චීනයේ නව විදේශ ඇමති ක්වින් ගන්ග් මහතා ඊයේ(11) ඔහුගේ පළමු විදේශ සංචාරය අතර තුර කියා සිටියේ අප්‍රිකාවේ සංවර්ධනය සහ නවීකරණය සඳහා බීජිං ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් අප්‍රිකාව ලෝක බලවතුන් සඳහා සටන් බිමක් නොවිය යුතු බවත්ය.
ක්වින් ඊයේ(11) අප්‍රිකා මහදිවීපයේ පිහිටි රටවල් පහක සංචාරයක් ආරම්භ කළ අතර, ඉතියෝපියාවේ චීන ඉංජිනේරුවන් විසින් ගොඩනගනු ලැබූ අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) නව මූලස්ථානය විවෘත කිරීමට කටයුතු කළේය.ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේදී ඉතියෝපියානු නායකයන් හමුවී අප්‍රිකානු සංගමයේ මූලස්ථානයට යාමටද කටයුතු කළේය. ඔහු ඊජිප්තුව, ඇන්ගෝලාව, බෙනින් සහ ගැබොන් යන රටවල චාරය කිරීමටද නියමිතය.
“අප්‍රිකාව ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා විශාල වේදිකාවක් වනවා මිසක ප්‍රධාන රටවල් අතර තරඟයක් සඳහා වේදිකාවක් නොවිය යුතුයි” යනුවෙන් අප්‍රිකානු සංගමයේ සභාපති මොඋස්ස ෆාකි සමඟ පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ ඇමතිවරයා පැවසීය.
එක්සත් ජනපදයේ හිටපු චීන තානාපතිවරයෙකු වූ ක්වින් මහතා පසුගිය මස චීන විදේශ ඇමති වරයා බවට පත් විය. අප්‍රිකාව, චීන විදේශ අමත්‍යවරයාගේ ධූර කාලයේ පළමු විදේශ ගමනාන්තය බවට පත් කිරීමේ සම්ප්‍රදාය ක්වින් මහතාද අනුගමනය කළේය. එම සම්ප්‍රදාය වසර 33ක් තිස්සේ අඛන්ඩව බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට දෙපාර්ශවයම කටයුතු කරති.
අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා අප්‍රිකාව සමඟ සබඳතා සඳහා වන බීජිං හි දැක්ම ගෙනහැර දැක්වූයේ “ජාත්‍යන්තර පරිසරය කෙසේ වෙනස් වුවද” දෙපාර්ශවයටම සැමවිටම හවුල් අනාගතයක් පවතිනු ඇති බවයි.
පසුගිය වසරේ බීජිං පරිපාලනය අප්‍රිකානු රටවල් 17කට ලබාදුන් ණය 23ක් කපා හැරීමට කටයුතු කළේය. 2000 වසරේ සිට ඉතියෝපියාව ඩොලර් බිලියන 14 කට ආසන්න මුදලක් චීනයෙන් ණයට ගෙන ඇති අතර, ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම නිසා සිදු වූ විනාශය හේතුවෙන් 2021 වර්ෂයේ සිට ලබාගත් ණය සඳහා සහන සොයමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...