දේශීය පුවත්

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ රුසියාව සහ චීනය සමඟ සමීප සබඳතා පවත්වන ලතින් ඇමරිකානු සහ කැරිබියන් රටවල් සම්බන්ධ කර ගනිමින් නව ජාත්‍යන්තර කණ්ඩායමක් පිහිටුවීමට යෝජනා කර අති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය 14 වනදා වෙනිසියුලාවේ පාර්ලිමේන්තුවේ වාර්ෂිකව සිදුකරන කතාව අතරතුර, මදුරෝ කියා සිටියේ තමන් මෑතකදී බ්‍රසීලයේ, කොලොම්බියාවේ සහ ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරුන් සමඟ නව කලාපීය සංවිධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. මදුරෝට අනුව, “ලෝකය සමඟ සාකච්ඡා කළ හැකි ආර්ථික බලය සහිත බලවත් දේශපාලන බලවේගයන්ගේ එකමුතුවක් ගොඩ නැගීමට ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් දූපත් වල දේශපාලන බලවේගයන්ගේ උත්සාහයන් සහ ක්‍රියා මාර්ග ඒකාබද්ධ කිරීමට” කාලය පැමිණ තිබේ.

වෙනිසියුලානු ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කරමින් පවසා සිටියේ මෙම කන්ඩායම “බලයේ නව ධ්‍රැව” නිර්මාණය කරන බවයි. මදුරෝ “වැඩිහිටි සහෝදරයන්” ලෙස හැඳින්වූ රුසියාවට සහ චීනයට “බලයේ නව ධ්‍රැව” මිත්‍ර වනු ඇති බවත් පෙන්වා දුන්නේය.

එවැනි සන්ධානයක් සමන්විත වනු ඇත්තේ “අපගේ එක් වැඩිමහල් සොහොයුරෙකු වන ජනාධිපති ෂී ජින්පින්ග් පෙන්වා දෙන හවුල් ඉරණමේ ප්‍රජාව” හෝ “අපගේ අනෙක් වැඩිමහල් සහෝදරයා වන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙන්වා දෙන බහු ධ්‍රැවීය හා බහු කේන්ද්‍රීය ලෝකයයි,” මදුරෝ තවදුරටත් පැවසීය.

“මෙම නව ලෝකයට පිවිසීම සඳහා , එක්සත් හා දියුණු ලතින් ඇමරිකානු සහ කැරිබියන් කන්ඩායමක් අවශ්‍ය වේ,” ඔහු අවධාරණය කළේය.

එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරන “ඒක ධ්‍රැව ලෝකය” පිළිබඳ සංකල්පය රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් නැවත නැවතත් පුපුරවා හැර තිබේ.පසුගිය සැප්තැම්බරයේදී ඔහු කියා සිටියේ එවැනි වින්‍යාසයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් “පරම අවලස්සන ස්වරූපයක් ගෙන ඇති” බවයි. මේ අතර, චීනය සහ රුසියාව “බහුධ්‍රැව ලෝකය සාමූහිකව ප්‍රවර්ධනය කරන අතර ඒක ධ්‍රැව ආධිපත්‍යය නොපිළිගන්නා” බව බීජිං පාලනයද පවසා තිබේ.

2018 වර්ෂයේදී වෙනිසියුලාවේ පැවැත්වූ මැතිවරණය අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පැවැති එක්සත් ජනපද ආණ්ඩුව හෙලා දුටුවේය. කෙසේ වුවද දෙවන ධුර කාලය ලබා ගැනීම සඳහා පැවැත්වූ එම මැතිවරණයෙන් මදුරෝ ජයග්‍රහණය කළේය. මැතිවරණය “නීත්‍යානුකූල නොවේ” යනුවෙන් ප්‍රකාශ කරමින් වොෂින්ටනය, තෙල් සම්බාධක ද ඇතුලත් කරමින් කරකාස් වෙත දැඩි සම්බාධක පැනවීමෙන් ඔහු නෙරපා හැරීම සඳහා “උපරිම පීඩනය” මුදා හැරියේය.

මේ අතර 2019 දී වෙනිසියුලාවේ “අන්තර්වාර ජනාධිපතිවරයා ” ලෙස විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ පිළිගනිමින්, එක්සත් ජනපදය ඔහුට සහාය ලබා දුන්නේය.

කෙසේ වෙතත්, එතැන් සිට, වීදි සටන් මාලාවක් සහ සෘජු කුමන්ත්‍රණ උත්සාහයක් ඇතුළත් මදුරෝ බලයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.2019 වර්ෂයේ දෙසැම්බර් අගදී, වෙනිසියුලාවේ විපක්ෂ නීති සම්පාදකයින් ජුවාන් ගුවයිඩෝ විසින් නායකත්වය දුන් ‘අන්තර්වාර ආණ්ඩුව’ විසුරුවා හැරීමට ඡන්දය දුන්හ.

කෙසේ වුවද අමෙරිකා එක්සත් ජනපදය, මදුරෝ නම් වෙනිසියුලානු ජනාධිපතිවරයාව තවමත් හරිහැටි හඳුනාගෙන නොමැති අතර, සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා වොෂින්ටන්ය කැරකස් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා භාවිත කරමින් සිටින අතර වෙනිසියුලාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සමහර සම්බාධක ඉවත් කිරීමටද පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More