2023 වර්ෂය උදාවන්නේ යුක්රේනයේ ගැටුමට අමෙරිකාව ප්රමුඛ බටහිර ජාතීන් විශාල වශයෙන් මුදල් පොම්ප කරමින්ය. මෙම දැවැන්ත මුදල් කන්දරාව යුද අවි මිලදී ගැනීම වෙනුවෙන් වෙන්ව තිබෙන බව ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. යුක්රේනයේ ගැටුම එමගින් රුසියානු ආර්ථිකයට වන බලපෑම සහ ලෝක සාමයට එහි බලපෑම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් විමසනු ලැබුවා. ඔහු දැක්වූ අදහස් සම්පින්ඩනය පහත පරිදි වේ.
” රුසියාව යුක්රේනයේ කරනු ලබන්නේ මානුෂික යුද මෙහෙයුමක්. එය හරියටම ශ්‍රී ලංකා හමුදාව දෙමළ කොටි ත්‍රස්ථයන්ගෙන් උතුරු සහ නැගෙනහිර ජනතාව බේරා ගැනීමට කළ මෙහෙයුමට සමානයි. අමෙරිකාව තමන්ගේ 2023 අය වැයෙන් ඩොලර් ට්‍රිලියන 1.7ක් පමණම විදෙස් රටවල යුද සහ මානසික මෙහෙයුම් සඳහා වෙන් කර තිබෙනවා. එයින් යුක්රේනයට පමණක් ඩොලර් බිලියන 60කට ආසන්න මුදලක් වෙන් කර තිබෙනවා. ගනනින් මෙය ලොකු අගයක් වුනාට මෙම මුදලින් ලොකු ප්‍රතිශතයක් ආපහු අමෙරිකාව තුලටම එනවා. මොකද එම මුදල් ලබාදෙන්නේ යුද අවි මිලදී ගැනීමට මිස යුක්රේන ජනතා සුභ සිද්ධියට නොවෙයි. එයිනුත් වැඩි ප්‍රතිශතයක් කොමිස් විදියට ගජ මිතුරන්ගේ සාක්කු වලටම යනවා. අනිත් අතට යුක්රේනයේ නව නාසි ප්රවනතාවයන් ශක්තිමත් කිරීමට අමෙරිකාව ආයෝජනය කර ඇති ප්‍රමාණය හා සැසදීමේදී මේ ගනන ඉතාම සුළු මුදලක්. 80 දශකයේ සිට 2014 දක්වා යුක්රේනය තුල ජාති වාදී හැඟීම් අවුලුවා ලීමට ඩොලර් බිලියන 6ක් වියදම් කළ බව අමෙරිකා එක්සත් සෙනට් සභිකයෙකු වන ජෝන් මැකේන් සෙනෙට් සභාවේදී අදහස් දක්වමින් පැවසුවා. තවත් විදියකින් කිවහොත්, කුමන හෝ විදියකින් යුක්රේන යුද්දය නැවතුන හොත් යුක්රේනයේ යටිතල පහසුකම් ගොඩනැගීමට යුද ආධාර ලෙස අමෙරිකානු අය වැයෙන් යුක්රේනයට වෙන් කළ මුදල වගේ සිය ගුණයක් වෙන් කිරීමට අමෙරිකාවට සිදු වෙනවා. ඒ අනුව යුක්රේනයට යුද්දය පවත්වා ගෙන යාමට මුදල් පොම්ප කිරීම අමෙරිකාවට ලාභ දායකයි. අමෙරිකාව අමාරුවෙ දාන්නේ යුක්රේනය විතරක් නොවෙයි. යුක්රේනයේ ජනාධිපති වූ ප්‍රහසන නළුවා භාවිතා කරමින් සමස්ත යුරෝපයම අමරුවේ දමා අවසන්. මේ වන විට අමෙරිකාවේ කීම අසා යුරෝපය රුසියාවේ ඛනිජ තෙල් වලට පැනවූ මිල සීමාව හේතුවෙන් යුරෝපයම අමාරුවේ වැටිලයි තියෙන්නේ. රුසියාවට පැනවූ එම මිල සීමාව වැඩි ලාභයක් ගෙන දීමට හේතු වෙල තිබෙනවා. රුසියාවට බොරතෙල් බැරලයක් ඩොලර් 73 බැගින් දිනකට බැරල් මිලියන 7ක යුරෝපා වෙළෙඳ පොළ අහිමි වුනාට බැරලයක් ඩොලර් 85.43 කට දිනකට බොරතෙල් බැරල් මිලියන 6ක් ආසියාව ඇතුළු වෙනත් වෙළෙඳ පොලවල් කරා රුසියාව බොර තෙල් විකුනනවා.
පසුගිය සැප්තැම්බර් 30 වනදා පුටින් කළ ඓතිහාසික කතාවෙ දී බොහොම පැහැදිලිව කිව්වා අමෙරිකාව ආර්ථික වශයෙන් අවපාතයට යන සෑම අවස්ථාවකම ලෝකය යුද්ද වලට ඇද දමන බව. අමෙරිකාව ඒ අනුව යුක්රේනය සහ තායිවානය තෝරා ගෙන තිබෙනවා. නමුත් පුටින් ඉතා ගැඹුරු දැක්මක් සහිතව සිටිනවා යුරෝපයත් අමෙරිකානු දඬු අඬුවෙන් බේරා ගත යුතු බවට. අනිත් අතට යුරෝපය රුසියාවට සම්බාධක පැනවීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය බරපතල අගාධයකට දක්කමින් සිටිනවා. මේ වන විට ගනන් බලා තිබෙන්නේ බ්‍රිතාන්‍යය නැවත වතාවක් යුරෝපා සංගමයට එකතු වනු ඇතැයි කියායි. මෙය යුරෝපා සංගමය තව තවත් අර්බූදය කැඳවා ගෙන යාමට හේතු වනු ඇති. අනිත් අතට රුසියාව සහ චීනය තම ජාත්‍යන්තර වගකීම මනාව තේරුම් ගෙන තිබෙනවා. ඔවුන් ඉතා අවංකවම සන්ධානගත වී තිබෙනවා. මෙය ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යය කාරණයක්. ඒ අනුව 2023 අධි රාජ්‍යය විරෝධී කඳවුරේ ජයග්රහනයන් එක පිට එක සනිටුහන් කරන වසරක් වෙනවා නොඅනුමානයි.”
ලංකා ලීඩ් වෙබ් අඩවිය, රුසියානු – යුක්රේන යුද්දයේදී ජයග්‍රාහී ඉදිරි පියවරක සිටින බවට කරන විග්‍රහය ගෝලීය ආර්ථිකය තුළ දැවැන්තයෙකු වී සිටින අමෙරිකාවත් එවැනිම ශාක්‍යතාවයක් තිබෙන යුරෝපයේ ආර්ථිකය නොසලකා හරිමින් කරනු ලබන පක්ෂග්රාහී විග්‍රහයක් දැයි අප ඇසූ පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා;
“21 වන ශතවර්ෂයේ දෙවන දශකය අවසානයේ, සමස්ත නාමික දළ නිෂ්පාදිතය අනුව, ආසියානු මෙගා කලාපය උතුරු ඇමරිකාව සහ යුරෝපීය සංගමය යන කළාප දෙකෙහිම ආර්ථිකයන් අභිබවා ගියා. ඒ අනුව පෘථිවියේ ආර්ථික “ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානය” නැවතත් ආසියාවට මාරු වූවා. එය සියවස් ගණනාවකට පෙර ලෝකය පැවැති තත්වයට නැවත ළඟ වීමක් ලෙසයි ඉතිහාසඥයන් සලකන්නේ. කාර්මික විභවයන්, ප්රාග්ධනය, සම්පත් සහ නිපුණතා ඒකාරාශී කර ගෙන ඇති චීනය ගෝලීයකරණයේ නව ප්‍රතිලාභියා බවට පත්ව තිබෙනවා. ඉන්දියාව ලෝක ආර්ථිකයේ වර්ධනය සඳහා බලපෑම් කරන ප්‍රබල දුම්රිය එන්ජිමක් බවට පත්ව තිබෙනවා. අත්ලාන්තික් සාගරය, ගෝලීය ආර්ථිකය තුළ හිමි කර ගෙන තිබූ ආධිපත්‍යය ක්‍රමයෙන් අහිමි කරගෙන සිටින අතර වුන් සතුව ලෝක දේශපාලනය තුල තිබූ බර සහ නීත්‍යානුකූලභාවය වේගයෙන් හීන වෙමින් යනවා.
ඒ අතරම, සුපිරි ගෝලීය ධනපතික්රමයේ ආර්ථික වර්ධනය නිමක් නැති ණය කන්දරාවක හිරවී තිබෙනවා. එපමනක් නොවෙයි දිනෙන් දින වර්ධනය වන ණය පොලී අනුපාත සහ ඩොලරය කේන්ද්‍ර කරගත් මූල්‍ය පද්ධතිය, විශාල වෙළඳ හිඟයක් සහිත එක්සත් ජනපද ආර්ථිකය ගෝලීය සුපිරි ධනවාදයේ ආකෘතියේ සීමාවන්ට පැමිණ තිබෙන බව සනිටුහන් කරනවා. ජාතික රාජ්‍යවල මහා බැංකු විසින් සුපිරි මෘදු මූල්‍ය ප්‍රතිපත්ති කොන්දේසි යටතේ කළ දැවැන්ත රාජ්‍ය හා පෞද්ගලික ණය ගැනීම් මගින් ජාතික ආර්ථිකයන් වසර ගනනාවක් නොනැසී පැවත්වා ගැනීමට සමත් වුනා. නමුත් දැන් මේ සියල්ල “ලාභ මුදල් යුගයේ” අවසානයත් සමඟ ක්‍රමයෙන් අතීතයට අයත් ප්රපංචයක් බවට පත්වෙමින් තිබෙනවා.
ලෝකයේ ප්රමුඛ රාජ්‍යවල මහ බැංකු විසින් වගකීම් විරහිතව මුදල් නිකුත් කිරීම සහ ගෝලීය වශයෙන් සාර්ථකව ක්‍රියාත්මක් වූ පාරිභෝගික භාන්ඩ-නිෂ්පාදන දාමයන් විනාශ කිරීම හේතුවෙන් සෑම තැනකම වර්ධනය වන උද්ධමනය, ගෝලීය සුපිරි ධනවාදී ආර්ථිකයේ ව්‍යුහයේ ආරම්භක අවධියේ සිදුවන අර්බුදයේ එක් ලක්ෂණයක් බවට පත්ව තිබෙනවා. ගෝලීයකරණය සහ දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ ජගත් ආර්ථික පද්ධතිය විනාශ කිරීමේ තවත් වැදගත් සාධකයක් වන්නේ සම්පත් සඳහා ප්රමුඛ බලවතුන්ගේ සහ ගෝලීය බහු ජාතික සමාගම් කාටල අතර පැන නැගුණු අධි තරඟයයි.
කෙසේ වුවද රුසියාවේ ආර්ථිකය බටහිර රටවල් අපේක්ෂා කළ මට්ටමට වඩා හොඳ මට්ටමක පවතින බව ජගත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා
රුසියාව, අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ප්රමුඛ සමාගම් ජාලය විසින් දැඩි ආර්ථික සම්බාධක පනවා තිබියදීත් වාර්තාගත ඩොලර් බිලියන 220 ක ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇති අතර එය වසරකට පෙර පැවති මුදල මෙන් දෙගුණයක ට සමානයි. මෙය තව දුරටත් සම්බාධක වලින් රුසියාවේ ගෙල සිර කිරීමට නොහැකි බව රුසෝෆෝභියාවෙන් පෙලෙන සියලු පාර්ශවයන්ට පසක් කර සිටිනවා.”
සංවාද සටහන ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...