දේශීය පුවත්

කටාර්හි පැවති පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී මොරොක්කෝ කණ්ඩායම බෙල්ජියම කණ්ඩායම ගෝල 2-0 පරාජය කිරීම හේතුවෙන් එරට පාපන්දු ලෝලීන් සමූහයක් කළහාකාරි ලෙස හැසිරී ඇති බව _දෙස් මාධ්‍යය වාර්තා කරයි. කළහකාරී පාපන්දු ලෝලීන් බෙල්ජියමේ කැරලි මර්දන පොලිස් නිලධාරීන් සමඟ ගැටීමත් සමඟ ඊයේ(28) බ්‍රසල්ස්, ඇන්ට්වර්ප්, ඇම්ස්ටර්ඩෑම් සහ රොටර්ඩෑම් ඇතුළු යුරෝපීය නගර කිහිපයක වීදි ප්‍රචණ්ඩ ක්‍රියා වලින් පිරී ගියේය.

ඒ එෆ් පී පුවත් සේවයට අනුව, මොරොක්කෝ  පාපන්දු ලෝලීන්  වෙළඳසැල්වලට පහර දෙමින් මෝටර් රථවලට ගිනි තබා ඇත. ඒ සමඟම බ්‍රසල්ස්හි කැරලි මර්ධන නිලධාරින් බලධාරීන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් දේපළ හානිය වලක්වා ගැනීමට උත්සහා කර ඇත.

කැරලි හේතුවෙන් ජනප්‍රිය නත්තල් වෙළඳපොලක් ඇතුළු නගර මධ්‍යයේ සමහර කොටස් මුද්‍රා තැබීමට බ්‍රසලස් කැරලි මර්දන පොලිසියට සිදු වූ අතර සමහර පොදු ප්‍රවාහන සේවා වසා දැමීමටද නියෝග කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More