කතා කිය කිය ඉන්නෙ නැතුව වියට්නාමෙ කර්මාන්ත ඇමති ආපු වෙලාවෙ කර්මාන්ත වර්ධනය ගැන පොඩ්ඩක් අහගත්ත නම් ලංකාවෙ කර්මාන්ත ඇමතිවරය විදියට?

ශ්‍රී ලංකාව අක්‍රිය ණය බුදු අම්මෝ කියල බැංකුවල කොටස් ටිකක් විකුණමු කියපු මෙතුමා දන්නව ඇති එයින් වැඩිහරිය රාජ්‍ය ව්‍යවසායන් ගෙ කියල. වියට්නාමයෙත් එහෙම තමයි අක්‍රිය ණය වලින් 60% රාජ්‍ය අංශයෙ. හැබැයි ඒ අය රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරනව කියන්නෙ විකුණල කොමිස් ගහන එකට නෙමේ. ඒ රටේ දැනුත් දළ දේශීය නිෂ්පාදනයෙන් සහ රාජ්‍ය ආදායමෙන් තුනෙන් පංගුවක් දෙන්නෙ රාජ්‍ය ව්‍යවසාය. එහෙත් මෙහෙ වගෙ උනාට නිවැරදි ප්‍රතිපත්තිය සහ පියවර නිසා ගොඩයනව නේද?

රනිල්තුමා අගමැතිවෙලා 2015 ඉඳල 2019 වෙනකම් රටේ විදේශ සංචිත වැඩිකළා. ඒ ඇ.ඩො.බිලියන 12කට වඩා ISB ණය විදියට. මේව තමා අද ගෙවාගන්න බැරිව ඉන්නෙ. දශක ගණනාවකට ලාභ උපයන්නට තිබ්බ හම්බන්තොට වරාය දීල තව බිලියනයක් වගෙ ඉතිරි කරගත්ත. මෙහෙම තමා අපි එදා සංචිත ඉහල දැම්මෙ. වියට්නාමයෙන් ඇවිල්ල අහං යන්න ඇත්තෙ “නොකළ යුත්තේ කෙසේද?” කියන එක වෙන්න පුළුවන් කියලත් හිතෙනව.

IMF ගැන කියපු නිසා කියන්න ඕන තව දෙයක්. ආණ්ඩුව අඹ ගහට පොලුගහනව වගේ ආර්ථිකය හසුරවල අපේ ගෙවල් වලටත් ගල් පොලු වැටෙන්න ගත්ත. ඒ පාර අපි කිව්ව IMF එකෙන් වත් කෙක්කක් හොයන් වරෙන් කියලා. අවුරුදු 4කට ඇ.ඩො. බිලියන 2.9 ක් කියන්නෙ හැඳි මිටකට බලට්ටක් ගැටගහල දීල එවල වගෙ වැඩක්. අපිත් බලං ඉන්නව ගෙනාපු කෙක්කෙන් අඹ කඩයි කියල, බෑ කියල දැන දැනම. කොයි දේවාලෙක ගිහිල්ල හරි අඹයක් කාල සතුටින් ඉන්නව නම් කමක් නෑ. මෙහෙ ඉන්නව නම් තේරුම් ගනිල්ල, අපිට කෙක්කක් දෙන්න එකෙක් නෑ, දැන් අපිම ගහට නගින්න ඕන කියල.

කපිල රේණුක පෙරේරා
2022.11.21



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More