දේශීය පුවත්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු හමුදා යුක්රේනයේ කරනු ලබන හමුදා මෙහෙයුමේ වර්ධනයන් පිළිබඳ ධනාත්මක තක්සේරුවක් ලබා දී කටයුතු කර ඇත. රුසියානු ජනාධිපති වරයා මෙම ප්‍රකාශය සිදු කරණු ලැබුවේ රුසියානු හමුදා ඩොන්බාස් හි මූලෝපායික නගරය වන සොලෙඩාර් අල්ලා ගැනීමෙන් දින කිහිපයකට පසුවය.

ඉරිදා විකාශය වූ රොසියා 1 ප්‍රවෘත්ති නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමි රුසියානු ජනාධිපති පුටින් මෙසේ පැවසීය: “යුද බිමේ ගතිකත්වය ධනාත්මක අගයක පවතිනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සැලැස්මේ රාමුව තුළ සෑම දෙයක්ම වර්ධනීය තත්වයක පවතිනවා.අපගේ සෙබළුන් අනාගතයේදී ලබාගන්නා ජයග්‍රාහී ප්‍රතිඵලවලින් අපව තවදුරටත් අමන්දානන්දයට පත් කරනු ලැබීමට නියමිතයි.” පුටින් බලාපොරොත්තු පළ කළේය.

“සාර්ථක ප්‍රහාරක අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා” සොලෙඩාර් නගරයේ වැදගත්කම සඳහන් කරමින් දැඩි සටන්වල නියැලුණු සෙබළුන් ඩොන්බාස් ප්‍රදේශයේ සොලෙඩාර් මූලෝපායික නගරය අල්ලා ගැනීම සම්බන්ධව පසුගිය 13 වනදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය.

සොලෙඩර් අල්ලා ගැනීම, කියෙව් හමුදාව විසින් බැඛ්මුට් ලෙස නම් කරන ලද, අසල පිහිටි අර්ට්යොමොව්ස්ක් නගරයේ ස්ථානගතව සිටින යුක්රේන හමුදා වෙත සැපයුම් මාර්ග කපා හැරීමට මග පෑදිය හැකි බව රුසියානු හමුදා නිලධාරීන් පැහැදිලි කළහ.

දෙපාර්ශ්වයම මෑත මාසවලදී අර්ට්යොමොව්ස්ක් අසල දරුණු සටන් වල නියැලුණු බව මාධ්‍ය වාර්තා තහවුරු කළේය. සොලෙඩර් නගරය ඩොන්බාස් හි යුක්රේන හමුදා සඳහා ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් වන අතර රුසියානු හමුදාව එම නගරය අල්ලා ගැනීම අනෙකුත් යුක්‍රේන හමුදා පාලනය කරන යුක්‍රේන නගර වෙත මාර්ගයක් විවෘත කරනු ලබන බව යුද විශේෂඥයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More