මධ්‍යම නේපාලයේ පොකාරා (Pokhara) ගුවන් තොටුපළ ආසන්නයේදී පුද්ගලයින් 72 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 16ක් මුලදී සොයාගෙන තිබූ අතර මේ වන විට මියගිය ගණන 40 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානය ගුවන් තොටුපළට ගොඩබෑමේදී කඩා වැටී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ATR 72 Yeti Airlines ගුවන් යානය කත්මන්ඩු සිට Pokhara දක්වා පියාසර කරමින් සිට ඇති බවත්, ගුවන් යානයේ විදේශිකයින් 10 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිට ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
නේපාල ආරක්ෂක අංශ ගුවන් යානය අනතුරට ලක් වූ ස්ථානයේ මුදා ගැනීමේ කටයුතුවල නිරතව ඇති අතර, ආරක්ෂක අංශ සදහන් කරන්නේ තවත් මළ සිරුරු එම ස්ථානයේ තිබිය හැකි බවයි.
එරට අගමැති පුෂ්ප කමල් දහාල් අමාත්‍ය මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙස රාජ්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...