දේශීය පුවත්

අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව අඩාල වුවහොත් එය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දැඩි පියවර වුව ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පවසන ලද්දේ අද (20) පාර්ලිමේන්තුවේ දී කළ දුම්රිය වැඩවර්ජනය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමකදීය.

අද (20) දුම්රිය වර්ජනයට හේතු වී ඇත්තේ වැටුප් ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ආදාල ආයතන හා එක්ව අප විධිමත් ලෙස කටයුතු ‍කොට තිබෙනවා. මේ වර්ජනය සිදුකරන්නේ අපි එවැනි විධිමත් ක්‍රියා මාර්ග ගෙන ඇති පසුබිමකයි. කෙසේ හෝ මෙවැනි වැඩවර්ජන මගින් ජනතාව දැඩි පීඩාවකට පත්වීම වලක්වන්න බැහැ. එනිසා මගී ජනතාව පීඩාවට පත් නොකොට සේවයට වාර්තා කරන මෙන් අප දුම්රිය වෘත්තීය සමිති වලින් කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ නොකළ හොත් අඛණ්ඩ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා. අමාත්‍යවරයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More