යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය එල්ල වන බවට අස්ගිරි මල්වතු සංඝ සභා නිකුත් කළ ප්‍රකාශය සිදුකළේ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් වහන්සේලාගේ අනුදැනුම මත බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවායි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එලෙස පැවසුවේ ඊයේ (19දා) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකදීය.
යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු හිමිවරුන්ගෙන් වාර්තා ගත් බවට ලාල් විජේනායකයන් කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බවද උන්වහන්සේ පැවැසූහ. හැට දෙලක්ෂයක ඡන්දය පිළිබඳව උප්පැන්න සහතික ලියාදෙන බටහිරෙන් යැපෙන එන්.ජී.ඕ. කණ්ඩායමක් මෙරට සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. මහා සංඝරත්නයට විරුද්ධව ලියන, කාටූන් හදන පත්තරකාරයන් පිරිසක් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...