චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහජන චීන සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආර්ංචි මාර්ග පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය දූරය දරණ චෙන් ෂෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසෙහි ප්‍රධානත්වය උසුලන බවද මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආර්ංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
චීන දූත පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයේදී ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙත සමාලෝචනය කිරීමට කටයුතු කිරීමට නියමිත බවත් ඒ සඳහා පැවැත්වෙන හමුව එළඹෙන 16 වනදා කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ ලෝටස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂය මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරයා ලෙස චෙන් ෂෝ මහතාව චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20වන සම්මේලනයේදී පත් කරගන්න ලදී.
1951 වර්ෂයේදී දී ආරම්භ කරන ලද, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව, රටවල් 140කට අධික සංඛ්‍යාවක දේශපාලන පක්ෂ සහ සංවිධාන 400කට අධික සංඛ්‍යාවක් සමඟ දේශපාලන සහයෝගීතාවය පවත්වා ගෙන යන බවද කියවේ.
1966 අගෝස්තු මාසයේ උපත ලද චෙන් ෂෝ මහතා , 1985 දී විදේශ වෙළඳ හා ආර්ථික සහයෝගිතා අමාත්‍යාංශයේ ආසියානු හා අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුවේ, සේවය කිරීම ආරම්භ කළේය. 2019 දී, විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමසාරිස් කාර්යාලයේ පරීක්‍ෂණ සහ ජාතික අධීක්ෂණ කොමිෂන් සභාවේ විනය පිළිබඳ මධ්‍යම කොමිසමේ විනය පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යාලයේ ප්‍රධාන පරීක්ෂක තනතුරට පත්විය.
නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මහතා ඇතුළු චීන දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංගලාදේශයේද නිල සංචාරයක නිරතවූ බවද වාර්තාවේ.
බංගලාදේශ අගමැතිණි ෂීක් හසීනා මත්මියගේ නිල නිවස වන ගණබබාන්හිදී චීන නියෝජිත පිරිස හමුවුහ. චීන නියෝජිත පිරිස හමුවීමෙන් පසුව බංගලාදේශ අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, පසුගිය වසර 14 තුළ බංග්ලාදේශය සමාජ ආර්ථික වශයෙන් පරිවර්තනය වී ඇති බවත් එහි ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳින බවත්ය.
බංග්ලාදේශයේ ප්‍රගතිය කරා යන ගමනේදී චීන සහයෝගීතාව බංගලාදේශය පිළිගන්නා බව පැවසූ අගමැතිණි ෂීක් හසීනා වර්ෂ 2041 වන විට සංවර්ධිත සහ සමෘද්ධිමත් බංග්ලාදේශයක් ගොඩනැගීම සඳහා වන ක්‍රියාදාමයට චීනය සිය සහය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළාය.
පද්මා පාලම සහ කර්නාෆුලි උමග වැනි විවිධ මහා ව්‍යාපෘති ඉදිකිරීමේදී චීන සහයෝගීතාවය සිහිපත් කළ බංග්ලාදේශ අගමැතිණිය දකුණු ආසියාවේ එවැනි ආකාරයේ ඉදිවුනු පළමුවන ව්‍යාපෘතිය බව ප්‍රකාශ කළාය.
බංග්ලාදේශය විශේෂයෙන් චැටෝග්‍රාම් හි මිර්සරායි හි බංගබන්ධු ෂෙයික් මුජිබ් ශිල්පනගර් හි චීන ආයෝජන අපේක්ෂා කරණ බව අවධාරණය කළාය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ චීන නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මහතා 2041 වන විට සංවර්ධිත රටක් බවට පත්වීමේ බංගලාදේශ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා තම රට බංග්ලාදේශයට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව අවධාරණය කළේය.
“සියල්ලන්ටම මිත්‍රත්වය මිස කිසිවෙකුට ද්වේශ සහගත නොවන” යන බංග්ලාදේශ විදේශ ප්‍රතිපත්තියට චීනය ගරු කරමින් සහාය දක්වන බව ද නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මහතා පැවසුවේය.
“බංග්ලාදේශයේ විදේශ ප්‍රතිපත්තිය කලාපයේ රටවල සාමකාමී සහජීවනය සහතික කිරීම සඳහා ඵලදායී මාධ්‍යයක්” යැයි පෙන්වා දුන් ඒ මහත 2016 දී තම රටේ ජනාධිපතිවරයාගේ සංචාරයේදී චීනය සහ බංග්ලාදේශය අතර සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා උසස් කර ඇති බව අනාවරණය කළේය.
චීන ජනාධිපතිවරයා සිය බංගලාදේශ සංචාරයේදී ලබාදුන් සියලු පොරොන්දු ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...