Arimac කියන කොම්පැනියේ developer කෙනෙක් ලියුමක් ලියලා තියලා සියදිවි නසාගෙන. සංවේගයට පත් netizenලා ඒ සිද්ධිය ගැන කතා වුණේ දවසයි.
තණමල්විලෙන් කොළඹ ඇවිල්ලා මොරටු කැම්පස් එකෙන් උපාධිය ගත් මිනිහෙකුගේ ජීවිතය එහෙම අවසන් වෙනවා. අරගල කාලේ නම් ෂෙවෝන් ඩැනියෙල්ස් ඒ කොල්ලගේ මිනිය සිරසේ තියාගෙන දුවනවා.
ලියුමට වෙනස් කතාවක් තමයි Arimac නම් කියන්නේ. ඕවයේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න ලැබෙන එකක් නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ට ඒ වෙලාවට ට්‍රිගර් එකක් දෙන නිව්ස් කෑල්ලක් විතරයි අවශ්‍ය. නිව්ස් කිව්වට ඒවා ඇත්තටම ගොසිප්. ලංකාවේ මිනිස්සුන්ගේ මත්ද්‍රවය තමයි නිව්ස් කෑලි.
වට්සැප් එකට “ටින් ටින්” ගාලා පැයකට වරක් එන ක්ලික්බේට් ගොසිප්. අරගලය කාලේ විනාඩි පහෙන් පහට එව්වා. ගෙවල් ගිනි තියන කල් එව්වා.
ලංකාවේ software developerලාව ලෝකයේ brand කළේ “අඩු වියදම් ශ්‍රමිකයන්” විදිහටයි. ඒකට මූලික වුණේ SLASSCOM සහ ඔය අටවාගෙන ඉන්න කබල් software club සංගම්. Cheap Labour Destination එකක් විදිහට තමයි ලෝකයේ IT conferenceවල අපේ IT කොම්පැනි අයිතිකාරයො ලංකාව ස්ථානගත කළේ. ලංකාවේ සුපිරි Tech Leaders කියන උන් ඇත්තටම කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන එකයි.
ඒකෙන් ඇත්තටම වුණේ product innovation industry එකක් වෙන්න තිබුණ ලංකාවේ IT sector එක නිකම්ම නිකම් BPO industry එකකින් කෙළවර වීමයි. Arimac එකනම් කිසියම් නව්‍යකරණ නිෂ්පාදන හදනවා කියලා පම්පෝරියක් ගැහුවා. චීන රොබෝවෙකුට ලංකාවේ යක්ෂ වෙස්මූණක කන් දෙක දාලා හෙන සංදර්ශනයක් දැම්මා. ඒවට මොනවා වුණාද දන්නේ නැහැ. ඒකෙ ලොක්කා බොරු ෂෝ කාරයා.
ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට එහෙම ලොකු නව්‍යකරණ විභවයකුත් නැහැ. එහෙම තියෙනවා නම් electric supercar එකක් හදන්න කලින් මුලින්ම කරන්න ඕනා තමන්ගේ ආයතනය පුනර්ජනනීය බලශක්තියෙන් 100% ස්වයංපෝෂිත කරගෙන ඉන්න එකයි. ඒ වෙනුවට “electric” කාර් එක හදපු මිනිහත් ගිහිල්ලා “අපිට වැඩකරන්න electricity දීපියව්” කියලා ගෝල්ෆේස් එකේ අරගල කළා. ඒ තමයි ලාංකිකයන්ගේ නව්‍යකරණයේ සීමාව. සුපර්කාර් පදින්න ආණ්ඩුවෙන් කරන්ට් දෙන්න ඕනා.
දිවි නහගත්ත තරුණයට ගැටලුව වෙලා තිබෙන්නේ “වැඩ අධිකකම”. ඒක තමයි අර “ලාබ ශ්‍රම industry” එකක ස්වභාවය. ඇමරිකාවේ ඇපල් කොම්පැනිය තමන්ගේ අයිෆෝන් හදලා ගෙන්වා ගන්නේ චීනයෙන්. ඒකට හේතුව තමයි අඩු වියදම. වියදම අඩුවෙන්න ප්‍රධාන හේතුව තමයි ලාබ ශ්‍රමය. අඩු පඩියට උපරිම ශ්‍රමයක් හූරලා ගන්නවා. ඒ චීන factoryවලත් වැඩ අධිකකම නිසා සමහර ශ්‍රමිකයන් මැරිලා වැටෙනවා. ආතතිය නිසා දිවි නහගන්නවා. අරගලය කරපු කොළඹ ධනවතුන්ගේ බේබිලා ෆේස්බුක් ලයිව් ආවේ ඒ ඇපල් අයිෆෝන්වලින්.
ලංකාවේ ආර්ථිකය හදන හැටි අපට උගන්වන ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ සර් වැඩ කරන්නෙත් එවැනි ශ්‍රමය සූරාකන ව්‍යාපාරයකටයි. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන මහාපරිමාණ industry දෙකෙන් එකක්. සජිත් ප්‍රේමදාසගේ තාත්තා තමයි ඒ industry එක හැදුවේ.
දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ලංකාවේ මුල්ම උත්සාහය ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඇයට විරුද්ධව කැරලි ගැහුවේ රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ. දේශීය නිෂ්පාදන ආර්ථිකය හැදීගෙන එනකොටම ඒක කඩාකප්පල් කරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන. ඒක හරිම අපූරු පෑහීමක්!
විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න අයිෆෝන් එකක් ගන්න සිහිනය බොඳ වුණු, විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න පෙට්‍රල් වලින් දුවන්න කාර් එකක් ගන්න සිහිනය බොඳ වුණු ගොබ්බ තරුණ පරම්පරාවක් තමයි අරගලය කළේ. සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරලා “මේකද ජීවිතේ” කියලා අද තරුණයන්ට යටිගිරියෙන් විකුණන්නේ අර එදා ජේ ආර් විකුණපු ලිබරල් සිහිනයමයි. මරු නේද!
මේ “සිස්ටම් බුබුල” බිඳලා දැම්මේ ගෝඨාභයයි. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නැවත උත්සාහයක් ගත්තේ ඒ මනුස්සයයි. Tech Parks හතරක් පහක් ලංකාවේ තැන තැන හදමින් හිටියේ ඔය තරුණයන්ට ගිහිල්ලා නව්‍යකරණ නිෂ්පාදන හදන්නයි. නමුත් ඒ උත්සාහයත් නැවත බිඳ දැම්මේ ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමී දේශපාලන ව්‍යාපාර සහ ප්‍රේමදාසගේ පුතාණෝගේ සාදර දායකත්වයෙන්. පෑහීම!
පරණ ලිබරල් හණමිටි අයිස් සමාජගත කරන පැතුම් කර්නර්, රසික ජයකොඩි, ධනනාත් ප්‍රනාන්දු, රොහාන් සමරජීව වැනි ධනපති ඔඩොක්කුවේ කටුකන සුරතලුන්ට අහුවුණේ තණමල්විල කොල්ලෝ කෙල්ලෝ තමයි. අරගලය කියන්නේ මේ රටේ සියලු තරුණයන්ගේ දිවි නසාගැනීමක්. රනිල්ට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නිර්මාල් දේවසිරි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා දුන්න ටික ඇති. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2022 දෙසැම්බර් 6
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...