ගුවන් යානා වෙත අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීමට භාවිතා කරන එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) පරිගනක පද්ධතියේ මෘදුකාංග දෝෂයක් හේතුවෙන් එක්සත් ජනපදයේ අභ්‍යන්තර ගුවන් ගමන් වල පිටත්වීම් සියල්ල නතර කිරීමට සිදුව ඇති බව නිවේදනය කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
මෙම ගැටළුව ඊයෙ(11) උදෑසන ගුවන් තොරතුරු මෙහෙයුම් පද්ධතියට (NOTAM) බලපෑ බව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම NOTAM පරිගණක මෙහෙයුම් පද්ධතිය ගුවන් ගමනාගමන පාලනයට තීරණාත්මක දත්ත සන්නිවේදනය කිරීම පිණිස භාවිතා කරයි.
මෙම තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය අනාවරණය කර සිටියේ මෙම බිඳ වැටීම, එක්සත් ජනපදය පුරා සියලුම ගුවන් ගමන් වලට බලපාන බවත් එහි තාක්ෂණික කාර්ය මණ්ඩලය පද්ධතිය යථා තත්වයට පත්කිරීමට පරීක්ෂාවන් සිදු කරමින් පද්ධතිය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන බව අවධාරණය කළේය. කෙසේ නමුත් පද්ධතිය සාමාන්‍ය තත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේද යන්න පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය කටයුතු නොකළේය.
පරිගණක පද්ධතිය ක්‍රමයෙන් යථා තත්වයට පත් කරමින් සිටින බැවින්, පැය කිහිපයකකට දේශීය ගුවන් ගමන් වල පිටත්වීම් අත්හිටුවීමට නියෝග කළ බව ඒජන්සිය පැවසීය. එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තවදුරටත් ප්‍රකාශ කළේ ගුවන් තොරතුරු මෙහෙයුම් පද්ධතිය (NOTAM ) ඇණහිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වනවිටත් ගුවන් ගත කර තිබූ ගුවන් යානා අවදානම ලක් නොවූ බවයි.
මීට පෙරද ගුවන් ගමන් සම්බන්ධයෙන් බරපතල ගැටළු එක්සත් ජනපද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. “ෆ්ලයිට් අවෙයාර්” නම් ගුවන් ගමන් සම්බන්ධ සිදුවීම් ලුහුබැඳීමේ සේවාව, එක්සත් ජනපද ගුවන් තොටුපළ වෙත හෝ ඉන් පිටතට යන ගුවන් ගමන් ප්‍රමාද 2,500කට වඩා සහ අවලංගු කිරීම් 300කට වඩා මීට පෙර වාර්තා කර තිබුණි.
එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය මේ සම්බන්ධයෙන් නිකුත් කළ මූලික වාර්තාවෙන් පැය දෙකකට පසු, නැවැත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ දේශීය ගුවන් ගමන් වල යෙදෙන ගුවන් යානා වලට පනවා තීබූ තාවකාලික ගුවන් ගමන් තහනම ඉවත් කර ඇති බවයි.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියරේ පවසන පරිදි, එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් පෙටි බට්ගිග් විසින් අදාල ගුවන් ගමන් ඇන හිටීම පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇත. “තවමත් මෙය ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවා යැයි කීමට තරම් කිසිදු සාක්ෂියක් නොමැත,” ඇය තවදුරටත් පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...