හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝ ගේ උග්‍ර දක්ෂිණාංශික ආධාරකරුවන්ට එරට ජනාධිපති මැදුර, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලි 3 කට කඩා වැදීම සඳහා ආධාර අනුබල දුන් රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග කරයි.
ඉකුත් 08වැනිදා හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බෝල්සනරෝගේ ආධාරකරුවන් එරට කොංග්රාසය, මහාධිකරණ හා ජනාධිපති මන්දිරය යන ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි තුනට කඩා වැදී සිදු කළ දේපල හානි සම්බන්ධයෙන් 1500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට ජනාධිපති ලූලා ද සිල්වා කියා සිටියේ, ඊට සම්බන්ධ අය මෙන්ම අනුබල දුන් සියලුම පුද්ගලයින් නිතිය හමුවට ගෙන එන බවයි. මෙම රාජ්‍ය විරෝධතාකරුවන් සම්බන්ධයෙන් සහ ඔවුන්ට එරෙහිව ක්‍රියා නොකළ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බව බ්‍රසීල ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට හමුදා පොලිසියේ හිටපු අණදෙන නිලධාරියෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ
බ්‍රසීලයේ හිටපු මහජන ආරක්ෂක ප්රිධානියා මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව එරට නීතිපති කාර්යාලය පවසයි. එරට පොලිස්පතිවරයාව ද ධුරයෙන් ඉවත් කර තිබේ.
දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ 2021 වසරේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයට මෙම සිදුවීම සමානකම් දක්වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...