1920 පෙබරවාරි 13 දින දකුණු පළාතේ කතලූව නමැති ගම්මානයේ උපත ලද සේනක බිබිලේ අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.
බාල වියෙහිදීම සිය පියා මියයෑම හේතුවෙන් සේනක බිබිලේ ශිෂ්‍යාගේ ළමා කාලය රෝස මල් ඇතිරුවක් නොවිණි. එහෙත් ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ මෙම දරුවාට එදා තිබූ පරාර්ථකාමී සමාජය තුළින් උදව් උපකාර ලැබිණි.
ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක් ලෙස සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූයේ 1940 වර්ෂයේදී ය. 1945 වර්ෂයේදී සේනක බිබිලේ එම්. බී. බී. එස්. උපාධිය සමත් වූයේ ප්‍රථම පන්තියේ සමාර්ථයක් සහ ශුද්ධ වෛද්‍ය විද්‍යා විෂයට පිදෙන රන් පදක්කම සහ ශල්‍ය වෛද්‍ය විෂයට පිදෙන රොක්වුඞ් රන් පදක්කම යන රන් පදක්කම් දෙකම දිනා ගනිමිනි.
1947 වර්ෂයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු ආචාර්ය සේනක බිබිලේ 1952 වර්ෂයේදී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පී. එච්. ඞී. උපාධිය ලබා ගත්තේය. ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබුවේ මහාචාර්ය සේනක බිබිලේ ය.
වෛද්‍ය විද්‍යාවේ අග්‍රගණ්‍ය විශේෂඥයෙන් ලෙස මහාචාර්ය සේනක බිබිලේ කීර්තියක් ලැබුවේ ඔහු විසින් සිදු කළ පර්යේෂණ පදනම්ව සකස් කළ ශාස්ත්‍රීය ලිපි ලේඛණ හේතුවෙනි. අසාමාන්‍ය බුද්ධි මහිමයකින් යුක්ත වූ මහාචාර්ය සේනක බිබිලේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයට අමතරව මහත් වූ රුචියකින් යුක්තව අධ්‍යයනය කළ තවත් ක්ෂේත්රයක් විය. ඒ සමාජ සංවර්ධනය පිළිබඳ එකම විද්‍යාත්මක න්‍යාය වන මාක්ස්වාදයයි.
මහාචාර්ය බිබිලේ ඖෂධ ක්ෂේත්රයට සම්බන්ධ බහුජාතික සමාගම් හා ගැටුණේ ඔහුට ඒ සඳහා ඉඩ ලැබුණු මුල් අවස්ථාවේ සිටමය. සී විටමින් භාවිතයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වාගත හැකි බවට වන මතයක් බහුජාතික සමාගම් මගින් පතුරුවා හරිමින් පැවතිනි. මහාචාර්ය සේනක බිබිලේ එම මතය බිඳ හෙළීය. ඒ වෛද්‍ය ශිෂ්‍යයන්ට මිලි ග්‍රෑම් 500 සී විටමින් පෙති ලබා දීම මගින් කළ පරීක්ෂණයකිනි.
බී විටමින් සංකීර්ණයට අයත් පැන්ටොකිනික් අම්ලය මගින් අතේ පයේ ඇතිවන දැවිල්ල හොඳවෙන බවට ද මතයක් විය. මහාචාර්ය බිබිලේ පරීක්ෂණයක් මගින් එම මතය ද බිඳ හෙළීය. එවකට වෙළෙඳ නාමයන් යටතේ අලෙවි වූ ඖෂධ වර්ග සහ ඖෂධීය නාමයෙන් ඇති ඖෂධ වර්ග අතර මිලෙහි වෙනසක් මිස ඖෂධීය ගුණයෙහි වෙනසක් නොමැති බව ද ඔහු ඔප්පු කර පෙන්වීය. ඒ වන විට වෙළෙඳපොළෙහි ඖෂධ වර්ග දස දහස් ගණනක් තිබුණත්, ප්රශස්ත සෞඛ්‍ය සේවයක් සඳහා අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග 200 ක් පමණක් බව මහාචාර්ය සේනකයන් ලොවට ප්‍රකාශ කළේ 1959 වර්ෂය තරම් ඈත කාලයකදීය. මෙම හේතූන් නිසා ඖෂධ ජවාරම්කරුවෝ මහාචාර්ය සේනක බිබිලේ දුටුවේ පරම හතුරෙකු වශයෙනි.
1970 වසරේදී මහාචාර්ය බිබිලේට අනගි අවස්ථාවක් ලැබිණි. ඒ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජය බලයට පත්වීමත් සම`ගය. එම අවස්ථාව වූයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයන් සම`ග එක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ අනුව 1971 මාර්තු 23 දින දොස්තර වික්‍රමසිංහයන් සහ මහාචාර්ය සේනක බිබිලේ නව යෝජනා ඇතුළත් වාර්තාව රජයට ඉදිරිපත් කළහ.
1. ලංකාවට අනවශ්‍ය බේත් වර්ග ගෙන්වීම නතර කිරීම.
2. ඖෂධ සඳහා ඖෂධීය නාමය පමණක් යෙදීම.
3. ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම රජයට පවරා ගැනීම.
4. ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම.
5. ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ මහජනතාවට නිවැරැදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම.
6. ඖෂධ පිළිබඳ පේටන්ට් නීති සංශෝධනය කිරීම.
7. ඖෂධවල තත්ත්ව පාලනය සඳහා සූක්ෂම පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීම.
අන්තර් ජාලය ඇසුරෙනි
පහත ඡායාරූප වලින් සේනක බිබිලේ මහතාගේ නිවස, කුඩා කාලය සහ තරුණ කාලය දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...