ලෝක ආර්ථික සංසදයේ (WEF) සභාපති කල්ව්ස් ස්වැබ් (Claus Schwab) සඳහන් කරන්නේ ආර්ථික අර්බුදය හමුවේ ණය උගුලක සිර වී සිටින රටවල් මෙතෙක් කාලයක් කළ නොහැකි යැයි පිළිගෙන තිබූ ප්‍රතිසංස්කරණ සියල්ල කිරීමට එකඟ වන බවය. ඔහු ඒ බව සඳහන් කරන්නේ කෝවිඩ් වසංගත තත්වය නිසා ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව ය. දරුණු ගෝලීය වසංගත තත්ත්වයක් නිසා ලෝක ප්‍රජාවට බරපතළ අර්බුද රාශියකට මුහුණ දීමට සිදුවන බව ඔවුන් විසින් එළිදරව් කරන්නේ 2019 දෙසැම්බර් මාසයේදී වෛරසය පළමු වරට හඳුනා ගැනීමට පෙරය. එනම් 2019 ඔක්තෝබර් 18 වැනිදාය. එදින “ඉවෙන්ට් 201” නමින් පැවැත්වූ පෙරහුරුවකදී වයිරසයක් මගින් ඇතිවිය හැකි බරපතළ වසංගත තත්වයකදී ගෝලීය මට්ටමින් ඊට මුහුණ දිය යුත්තේ කෙසේදැයි විද්වත් කතිකාවක් ආරම්භ කෙරිණි. එම අවස්ථාවට සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන් හොබ්කින්ස් මධ්‍යස්ථානය සහ ලෝක ආර්ථික සභාව මෙන්ම බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නියෝජනය කරමින් බලවත් පිරිසක් සහභාගී විය.
එම වැඩසටහනේ මූලික තේමාව වූයේ බරපතළ වසංගත තත්වයකින් පසුව සමාජයේ ඇතිවන බිඳ වැටීම් වලට මුහුණදීම සඳහා රාජ්‍යය – පුද්ගලික සහයෝගීතාව ගොඩනැගීම පිළිබඳව ය. ඉන්පසුව එම ක්‍රියාවලියේ දිගුවක් ලෙස 2020දී ඩාවෝස් නුවරදී රැස්වූ ලෝක ආර්ථික සංසදය “ලෝකය යළි පිහිටුවීම’ (The Great Reset) නමින් න්‍යායක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ තුළද ප්‍රධාන තේමාවක් වූයේ රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය යි. ඊට පෙර රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. වසරකට වරක් රැස් වන ලෝක ආර්ථික සංසදයට ලෝකයේ මහා සමාගම්වල බහුතර කොටස් හිමි බිලියනපතියන් සිය ගණනක් එකතුවේ. ඔවුන්ගේ මූලික න්‍යායාත්මක උභතෝකෝටිකය වී ඇත්තේ රාජ්‍යන්ට ඉහළින් ලෝකය පාලනය කිරීමේ බලය අත්පත් කරගැනීම ය. ඔවුන් විසින් ගොඩනගන සියලු න්‍යායන් වල අවසාන ඉලක්කය ගෝලීය සුපිරි ධනවතුන් විසින් පාලනය කරන ගෝලීය ආණ්ඩුවක් පිහිටුවීම ය. ඔවුන් විසින් ගෝලීය ආණ්ඩුකරණය ලෙස හඳුන්වන එම මූලික අරමුණ ඉටු කර ගනු ලබන්නේ ගෝලීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් (Global decision Making System) පිහිටු වීමෙනි.
ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන තේමාවක් වන “රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය” (Public Private Partnership) යනු එම තීන්දු ගැනීමේ යාන්ත්‍රණයට ලබාදෙන නාමකරණය බව ඉතා පැහැදිලිය. එහිදී ලෝකයේ රාජ්‍යයන් ගෝලීය සුපිරි ධනවතුන්ගේ පාලනයට යටත් කිරීම සිදුවන්නේ එම ලේබලය යටතේය. න්‍යායාත්මකව ඔවුන් විසින් එම පාලන ක්‍රමය හඳුන්වන්නේ ධනේශ්වර ක්‍රමයේ ඉහළ හෙවත් දියුණු අවස්ථාවක් ලෙසය. ඒ අනුව ඔවුහු එම පාලන තන්ත්‍රය ගෝලීය කොමියුනිස්ට් සමාජයක තත්වයට සමාන කරති. තවදුරටත් එම නව ගෝලීය පාලන ව්‍යුහය ඔවුන් විසින් විග්‍රහ කරනු ලබන්නේ කොටස් හිමියන් හෙවත් ප්‍රාග්ධන හිමියන්ගේ ධනේශ්වර පාලනය (Shareholders Capitalism) පාර්ශවකරුවන්ගේ ධනේශ්වර පාලනයක් (Stake holders Capitalisms) බවට පරිවර්තනය කිරීමක් ලෙසය.
ජාත්‍යන්තර ආධාර සංවිධාන ඡාලය
එම පාර්ශවකරුවන්ගෙන් සමන්විත ගෝලීය ධනේශ්වර පාලන තන්ත්‍රය තුළ රාජ්‍යක් යනු එක් පාර්ශවකරුවකු පමණි. සෙසු පාර්ශවකරුවන් වන්නේ රාජ්‍ය නොවන සංවිධාන, වෙනත් සිවිල් හෝ මහජන සංවිධාන, බිලියනපතියන් ගේ ව්‍යාපාරික සංසද සහ මහා සමාගම් විසින් මෙහෙයවනු ලබන ඊනියා විද්වත් සංවිධාන ආදියයි. එම පාලන ව්‍යුහය හැඳින්වෙන්නේ රාජ්‍ය පුද්ගලික සහයෝගිතාවයක් ලෙස වුවද සමස්තය තුළ රාජ්‍යයේ කොටස කුඩා වේ. මෙම පාර්ශවකරුවන්ගේ ආණ්ඩුකරණය සංකේතවත් කරන ප්‍රධාන ව්‍යුහයක් නිර්මාණය වන්නේ 2019 දී ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ඇති කරගත් සහයෝගීතා ගිවිසුම මගිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ජාතික මහා සමාගම් පිළිබඳ මධ්‍යස්ථානයේ (Centre For Transnational Co – operations) ප්‍රධානියකු වන හැරිස් ග්ලෙක්මන්ට අනුව එම ගිවිසුම මගින් මහා සමාගම් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විශේෂ ඉඩක් ලැබේ. ඔහුට අනුව ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල තීන්දු තීරණ ගන්නා එවැනි බහු පාර්ශවකරුවන්ගෙන් සමන්විත පාලන ව්‍යුහයන් 45කට අධික සංඛ්‍යාවක් දැනටමත් නිර්මාණය වී ඇත. ඒවා විසින් රාජ්‍යයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලින් මෙහෙයවනු ලබයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම අනු සංවිධාන සහ මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකව, පමණක් නොව ඇමෙරිකානු ආධාර සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර ආධාර සංවිධාන ඡාලයද යොදාගනු ලබයි.
එවැනි බහුපාර්ශවීය කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ මහා සමාගම් විසිනි. මෙම කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් පත් නොවන අතර මහජන වගවීමකට බැඳෙන්නෙ නැත. බොහෝ විට මෙම ව්‍යුහයන්ට පුද්ගලික මට්ටමින් මහා සමාගම් වලට හිතවාදී රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් බඳවා ගැනීම මගින් ඒවාට යම් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් ලබාදේ. මෙම බහුපාර්ශවීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනු සංවිධානවල තීන්දුවලට ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබයි. එවැනි අනු සංවිධානවල ප්‍රතිපත්ති පමණක් නොව මෙහෙයුම් ක්‍රියාවලියට අදාලව මෙම ඊනියා බහු පාර්ශවීය යාන්ත්‍රණ මගින් ප්‍රබල බලපෑමක් සිදුවන බව රහසක් නොවේ.විශේෂයෙන්ම පරිසරය, ආහාර, ඖෂධ මෙන්ම ගෝලීය වසංගත තත්වයන් හිදී භාවිතා වන එන්නත් නිපදවීම සහ බෙදාහැරීම ආදී ක්ෂේත්‍ර වල මෙම බලපෑම් බරපතළ ලෙස දැක ගත හැක. එම ක්‍රියාවලිය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම අනු සංවිධාන තුළ ඊට අදාළ ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථා ලබා ගන්නා මහා සමාගම් වල න්‍යායපත්‍ර ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි.
පසුගිය 2021 ආහාර පද්ධති පිළිබඳ ලෝක සමුළුවේදී (FSS) ඉහත සඳහන් කළ බහුපාර්ශවීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් විසින් ප්‍රධාන භූමිකාව ඉටු කරනු ලැබීය. එම සමුළුවේදී ප්‍රධාන භූමිකාව අත්පත් කරගත යුතු බවට 2019 දී ලෝක ආර්ථික සංසදය විසින් සංකල්ප පත්‍රිකාවක් නිකුත් කරනු ලැබීය. ලෝකයේ සමස්තයක් ලෙස නිෂ්පාදනය කෙරෙන ආහාර තොගය ලෝක ප්‍රජාව ගේ ආහාර සුරක්ෂිතතාවය පරිපූර්ණ කිරීමට සෑහෙන මට්ටමක පැවතියද සමුළුවේදී පිළිගනු ලබන්නේ බිලියන 3.9 ක් එනම් ලෝක ජනගහනයෙන් අඩක් බඩගින්න සහ මන්දපෝෂණය නිසා පීඩා විඳින බව ය. නමුත් මහා ආහාර සමාගම්වල ආධිපත්‍ය වෙනස් කිරීම සඳහා එම සමුළු වලින් තීන්දු තීරණ එළිදක්වන්නේ නැත. එම තත්ත්වය ඇතිවන්නේ 2016 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ‘සැමට පෝෂණය සඳහා ප්‍රතිපත්තිමය තීන්දු“ යන තේමාව යටතේ දසවසරක් ප්‍රකාශයට පත්කර තිබියදී ය. එම යෝජනාවට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු වල තරම වසර 5කට පසුව අදාල දත්ත වලින් පැහැදිලි වේ. මහා සමාගම් විසින් බීජ සහ කෘෂි රසායනික යොදා ගනිමින් ලෝකයේ රටවල නිෂ්පාදන පද්ධති පරාධීන කිරීම සහ දුර්වල කිරීමට එරෙහිව එම සමුළුවේදී යෝජනා සම්මත වන්නේ නැත. මහා සමාගම් විසින් කුඩා ඉඩම් හිමියන්ගේ ගොවි බිම් අත්පත් කර ගැනීමට එරෙහිව යෝජනා ඉදිරිපත් වන්නේ නැත. ඒ කුමක් නිසාදැයි කිසිවෙකු විසින් ප්‍රශ්න කරන්නේද නැත.
“ජෑම්’ වී ඇති ගෝලීය පද්ධතිය “රිසෙට්” කිරීම
ඒ ආකාරයට ගෝලීය තීන්දු ගැනීමේ යාන්ත්‍රණ අත්පත් කරගනිමින් ගෝලීය ආණ්ඩුකරණය ලෝකයේ බිලියනපතියන් අතට ගැනීමේ ක්‍රියාවලිය මහා පිම්මකින් ඉදිරියට පනින්නේ කෝවිඩ් වසංගත තත්වයත් සමග ය. එම ආපදාව සමග ආර්ථික කඩා වැටීමට ලක් වන රටවලට ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත් වීමට සිදු වේ. ඉහත පළමුවෙන් සඳහන් කළ ආකාරයට ලෝක ආර්ථික සංසදයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු වන බිල් ගේට්ස් බිලියනපතියා කෝවිඩ් වසංගතය සැබෑ ලෙසම ආරම්භවීමට පෙර දරුණු වසන්තයක දී රාජ්‍ය පුද්ගලික සහයෝගීතාවය කෙසේ විය යුතුද යන්න පිළිබඳව පෙරහුරු පැවැත්වීම සැකයට තුඩු දෙන කරුණකි. බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කොවිඩ් වෛරස පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන්නේ 2002 පමණ කාලයේ සිට ය. එනම් 2003 දී “සාර්ස්” (SARS) වසංගතය සහ 2012 දී “මර්ස්” (MERS) වසංගතය පැතිරීමට බොහෝ කලකට පෙරය. කොවිඩ් 19 වසංගතය චීනයේ වුහාන් නගරයේ දී සොයා ගැනීමට මාස කිහිපයකට පෙර ඇමරිකාවේ හමුදා කඳවුරක සෙබළුන් කිහිප දෙනෙකු අතුරින් හඳුනා ගත් බවට යම් විද්වතුන් විසින් සාක්ෂි ඉදිරිපත් කරන්නේ එවැනි තත්ත්වයක් තුළ ය. ඒ සමස්ත පින්තූරය සැලකිල්ලට ගැනීමේදී බිලියනපතියන් ගේ ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය හමුවේ ලෝක ප්‍රජාව දන ගැස්සවීම සඳහා කෝවිඩ් වසංගතය නිර්මාණය කළ බවට එල්ල වන චෝදනා සාධාරණීකරණය වේ.
ඊට අමතරව කෝවිඩ් වසංගතය ලෝක ආර්ථික සංසදය විසින් අපේක්ෂා කළ තත්ත්වයක් බව 2020 සමුළුවේදී සම්මත කළ “ද ග්‍රේට් රිසේට්” (The Great Reset) හෙවත් ලෝකය නැවත පිහිටුවීමේ මහා මෙහෙයුම යන සංකල්ප පත්‍රිකාව මගින් පැහැදිලි වේ. ඒ මගින් කියවෙන්නේ කෝවිඩ් වසංගතය නිසා බිඳ වැටී ඇති ගෝලීය ආර්ථිකය බිලියනපතියන් ගේ ඊනියා ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලිය මගින් නැවත පිහිටුවිය යුතු බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙපයින් සිට ඇද වැටුනු එකා ඔලුවෙන් සිටවිය යුතු බවය. නමුත් ඒ ආකාරයට “ජෑම්’ වී ඇති ගෝලීය පද්ධතිය “රිසෙට්” කිරීම සඳහා අවස්ථාවක් සහ සාධාරණීකරණය අවශ්‍ය වේ. මේ වන විට යුක්රේන අර්බුදය හරහා පැන නැගී ඇති ගෝලීය යුදමය තත්ත්වය ඒ සඳහා භාවිතා කරන බවට බොහෝ විද්වතුන් සැක පළ කරති. විශේෂයෙන්ම රුසියාව ප්‍රකෝප කිරීම සහ යුරෝපයේ ආර්ථිකය බිඳ වැට්ටවීම මගින් මහජන කැළඹීම් ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම උපායමාර්ගය හෙළිදරව්වේ. ක්‍රිමියාවේ පාලමක් පුපුරවා හැරීම සහ රුසියාවේ සිට යුරෝපයට ගෑස් සහ තෙල් සපයනු ලබන නල පද්ධතියට හානි සිදු කිරීම ආදී කඩාකප්පල්කාරී ක්‍රියාවලියට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ සාමාජිකයන්ගේ ආශිර්වාදය ලැබී ඇති බව දැන් හෙළිදරව් වී ඇත. ඊට අමතරව රුසියාවට දිගින් දිගටම සම්බාධක පැනවීම සහ නේටෝ රටවල් විසින් යුක්රේනයට ආයුධ සහ මූල්‍යමය සහාය ලබාදීම මගින් තත්ත්වය තවදුරටත් වර්ධනය කෙරෙන බව ඉතා පැහැදිලිය. නේටෝවේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ආයුද සැපයීම ඇතුළු යුද්ධයකදී කොන්ත්‍රාත් ලබාගන්නා මහා සමාගම් විසින් සිදුකරන බලපෑම ලෝකයට රහසක් නොවේ.
ගෝලීය බිලියනපතියන් ගේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ඔවුන් විසින් මෙහෙයවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගැස්සවීම මෙන්ම මහා යුරෝපයේ ආර්ථිකය කඩා වැට්ටවීම එකසේ වැදගත් වේ. ඊනියා ‘රිසෙට්’ කිරීම සඳහා සමස්ත ලෝකයම ‘ජෑම්’ කළ යුතුය. යුක්රේන – රුසියා යුද්ධය ඇවිලවීම ඒ සඳහා වන හොඳම අවස්ථාව බව වටහා ගැනීම අමාරු නැත. නමුත් රුසියාව මෙන්ම චීනය ද ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන බවට විවාදයක් නැත. එසේ වුවත් රුසියාවේ තාක්ෂණිකව ගිනි බලය (Fire Power) නේටෝවේ බලයට වඩා දියුණු තත්වයක පවතින නිසා නේටෝවට මානසික බාධක පැමිණවීමේ හැකියාවක් ඇත. එසේම රුසියාවේ පාලකයන්ගේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ රුසියානුවන්ට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවට වගවීම යන සංකල්පයට ගරු කරන බවද සත්‍යයකි. නමුත් කුමන හෝ වරදක් සිදු වීම මගින් සමස්ත ලෝකය නැවත පිහිටුවීමේ තත්වය නිර්මාණය වේ.
සකර්බර්ග්ගේ සමාජජාලා අධිරාජ්‍ය
එසේ ගෝලීය බිලියනපතියන් විසින් නිර්මාණය කරනු ලබන ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතිය තුළ ආහාර, දත්ත, තොරතුරු සහ දැනුම ට අදාළ ඒකාධිකාරියක් නිර්මාණය වන බවට බොහෝ විද්වත්හු අදහස් පළ කරති. ආචාර්ය වන්දනා ශිවා මැතිනියට අනුව බිලියන පතිනියන් ගේ අධිරාජ්‍ය ඩිජිටල් අධිරාජ්‍යයක් හෙවත් තාක්ෂණය මගින් මෙහෙයවනු ලබන්නකි. තාක්ෂණයට අදාල ආධිපත්‍ය බුද්ධිමය දේපල නීතිය මගින් මෙන්ම තාක්ෂණය අත්පත්කර ගැනීම ප්‍රාග්ධන බලය මගින් තහවුරු කෙරෙන්නකි. ආහාර වෙළඳපළ ආධිපත්‍යය බීජ ආශ්‍රිත ජාන විකෘති කිරීමේ තාක්ෂණය මගින් සහ ඊට අදාළ නව කෘෂිරසායනික මගින් තහවුරු වේ. ඊට අමතරව මහා පරිමාණ සත්ව ප්‍රෝටීන නිෂ්පාදන ක්‍රියාවලිය කර්මාන්ත ශාලා බවට පත් කෙරෙන ජෛව රසායනික පර්යේෂණාගාර මගින් සිදු කළ හැක.
එසේම ගෝලීයව මහා පරිමාණයෙන් එන්නත් වෙළඳපොළක් නිර්මාණය කිරීම යනු කොවිඩ් වැනි වෛරස වසංගතයක් නිර්මාණය කිරීම වැනි සුළු දෙයකි. එහෙත් මීට දශක 3-4 කට පෙර දක්නට ලැබුණ වෛරස ප්‍රචලිත කිරීම මගින් එන්නත් වෙළඳපොළක් නිර්මාණය කිරීම යන චෝදනා අද වලංගුනොවේ. අද සමස්ත ලෝකය දන ගැස්සවීම නැමති උපාය මාර්ගයට අනුව ගත්විට එන්නත් වෙළඳපල යනු සුළු දෙයකි. කෙසේවෙතත් ගෝලීය තීන්දු ගැනීමේ පද්ධතිය තුළ පර්යේෂණ හැකියාව සහ ප්‍රාග්ධන බලය මගින් සමස්ත ඖෂධ වෙළඳපල අත්පත් කර ගැනීම යනු කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. වන්දනා ශිවාට අනුව බිල්ගේට්ස්ගේ ඩිජිටල් අධිරාජ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික වහලා නිර්මාණය කරනු ලබන්නේ සකර්බර්ග්ගේ සමාජජාලා අධිරාජ්‍ය මගිනි. අද වන විට රාජ්‍යයන් මෙහෙයවනු ලබන දේශපාලකයින් සහ නිලධාරීන් අතිබහුතරයක් සකර්බර්ග්ගේ මානසික වහලුන් බවට පත්වීම තුළ බිල්ගේට්ස්ගේ මෙහෙයුම පහසුවී ඇත.
කෙසේ වෙතත් මෙම නූතන ඩිජිටල් ඩිජිටල් අධිරාජ්‍ය තුළ පැරණි වැඩවසම් යුගයේ පැවති යටත්විජිත පාලන ක්‍රමවේද යොදා ගැනීම සුවිශේෂී තත්ත්වයකි. කුඩා ගොවීන්ගේ ගොවිබිම කොල්ලකෑම මගින් මහා ඉඩම් නිර්මාණය කිරීමේ උපාය මාර්ගය ඩිජිටල් අධිරාජ්‍යය තුළ ද තවදුරටත් වලංගු වේ. ඒ අනුව ගෝලීය අධිරාජ්‍යයේ මෙම ස්වරූපය තුළින් පෙන්වන්නේ එය අතීත යටත්විජිත පාලනයට වඩා මානව වර්ගයා භෞතිකව සහ මානසිකව වහලුන් බවට පත් කරන පාලන තන්ත්‍රයක් විය හැකි බව නොවේද. මේ වන විට බිල් ගේට්ස් විසින් ඇමරිකාවේ ගොවි බිම් අක්කර ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති අතර බිලියනපතියන් විසින් සමස්තයක් ලෙස ගොවිබිම් වලින් 27%ක් අත්පත් කරගෙන ඇත. පසුගිය කාලයේ දී ඉන්දියාව නෙදර්ලන්තය වැනි රටවල එසේ ගොවිබිම් ඒකරාශී කොට අත්පත් කර ගැනීම සඳහා නීති සම්මත කරනු ලැබීය. ශ්‍රී ලංකාව මත පැටවීමට උත්සාහ කළ එම්.සී.සී. ගිවිසුම එවැනි නීති සම්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අත ඇඹරීමේ උපාංගයකි. ඒ අනුව ලෝකය පුරා එසේ අත්පත් කරගන්නා දේපල කුමන ජාතියකට අයත් බිලියනපතියෙකු අතට ගිය ද ගැටලුවක් පැනනගින්නේ නැත. එම න්‍යාය අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් ලෙස පැවතීම ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතීමට වඩා ගෝලීය ආණ්ඩුකරණයට අනුකූල වේ. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදය භාවිතා කරමින් දියත් වන ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමේ මෙහෙයුම ගෝලීය ආණ්ඩුකරණයේ එක් ව්‍යාපෘතියක් බව අප වටහා ගත යුතුය.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...