පුරවැසි කොලම

චීන මහජන සමූහ ආණ්ඩුවෙන් ගෙන ඇති කෝවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ නවතම ක්‍රමවේද හේතුවෙන් චීන ජන ජීවිතය යථා තත්වයට පත්වෙමින් ස්ංචරණයද යථා තත්වයට පත්ව ඇති බව චීනයෙන් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. කෙසේ වෙතත්, සමහර බටහිර මාධ්‍ය සැබෑ කරුණු නොසලකා හරිමින්, ඒ වෙනුවට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමට කටයුතු කරමින් සිටින අතර අසත්‍ය තොරතුරු පතුරුවා හරිති. එමගින් චීනය කෝවිඩ් වසංගත සටනට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග වලට එරෙහිව අභූත චෝදනා කරන බව දක්නට ලැබේ. ඒ මගින් චීන මහජනයා ව්‍යාකූල කිරීමටත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ලෝක ජනයා නොමඟ යැවීමටද කටයුතු කරන බවද නිරීක්ෂණය වන බව විදෙස් විත්ති විචාරකයන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත්, සත්‍ය කරුණු සහ දත්ත පරිශීලනය කිරීමෙන් ලෝක පරිමානව පතුරුවා ඇති අසත්‍යය කරුණු හෙලිදරව් වේ. ඔවුන් පතුරුවා හරින ප්‍රවාද වල හය වැදෑරුම් දෝශ දක්නට හැකිය. ඒවා නම්,

පළමුවන දෝෂය: චීනය ඉදිරිපත් කර ඇති “නව කෝවිඩ් වෛරස මර්ධන ප්‍රතිපත්තිය අවුල් ජාලයක් ගෙන එයි”

මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පරිශීලකයෙකයන් දක්වා තිබූ අදහස් වලින් විද්‍යාමාන වන සැබෑ තත්ත්වය නම් , ෂාන්ක්සි පළාතේ ක්සියාන් හි වාණිජ වීදියක “Grand Tang Dynasty Ever Bright City” නම් නිවාස සංකීර්ණය ආශ්‍රිත සියලු අතුරු මාවත් ජනයාගෙන් පිරී තිබුණි. එලෙසම ඔවුනට අනුව හෙබේ පළාතේ ෂිජිඅශුවාන්ග් පළාතේ වුහාන් ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බැලූන් මුදා හරිමින් සතුටු වී ඇත. මේ අතර හුනන් පළාතේ ක්සිඅන්ග්ටන්හි ප්‍රදේශවාසීන් අලුත් අවුරුදු උත්සවය අතරතුර ගිනිකෙළි සංදර්ශනයක් පවා සංවිධානය කර තිබුණි. “කලකට පසුව ,බොහෝ දෙනා එකට අලුත් අවුරුද්ද සමරන ආකාරය දැකීමෙන්, මගේ දෙනෙතට කඳුළක් නැගුණි.” සමාජ ජාලා පරිශීලකයෙකු ලියා තබා තිබේ.

අලුත් අවුරුදු නිවාඩුව තුළ චීන වැසියන් මිලියන 50 කට වැඩි පිරිසක් අභ්‍යන්තර සංචාර සඳහා සහභාගි වී සිටියහ.නව වර්ෂය ආරම්භ වූ ජනවාරි 1 වැනිදා, රට පුරා සිනමා ශාලා 10,640ක් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව තිබුණු අතර එය මාස 10කට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගයයි. බොහෝ චීන ජාතිකයන් තම ඥාතීන්ගේ සුව දුක් විචාලීම සඳහා හෝ එළඹෙන වසන්ත උත්සවය සැමරීම සඳහා නැවත තම ගම්බිම් බලා යාමට සැලසුම් කරති.මේ වන විට අභ්‍යන්තර ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම් සහ හෝටල් වෙන්කරවා ගැනීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මීට සමන්න්තරව චීනයේ නගර වල රථවාහන තදබදය වැඩි වෙමින් පවතී. කර්මාන්තශාලා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර නව ව්‍යාපෘති ඉදිකිරීම් සිදු වෙමින් පවතී.

චීන රජය , චීන ජනයාගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දී ජන ජීවිතය පහසු කිරීමට මුල් තැන දී තිබේ. කෝවිඩ් 19 වෛරසය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවරයන් පරිණාමය වෙමින් පවතින තත්වයන් අනුව ප්‍රශස්ත ලෙස සකස් කර ඇති අතර, මිනිසුන්ගේ ජීවිත සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත.

මෙතෙක්, චීනයේ වසංගත වැළැක්වීම සහ පාලනය පිළිබඳව යෙදවූ අවධානය ආසාදනය වැලැක්වීමේ සිට දරුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම දක්වා මාරු වී ඇත. ඖෂධ නිෂ්පාදනය සම්බන්ධීකරණය කිරීමේ සිට දරුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ශක්තිමත් කිරීම දක්වා සීරු මාරු කර ඇත. එන්නත් ප්‍රවර්ධනය කිරීමේ සිට නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම වේගවත් කිරීම දක්වාත් වසංගත වැළැක්වීම සහ පාලනය ආර්ථික හා සමාජ සංවර්ධන අවශ්‍යතා ඵලදායී කිරීම දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය සම්බන්ධීකරණයන් කිරීමට අවධානය යොමු කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇත.

රජයේ ආධාර යටතේ ඖෂධ ව්‍යවසායන් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වේ. වඩා හොඳ වසංගත පාලනය සඳහා චීනය ඖෂධ, පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරක සහ ආරක්ෂිත භාණ්ඩ සංසරණය ප්‍රශස්ත කර ඇත. බොහෝ කලාපවල බලධාරීන් වැඩිහිටියන්ට නොමිලේ “සෞඛ්‍ය කට්ටල” ලබා දුන් අතර ඒවාට සාමාන්‍යයෙන් උණ රෝගයට ලබා දෙන ඖෂධ සහ අනෙකුත් වසංගත පාලනයට අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වේ.

2022 දෙසැම්බර් මස මැද වන විට, ජනගහනයෙන්  90%කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, චීනයේ ප්‍රධාන භූමියේ කෝවිඩ් 19 එන්නත් මාත්‍රා බිලියන 3.47කට වඩා ලබා දී ඇත. වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 86.6% ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇති අතර වයස අවුරුදු 80 හෝ ඊට වැඩි පුද්ගලයින් අතර එම අනුපාතය 66.4% කි. වැඩිහිටියන් ඉලක්ක කරගත් එන්නත් කිරීමේ උත්සාහයන් තවදුරටත් වේගවත් කිරීමට චීනය දැඩි උත්සාහයන් ගනිමින් සිටී.

චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විශේෂඥයෙකු වන වැන්ග් හුක්වින්ග් පැවසුවේ දැනට චීනයේ භාවිතා කරන කෝවිඩ් 19 පාලනය කිරීමට යොදා ගන්නා එන්නත් දරුණු තත්වයන් සහ මරණ වැළැක්වීම සඳහා ඵලදායී වන බවයි. දත්ත පෙන්වා දෙන පරිදි, ෂැංහයි හි පසුගිය වසරේ මාර්තු සිට ජූනි දක්වා වසංගත පැතිර ගිය කාලය තුළ, එන්නත් නොකළ අය හා සසඳන විට, එන්නත් බූස්ටර මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගේ මරණ අවදානම  98.08% කින් අඩු වී තිබේ.

චීන රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් රට පුරා වෛරස් විකෘතිය නිරීක්ෂණය කිරීම ද ශක්තිමත් කර ඇත. සෑම පළාත් මට්ටමේ කලාපයක්ම සෑම සතියකම ජාන අනුක්‍රමණය සහ විශ්ලේෂණය සිදු කරන අතර වෛරස් උප වර්ග ගතිකව නිරීක්ෂණය කිරීම සඳහා නියමිත වේලාවට දත්ත හුවමාරු කර ගැනීමද කරණු ලබයි.

 

දෙවන දෝෂය: “චීනය කෝවිඩ් 19 වෛරසයට එරෙහිව දක්වන ප්‍රතිචාරය අසාර්ථකයි”

පසුගිය වසර තුන තුළ, චීනය කෝවිඩ් 19 වෛරසයට එරෙහිව සංග්‍රාමයක් දියත් කර, පොකුරු පිපිරීම් 100 කට වඩා ඵලදායී ලෙස හැසිරවූ අතර, බිලියන 1.4 කට වැඩි චීන ජනයාගේ ජීවිත හා සෞඛ්‍යය උපරිමයෙන් ආරක්ෂා කළේය.

සෑම රටක්ම වසංගතයේ වෙනස්වන තත්ත්වයට අනුව එම රටෙහි කෝවිඩ් 19 වෛරස මර්ධන ප්‍රතිපත්ති සකස් කර ගත යුතු අතර එවැනි ගැලපීම් අනුගමනය කරමින් අනුවර්තනය වීමේ කාල පරිච්ඡේද ඔස්සේ ඒවා ක්‍රියාත්මක කළ යුතුයි.

චීනයේ වෛද්‍ය ප්‍රතිකාර, රෝග කාරක හඳුනාගැනීම සහ එන්නත් කිරීමේ මට්ටම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති අතර කෝවිඩ් 19 වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාධිජනක බව මෙන්ම වෛරසයද සැලකිය යුතු ලෙස දුර්වලවී තිබේ. එයින් අදහස් වන්නේ , ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක, කාලෝචිත සහ වසංගත විරෝධී ක්‍රියාමාර්ග කල්තියා ඉහළ මට්ටමකට ඔසවා තැබීම අවශ්‍ය බවයි.

චීන සෞඛ්‍ය සේවාවන් විසින් ඉලක්ක කර ගන්නා ප්‍රධාන ජනගහන කණ්ඩායම වැඩිහිටියන් වේ. 2020 මුල් භාගයේ වුහාන් හි පැවති කෝවිඩ් මර්ධන සටනේදී, වෛද්‍ය සේවකයින් වයස අවුරුදු 80 ට වැඩි කෝවිඩ් 19 වෛරසය වැළඳුනු රෝගීන් 3,600 කට වඩා වැඩි ප්‍රමාණයක් සුව කර ඇති බවට වාර්තා දෙස් දෙයි. පසුගිය වසර තුන තුළ, කෝවිඩ් 19 වෛරසය වැළඳුනු අයු කාලය ශතවර්ෂය පසුකල චීන පුරවැසියන් ගණනාවක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. චීනයේ මෙම නව ආසාදන රැල්ල තුළද එවැනිම කථා තවමත් දිග හැරෙමින් පවතී.

ඇන්හුවෙයි පළාතේ හෙෆෙයි ප්‍රදේශයෙහි 100 හැවිරිදි කාන්තාවක් වන ටියාන්ට , දින තුනක් තිස්සේ උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු නව කොරෝනා වයිරස් ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇගේ පවුලේ අය විසින්ම රෝහලට යවන ලදී.

ඇගේ වෛද්‍යවරයා පැවසුවේ වාසනාවකට මෙන්, ටියාන්ට එන්නත් ලබා දී ඇති නිසා ඇයට දිගු කළක් පවතින සෞඛ්‍ය ගැටලු කිහිපයක් තිබුණද පපුවේ සෙම ගතිය සහ ඇදුම වැනි දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන බවයි.විවිධ ඖෂධ සහ වැඩිදියුණු කළ ප්‍රතිශක්තිකාරක සහ පෝෂණ සහාය ඇතුළුව දින 11 ක ප්‍රතිකාර වලින් පසු ඇය රෝහලෙන් පිටව ගොස් තිබුණි.

කෝවිඩ් 19 වෛරසයෙහි දරුණු රෝගීන් සහ මරණ අනුපාතිකය ලෝකයේ අඩුම අගයන් අතර තබා ගැනීමට චීනය සමත් වී තිබේ. චීනයේ කෝවිඩ් 19 වෛරස මර්ධන ප්‍රතිපත්තිවල යාවත්කාලීන කිරීම් හිතාමතාම විකෘති කිරීමට බටහිර සමහරෙකු ගන්නා උත්සාහය ඔවුන්ගේ ද්විත්ව ප්‍රමිතිය සහ කුහකකම ඉස්මතු කිරීමට සමත්ව තිබේ. චීනයේ කෝවිඩ් 19 වෛරසය මර්ධන ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ නම්, කෝවිඩ් ආසාදනයෙන් සිදුවන මරණ සංඛ්‍යාව චීනයට වඩා බොහෝ සෙයින් වැඩි වන සමහර රටවල් සම්බන්ධව කුමක් කිව හැකිද? ඇත්ත වශයෙන්ම, අසාර්ථකත්වයේ ලේබලය ඇලවිය යුත්තේ බලධාරීන්ගේ නොහැකියාව, අකර්මන්‍යතාවය සහ වසංගතය මර්ධන ප්‍රතිපත්තිවල අවුල් සහගත බව නිසා  ජනතාවට දුක් විඳීමට හේතු වූ රටවලට ය.

වසංගත මර්ධනය ආර්ථික හා සමාජ සංවර්ධනය සමඟ ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීමට උත්සාහ කරමින්, චීනය නියමිත මොහොතේදී දිළිඳුකමට එරෙහි දැඩි සටන ජයගෙන 14 වැනි පස් අවුරුදු සැලසුම් කාල සීමාව තුළ (2021-2025)හොඳ ආරම්භයක් ලබා ගනිමින් සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම අවසන් කර ඇති අතර චීන ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 77.3 සිට අවුරුදු 78.2 දක්වා වැඩි කර දීමටද මහජන චීන සමූහ ආණ්ඩුව සමත් විය.

සමහර බටහිර මාධ්‍ය තම රටවල පවතින අවුල් සහගත කෝවිඩ් 19 වෛරස මර්ධන ක්‍රියා මාර්ග පිළිබඳව ගැඹුරු හෙළිදරව් කිරීමක් කරන්නේ කලාතුරකිනි. නමුත් චීනය සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන් සෑම විටම පක්ෂග්‍රාහී මතයක් දරණ අතර වැරදි සෙවීමට පමණක් අවධානය යොමු කරයි. සැබෑ තත්වය විකෘති කිරීමට, අතිශයෝක්තියට හා උත්හර්ෂයට නැංවීමට ඔවුන් උත්සාහ දරණ බව මනාව විද්‍යාමාන වේ.

“ඇත්ත වශයෙන්ම, චීනය කෝවිඩ් 19 වෛරසය පාලන ක්‍රම නවීකරණය කර, ඒවා වැඩිදියුණු කර, මිලියන ගණනකගේ ජීවිත බේරාගැනීමෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කර ඇත.” නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ජෝසෆ් ග්‍රෙගරි මහෝනි පැවසීය. සමහර රටවල් චීනය දෙස බලන්නේ විකෘති කාචයකින් බව මහාචාර්යවරයා සඳහන් කළේය. ඔවුන් චීනය පිළිබඳ සෑම දෙයක්ම මතවාදීව දේශපාලනීකරණය කරන නිසා චීනයේ සාර්ථකත්වයන් පිළිගැනීමට අසමත් වේ.

තුන්වන දෝෂය : “චීනයේ ආර්ථික දැක්ම අඳුරුයි”

චීනය ගෙන යන ප්‍රශස්ත කෝවිඩ්-19 වෛරසයේ මර්ධන ක්‍රියාවලිය මගින් චීන ආර්ථිකයට ඇති බලපෑම පුරෝකථනය කිරීමේදී බොහෝ උඩු යටිකුරු කිරීම් වලට භාජනය කිරීමට කටයුතු කර තිබේ. විදේශීය අශුභවාදීන් චීන ආර්ථිකයේ අනාගතය මත තැබූ සාමාන්‍ය “ලේබල්” අතරට, ‘විශාල කාලයක් ගතවන’ සහ ‘ගෝලීය ආර්ථික වර්ධනයේ ඇද වැටීමක්’ යන ලේබල්ද අන්තර්ගත විය.

චීනය ප්‍රකෘතිමත් වීම “අවාසනාවන්ත අතුරු ආබාධ”ලෙස සලකා මානසික වියවුල් ඇති කරගත්  සමහර විදේශීය බැරි බැරියා ගීතය වයන්නන් අනතුරු ඇඟවූයේ චීනය නැවත විවෘත කිරීම ඉහළ වර්ධනයක් සමඟ නොව, උද්ධමනය හෝ පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම සමඟ සෙසු ලෝකයට බරක් විය හැකි බවයි.

චීනයේ ආර්ථික ප්‍රකෘතියේ අපේක්ෂාවන් දීප්තිමත් හෝ අඳුරු ද යන පැනයට පිළිතුරු සැපයීම පසුගිය වසර තුන තුළ, ගෝලීය වසංගත පැතිරීමේ වට පහක බලපෑම චීනය ඵලදායී ලෙස හසුරුවා ගනිමින් ප්‍රායෝගිකව පිළිතුරු සපයා ඇත.චීනය කෝවිඩ්-19 වෛරස වසංගත මර්ධන ක්‍රියාවලිය සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය තුලනය කරමින්, චීනය නැවත වර්ධනයට පැමිණි ප්‍රථම ප්‍රධානම ආර්ථිකය ලෙස මතු වූවා පමණක් නොව, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 4.5 ක පමණ පවත්වා ගෙන ගිය අතර එය ජගත් සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයකි.

2022 දී චීනය සිය දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 120 (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 17.41) දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන ලදී. ඔවුන්ගේ ධාන්‍ය නිෂ්පාදනය අඛණ්ඩව අටවැනි වසරටත් ටොන් මිලියන 650ට වඩා වැඩි විය. පසුගිය වසරේ මුල් මාස 11 තුළ යුවාන් ට්‍රිලියන 1.16 ක විදේශ ආයෝජන රට තුළට පැමිණියේ 2021 මට්ටම පවා ඉක්මවා යමිනි.

දෙසැම්බරයේ පැවති ඉලක්ක සකස් කිරීමේ මධ්‍යම ආර්ථික වැඩ සමුළුවේදී, චීන නායකයින් 2023 වසරේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයේ සමස්ත ප්‍රකෘතිය සහ වැඩිදියුණු කිරීම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත්හ.

ගෝලීය දෘෂ්ටිකෝනයෙන් විග්‍රහ කළද චීනය සතු ශක්තීන් පැහැදිලි ය. එහි ආර්ථිකය ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් සියයට 18.5 ක් වන අතර එය වැදගත් වර්ධන ධාවකයක් ලෙස කටයුතු කරයි. එහි විදේශ විනිමය සංචිතය ලොව ආර්ථිකයන් අතර ඉහළින්ම පිහිටා තිබෙන අතර, එය චීනයේ මුදල් ඒකකය වන යුවාන් හි ස්ථාවරත්වය සහ මූල්‍ය සුරක්ෂිතභාවය සහතික කිරීමටද උපකාරී වේ.
ව්‍යාපාර හිමිකරුවන් චීන වෙළඳපොළ සම්බන්ධයෙන් ශුභවාදී ආකල්පයක් දරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපති ඇක්සෙල් වෙබර් පැවසුවේ චීන ආර්ථිකය බටහිර සමාගම් සඳහා දැවැන්ත අවස්ථාවක් ලෙස පවතින බවයි.

හෙනාන් පළාතේ සෙහෙන්ග්ෂොවු ප්‍රදේශයෙහි ෆොක්ස්කොන් කම්හලේ ධාරිතාව වසංගතයේ බලපෑම යට කර දමමින් කම්කරුවන් 200,000 ක් පමණ සමඟ එහි උපරිම නිෂ්පාදන මට්ටමට නැවත පැමිණ තිබේ.

ෆොක්ස්කොන් ටෙක්නෝලොජි ගෘප් ආයතනයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැන්ග් කුඑ පැවසුවේ, “දැන්,සෙහෙන්ග්ෂොවුහි ෆොක්ස්කොන් කම්හලේ සියලුම නිෂ්පාදන රේඛා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, අපගේ සේවකයින් උනන්දු කිරීමට අපි විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.” යනුවෙනි.

කෝවිඩ් 19 වෛරසය සමඟ කටයුතු කිරීමට චීනය අනුගමනය කරන ප්‍රශස්ත ක්‍රියාමාර්ග ආර්ථිකයට “ඉංග්‍රීසි හෝඩියේ ජේ-වක්‍ර බලපෑමක්” ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්‍ය හා ආර්ථික කටයුතු පිළිබඳ මධ්‍යම කාරක සභා කාර්යාලයේ විධායක නියෝජ්‍ය අධ්‍යක්ෂක හන් වෙන්ක්සියු පැවසීය. “එය කෙටි කාලීනව ආර්ථිකයට බාධා ඇති කළ හැකිය, නමුත් මුළු වසරක දෘෂ්ටිකෝණයෙන් එය ආශීර්වාදයකි.”

හතරවන දෝෂය : “රෝගීන් ඖෂධ සහ ප්‍රතිකාර වලින් හීනතාවයෙන් පෙළේ”

සත්‍ය නම් සෑම තරාතිරමකම චීන වෛද්‍යය ආයතන සම්පත් සහ පිරිස් වැඩි කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටී. යථාර්ථය නම් ඔවුන් කාර්යබහුල නමුත් සුමටව ක්‍රියාත්මක වීමයි.

හේලොන්ග්ජිඅන්ග් පළාතේ හාර්බින් ප්‍රදේශයේ හාර්බින් වෛද්‍ය විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහල වෙත පසුගිය දින කිහිපය තුළ බරපතල ලෙස රෝගාතුර වූ කෝවිඩ් 19 වෛරසය වැලඳුනු රෝගීන් 140 කට අධික සංඛ්‍යාවක් ඇතුලත් වී ඇත.

බොහෝ වෛද්‍යවරු රෝගාතුරව සිටියදී පවා රෝගීන් රැකබලා ගනිමින් දිගටම වැඩ කළ අතර “සෑම දරුණු රෝගියෙකුම බේරා ගැනීමට අපි සියල්ලෝම කටයුතු කරන්නෙමු” යැයි රෝහලේ සභාපති යූ කයිජියැන්ග් පැවසීය.

රෝහල දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 132 සිට 143 දක්වා වැඩි කර ඇති අතර, කෝවිඩ්-19 වෛරසය වැළැඳුනු රෝගීන්ගේ වැඩිවීමට මුහුණ දීම සඳහා හෙදියන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාරුවෙන් මාරුවට වැඩ කරමින් විවිධ ක්‍රමවේද ඔස්සේ සක්‍රීයව වාතාශ්‍රය ලබාගෙන ඇත.

2022 දෙසැම්බර් 25 වන විට,චීනයේ දෙවන ශ්‍රේණියේ රෝහල්වල සහ ඊට ඉහළ මට්ටමේ රෝහල්වල උණ රෝග සායන සංඛ්‍යාව 16,000 දක්වා ළඟා වී ඇති අතර, බිම් මට්ටමේ වෛද්‍ය ආයතනවල එවැනි සායන සංඛ්‍යාව 41,000 ක් වැනි ඉහළ අගයකට ළඟා වීය.

චීනය උණ රෝගය සඳහා ඖෂධ නිපදවන විශාලතම නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර එහි සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව පවතින ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වේ.

ප්‍රධාන උණ රෝග නාශක වේදනා නාශක දෙකක් වන ඉබුප්‍රොෆෙන් සහ ඇක්ස්ටමිනොඵෙන් වල දෛනික නිෂ්පාදනය 2022 වසර අවසන් වන විට පිළිවෙලින් පෙති මිලියන 202 ක් සහ පෙති මිලියන 190 ක් දක්වා ළඟා වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ උප අමාත්‍ය වැන්ග් ජිඅන්ග්පින්ග් පැවසීය.

“අපි නිෂ්පාදනය කරන විවිධ ඖෂධ වර්ග ඉක්මනින් සකස් කර, නිමැවුම වැඩි කර, ඉබුප්‍රොෆෙන් සහ ඇස්ප්‍රීන් වැනි පතිජ්වරක සහ වේදනා නාශක ඖෂධවල වෙළඳපල ඉල්ලුම සහතික කිරීම සඳහා අපි සියලු දේ කළෙමු,” ශන්ඩොන්ග් සින්හුවා ඖෂධ නිෂ්පාදන සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කොඋ සුක්සින්ග් පැවසීය.

ලොව ප්‍රමුඛතම ඉබුප්‍රොෆෙන්  නිෂ්පාදකයා ලෙස, ශන්ඩොන්ග් සින්හුවා ඖෂධ නිෂ්පාදන සමාගමේ ධාරිතාව තුන් ගුණයකින් ඉහළ නංවා ඇති අතර, එහි ඉබුප්‍රොෆෙන් නිෂ්පාදනය මිනිත්තුවකට පෙති 10,000කට වඩා වැඩි වී ඇත.

චීනයේ දෙවන ශ්‍රේණියේ වෛද්‍ය ආයතනවල සහ ඊට ඉහළ ශ්‍රේණිවල වෛද්‍ය ආයතන වල මුළු ඇඳන් සංඛ්‍යාව මිලියන 5.616 ක් වන අතර ඇඳන් උපයෝගිතා අනුපාතය මෑතක දී සියයට 60 කින් පමණ ඉහළ ගොස් ඇත. චීනයේ මුළු දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 150,000 දක්වා ළඟා වී ඇත. එනම් පුද්ගලයින් 100,000 කට ඇඳන් 10.6 ක අගයකට එය ළඟා වී ඇත. රට තුළ අනුවර්තනය කළ හැකි දැඩි සත්කාර ඒකක 70,000 ක සංචිතයක්ද ඇත.

කෝවිඩ් 19 වෛරස රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් ගත් කල, ” හෙමොඩිඅල්ය්සිස් ” ඒකක 151,100 ක්, අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ඒකක 19,700 ක්, ඔක්සිජන් නිපදවන යන්ත්‍ර 2,300 ක් සහ 192,000 කට අධික ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවක් දෙසැම්බර් මාසය වන විට දෙවන ශ්‍රේණියේ රෝහල්වල ඇති බව වාර්තා විය.
“සමස්තයක් වශයෙන්, අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා ඇඳන් සහ උපකරණ ඇතුළු ප්‍රමාණවත් වෛද්‍ය සම්පත් චීනය සතුව ඇත,” ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පරිපාලන කාර්යාංශයේ ප්‍රධානී ජිආඔ යහුයි පැවසීය.

වසංගතය පැතිරීම නිරීක්ෂණය කිරීම, නගර සහ කලාප අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ජනතාවගේ වෛද්‍ය ඉල්ලීම් සපුරාලීම සඳහා අදාළ සම්පත් වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා චීනය වැඩි උත්සාහයක් දරනු ඇති බව ජියාඕ පැවසීය.

පස්වන දෝෂය: ” ගම්වැසියන් සඳහා ‘ කෝවිඩ් වෛරසයේ අඳුරු ශීතල’ දායාදයයි,”

සත්‍යය නම්: චීනයේ ග්‍රාමීය ප්‍රදේශ රටේ වත්මන් කෝවිඩ් වෛරසය මර්ධනයේ කේන්ද්‍රස්ථානයන් බවට පත් කර ඇති අතර, වෛද්‍ය හැකියාවන් ඉහළ නැංවීම සහ කාලෝචිත සහාය ලබා දීම කරනු ලැබීමයි.

චීන ප්‍රධාන භූමිය තුළ ප්‍රාන්ත මට්ටමේ වෛද්‍ය ආයතන 23,000ක්, නගර ආශ්‍රිත රෝහල් 35,000ක් සහ ග්‍රාමීය සායන 599,000ක් ආශ්‍රිතව සහයෝගී සහ කාර්යක්ෂම සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් පිහිටුවා ඇති අතර එමඟින් ග්‍රාමීයව හමුවන රෝගීන්ට රෝගයේ තත්වයට අනුව , කාලෝචිත සහ පහසු වෛද්‍ය සේවාවන් භුක්ති විඳිය හැකිය.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂෙන්ෂියොන්ග් ප්‍රාන්තයේ කඳුකර ලිගුවානිං ගම්මානයේ වෛද්‍ය ෆු ෂියැන්ග්පෙන්ග් පැවසුවේ “දැනට උණ සහ කැස්ස සහන සඳහා බෙහෙත් සකස් කර ඇති අතර එමඟින් මුළු ග්‍රාමයේම මාස දෙකක අවශ්‍යතා සපුරාලිය හැකියි. “මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට ඖෂධ ලබා ගැනීම සඳහා ග්‍රාමීය සායන වෙත යා හැකි අතර, දුෂ්කරතා ඇති වැඩිහිටි පුද්ගලයින්ට ඖෂධ ඔවුන් වෙත යවනු ලැබේ.”

ගියඕ යහුයි පලාතේ ජාතික සෞඛ්‍යය මධ්‍යස්ථානයේ නිලධාරියා පැවසුවේ ග්‍රාමීය ප්‍රදේශවල ඖෂධ සැපයුම සහතික කළ යුතු අතර වසන්ත උත්සව සංචාරක කාල සීමාව හෝ ඊටත් වඩා වැඩි කාලයක් ආවරණය වන පරිදි ඖෂධ ගබඩා කළ යුතු බවයි. වඩාත් වැදගත් දෙය නම්, දරුණු රෝගීන් අවම වශයෙන් ප්‍රාන්ත මට්ටමේ රෝහල් වෙත හෝ මාරු කළ යුතු වීමයි.

දරුණු රෝගීන් හැකි ඉක්මනින් ප්‍රවාහනය කිරීම සඳහා පොරොත්තු වාහන සකස් කරන ලෙස ප්‍රාන්ත සහ නගරවලට නියෝග කර ඇති බව ජියාඕ පැවසීය. අන්තර්ජාල රෝහල් සහ සංචාරක වෛද්‍ය කණ්ඩායම් උපයෝගී කරගෙනද ග්‍රාමීය වෛද්‍ය ධාරිතාව ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

හයවන දෝෂය: “නිල වශයෙන් පවසන කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන විශ්වාස කළ නොහැක”

සත්‍ය කාරණය නම්: චීනය සෑම විටම කෝවිඩ් 19 වෛරසය ආශ්‍රිතව සිදුවන මරණ සහ දරුණු සිදුවීම් පිළිබඳ තොරතුරු විවෘතව සහ විනිවිදභාවයෙන් ප්‍රකාශයට පත් කර තිබීමයි.
කෝවිඩ් 19 වෛරසය ආශ්‍රිතව සිදුවන මරණ විනිශ්චය කිරීමේ ගෝලීය නිර්ණායක කාණ්ඩ දෙකකට බෙදා ඇත. සමහර රටවල් සංඛ්‍යා ලේඛනගත කරන්නේ කෝවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සහ වෛරසය මගින් ඇති වූ ශ්වසන අපහසුතාවයෙන් මිය ගිය පුද්ගලයින් පමණි.අනෙක් රටවල්, පසුගිය දින 28 තුළ මියගිය පුද්ගලයා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති තාක් කල් සියලුම මරණ කෝවිඩ් 19 වෛරසය ආසාදිත මරණ ලෙස ගණන් ගනී.

2020 සිට, චීනය පළමු නිර්ණායකය අනුගමනය කරමින් සිටින අතර, කොරෝනා වයිරස් නවකතාව නිසා ඇති වූ ශ්වසන අකර්මන්‍යතාවයෙන් සිදුවන මරණයක් ධනාත්මක කෝවිඩ්-19 වෛරස පරීක්ෂණයකින් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදනයෙන් සිදු වූ මරණයක් ලෙස ගණනය කරයි.

නව කොරෝනා වයිරසයෙන් රෝගීන් ආසාදනය වූ නමුත් මරණයට සෘජු හේතුව නිදන්ගතව පවතින රෝග හේතුවෙන් වන අවස්ථා ද චීනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එවැනි අවස්ථාවන්හිදී, මරණයට හේතු වූයේ නිදන්ගතව පැවැති රෝගයි.

චීනය සිය කෝවිඩ් මර්ධන ප්‍රතිපත්තිය නව්‍යකරණයෙන් පසු ස්කන්ධ න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ අවලංගු කරන ලද අතර, පළමුවෙන්ම කෝවිඩ් වෛරසය ආසාදනය වූ කැසිලෝඩ් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා අපහසු විය. වෙනත් රටවල සාමාන්‍ය තත්‍ය තත්ත්වයද මෙයයි.

චීනයේ වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානයෙහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වු සුන්යොවු පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “අතිරික්ත මරණය” ලෙස හැඳින්වෙන ගණනය කිරීමේ ක්‍රමයක් පවතින අතර එමඟින් සිදුවිය හැකි අවතක්සේරු කිරීම් ඇගයීමට ලක් කළ හැකි බවයි. මෙම වසංගත රැල්ල හේතුවෙන් සිදුවිය හැකි “අතිරික්ත මරණය” සම්බන්ධයෙන් කණ්ඩායම දැනටමත් අදාළ කටයුතු සිදු කරමින් සිටින අතර ප්‍රතිඵල පසුව නිකුත් කරනු ලබන බවද පවසා සිටියේය.

කෝවිඩ් 19 වෛරසයට එරෙහි චීනයේ යුද්ධය තවමත් ක්‍රියාත්මක වන අතර එමගින් බිලියන 1.4 ක චීන ජනතාව සඳහා ජයග්‍රහණය ලැබෙනු ඇත. මුසාවාද සහ ඒවායේ නිර්මාණකරුවෝ නුදුරු අනාගතයේදීම වැරදි බව ඔප්පු වනු ඇත.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

Six fallacies and truths about China’s epidemic control

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More