අධිකරණ අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සකස් කළ ථේරවාදී භික්ෂු කථිකාවත් පනත නමින් නව පනතක් මේ වන විට භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවට ලක් වෙමින් ඇත.
එම පනත මීට පෙර 2015 දී සහ 2018 දී සම්මත කිරීමට ගනු ලැබූ උත්සාහය මහනායක හිමිවරුන්ගේ විරෝධය නිසා හකුලා ගැනීමට සිදුවිය. එම අවස්ථා දෙකේදීම අධිකරණ අමාත්‍ය ධූරය හොබවනු ලැබුවේ වර්තමාන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ය. එම ක්‍රියාවලිය තුළ 2015.12.14 දින ගැසට් කරනු ලැබූ පනත් කෙටුම්පත 2016.01.12 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබීය.
ඉන් පසුව ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ විරෝධතා හමුවේ පනතේ මූලික හරයට අදාළ වගන්ති කිහිපයක් ම ඉවත් කර ගැනීමට සහ සංශෝධනය කිරීමට නීතිපතිවරයා එකඟ විය.
ඒ මගින් අදාළ පනත සකස් කිරීමට උපදෙස් දුන් පුද්ගලයින්ගේ සමාජ දේශපාලන අරමුණු අභියෝගයට ලක්විය. ඕනෑම නීතියක් උපදින්නේ යම් යුගයක සමාජ දේශපාලන උවමනාවන් සම්පූර්ණ කිරීම සඳහා බවට විවාදයක් නැත. එම අරමුණු තුළ මහා සමාජයේ අපේක්ෂාවන් මෙන්ම පාලකයින්ගේ කූඨ අපේක්ෂාවන් ද නියෝජනය විය හැක.
ඒ අනුව පනත් කෙටුම්පතක් යනු නීතිමය භාෂාවෙන් ලියන ලද දේශපාලන ප්‍රතිපත්තිමය ලේඛනයක් බව පිළිගැනීමට සිදුවේ. එවැනි ලියවිල්ලක් පොදු මහජන විරෝධය නිසා ඉවත් කරගැනීමට හෝ සංශෝධනය කිරීමට සිදුවිය හැක. කූඨ දේශපාලන උවමනාවන් සහිත පාලකයින් මහජන විරෝධයට කන්නොදෙන තත්ත්වයක දී අදාළ පනත විවාදය සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමෙන් පසුව සතියක් තුළ එයට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ අයිතිය මහජනයාට ඇත. එහෙත් ශේෂ්ඨාධිකරනයේ දී අභියෝගයට ලක් කළ හැක්කේ පනතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව පමණි.
ව්‍යවස්ථාවේ පතිපාදන වලට අනුකූලව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක මූලික දේශපාලන ප්‍රතිපත්තිමය රාමුව ට අභියෝග කිරීමේ හැකියාවක් අධිකරණයට නැත. ඒ නිසා ඕනෑම පනත් කෙටුම්පතක් කූඨ දේශපාලන උවමනාවක් නියෝජනය කරන්නේ නම් එය වැළැක්විය හැක්කේ දේශපාලන ක්‍රියාමාර්ග මගින් පමණි.
එසේ වුවත් යම් අවස්ථාවල පනත් කෙටුම්පතේ අඩංගු යම් තාක්ෂණික ප්‍රවේශයන් ව්‍යව්සථාවට අනුකූල නොවීම නිසා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් මගින් සම්මත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද අවස්ථාවල අදාළ පනත් කෙටුම්පත් හකුලා ගැනීමට සිදුවී ඇත.
කෙසේ වෙතත් ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතට අදාළව ගත් විට අධිකරණයේ දී එකඟ වූ සංශෝධන ඇතුළු කිරීමෙන් පසුව පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් විවාදයට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා ධෛර්යමත් වූයේ නැත. ඊට හේතුව වූයේ ඉහත සඳහන් කළ ආකාරයට මහනායක හිමිවරුන් කිහිප නමක් ඇතුළු ධර්මධර, විනයධර සංඝ පීතෘවරුන් රාශියක් ඊට එරෙහිව කරුණු සහිතව විරෝධය දැක්වීම ය.
විශේෂයෙන්ම අධිකරණයේදී එකග වූ සංශෝධන සිදු කිරීමෙන් පසුවද පනත මගින් අපේක්ෂා කරන මූලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බාධාවක් නැති බව ද පැහැදිලි ව පෙනුණි. මූලික වශයෙන් එම පනත ක්‍රියාත්මක වුවහොත් කතිකාවතක මූලික අරමුණ වන සම්බුද්ධ ශාසනයේ සමගිය වෙනුවට ඊට ඉඳුරාම පටහැනි ආකාරයට බරපතළ සංඝ භේදයක් වන බව දහම් පාසල් සිසුවෙකුට වුවද තේරුම් ගත හැක.
ප්‍රධාන වශයෙන්ම මහායාන හෝ වෙනත් නව කතිකාවතකට අයත් බවට සහ එම කතිකාවත මෙම පනත යටතේ ලියාපදිංචි නොකරන බවට ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලාට මෙම නීතිය අදාළ නොවේ. එවැනි තත්ත්වයක් තුළ ථේරවාදී භික්ෂූන් වහන්සේලාට අදාළව පමණක් භික්ෂු විනය රාජ නීතියට යටත් කිරීම මගින් ථේරවාදී භික්ෂූත්වය අධෛර්යමත් කරමින් සෙසු භික්ෂූත්වය දිරිමත් කෙරෙන බව මූලික වශයෙන් අවබෝධ කරගත හැක.
බුදුන් වහන්සේගේ කාලයේ සිට ඉතිහාසයේ කිසිදු කලෙක බුද්ධ නීතිය හෙවත් භික්ෂූ විනය කුමන හෝ අවස්ථාවක රාජ නීතියට යටත් කර නැත. ඓතිහාසිකව හා රජයේ හෝ රජුගේ භූමිකාව වූයේ ශාසනයේ පැවැත්ම සඳහා පහසුකම් සැලසීම පමණි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල සංගායනා පැවැත්වීම සහ එක් පොදු කතිකාවතක් ඇති කර ගැනීම සඳහා රාජ්යරය මැදිහත් වන්නේ භික්ෂුන් අතර සමගිය ඇති කිරීම මගින් ශාසනයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රජුට පැවරී ඇති මූලික වගකීම අනුවය.
අප රටේ රාජ්‍යයේ පැවැත්ම තහවුරු වූයේ බලකේන්ද්‍ර ත‍්‍රිත්වයක සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වය අනුව බව ඉතා පැහැදිළිය. එනම් එම බල ත්‍රිකෝනයේ ඉහළින් මහා සංඝරත්නය ද පහලින් ජනතාව සහ රජු ස්ථානගත වේ. රජු සහ ජනතාව අතර සමගිය ඇති වන්නේ මහා සංඝරත්නයේ ක්‍රියාකාරීත්වය මගිනි. එම ක්‍රියාවලිය තුළ රජුට රාජ්‍යයේ විධායක බලය ලැබුණද ව්‍යවස්ථාදායක බලය හෙවත් රජුට සහ ජනතාවට නීති පැනවීමේ බලය මහා සංඝරත්නය සතු විය.
ඒ අනුව අප වැනි රටක රාජ්‍ය යටත් කිරීම හෝ බිඳ වට්ටවා දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා මූලික කොන්දේසියක් වූයේ සම්බුද්ධ සාසනය හෙවත් එම තීරනාත්මක බලකේන්ද්‍රය බිඳ වැට්ටවීම ය. අද වන විට පවතින ආර්ථික අර්බුදය යොදා ගනිමින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා දියත් වී ඇති ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම තුළ මහා සංඝරත්නයට එරෙහිව එල්ල කරනු ලබන බහුවිධ ප්‍රහාරයේ අරමුණ වටහා ගත යුත්තේ එම මහ පින්තූරයට අනුවය.
ඒ අනුව කතිකාවත් පනත නැවත ගෙනඒමේ උත්සාහය ඒ සමස්ත ක්‍රියාවලියේ දිගුවක් බවට සාධාරණ චෝදනාවක් එල්ල කිරීමේ හැකියාව ඇත. ඊට අමතරව මේ අවස්ථාවේදී සංඝ සමාජය තුළ ඇතිවිය යුතු සැබෑ සංවාදය වෙනත් අතකට හැරවීමට ගන්නා උපක්‍රමයක් ලෙස ද එය යොදා ගන්නා බව පෙනේ.
කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා අතර සමගිය ඇති කිරීම සඳහා කතිකාවතක අවශ්‍යතාවය අවධාරණය කෙරී ඇත. එහෙත් එහිදී සිදුවූයේ කතිකාවත් රාශියක් ඇති කිරීම මගින් සංඝ භේදය ඇති කිරීම නොව අප්‍රකාසිත කතිකාවත් රාශියක් තිබේ නම් ඒ සියල්ල එක් කතිකාවතක් බවට පත් කිරීමය. එය වර්තමාන ඊනියා කතිකාවත් පනතේ අරමුණට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අරමුණක් බව පැහැදිලිව හඳුනාගත හැක.
එසේ වුවද එක් විහාරයකට හෝ විහාර කිහිපයකට අදාළව විහාර කතිකාවත් කිහිපයක් තිබිය හැක. එහෙත් එය විහාර සම්පර් දායන්ට අදාළව මිස විනය නීති වලට අදාලව නොවේ. ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආශ්‍රිතව එක් සාසන කතිකාවතකට සමස්ත මහා සංඝරත්නය එකඟ කර ගැනීම සඳහා රජු හෙවත් රාජ්‍යය මැදිහත් වූ අවස්ථා ප්‍රධාන වශයෙන් හතරක් හඳුනාගත හැක.
පොළොන්නරු යුගයේ දී මහා පරාකර කමබාහු රජතුමාගේ මැදිහත්වීම මත ඇතිකරගත් ගල් විහාර කතිකාවත ඒ අතරෙ පළමුවැන්න ලෙස හදුනාගත හැක. එහෙත් ඒ මඟින් බුද්ධ නීතිය රාජ නීතියට යටත් කිරීමට රජු උත්සාහ කළෙත් නැත.
රජුගේ භූමිකාව වූයේ පහසුකම් සැලසීම පමණි. ඒ අනුව එක් කතිකාවතක් ඇති කර ගැනීම සහ පරාතියයෝගිකව එය ක්‍රියාත්මක කිරීම භික්ෂු නායකත්වයේ වගකීමකි. එම ක්‍රියාවලියට අත දැමීම සඳහා රජුට කිසිදු බලයක් නොතිබුණි.
ඊට අමතරව ගිහියෙකු ලෙස අප දන්නා ථේරවාදී සම්ප්‍රදාය අනුව බුදුන් වහන්සේ දේශනා නොකළ නව විනය නීති පැනවිය නොහැකි අතර පැනවූ විනය නීති වෙනස් කිරීම හෝ අත්හැරීම ද නොකළ යුතුය. ඒ අනුව කතිකාවතකට ඇතුල් කළ හැකි දේ පිළිබඳව යම්කිසි නිකායකට හෝ බෞද්ධ කටයුතු කොමසාරිස්ට නීතිය මගින් තීරක බලයක් ලබා දෙන්නේ කෙසේද? එසේම කතිකාවත් රාශියක් පිළිබඳව කතා කිරීම ද ථේරවාදී සම්පර තීදායට පටහැනි බව එමගින් පැහැදිලි වේ.
එසේ නම් එම පනතට ථේරවාදී යනුවෙන් විශේෂණ පදයක් යෙදීම මෙන්ම කතිකාවත් යනුවෙන් බහු වචනයක් භාවිතා කිරීම මූලධාර්මික වරදක් නොවේද? එසේ වුවත් එම පිළිගැනීම මගින් සාසන කතිකාවතක් සකස් කිරීමේදී විනය නීති වලට අමතරව විහාර සම්පරප? දායන් ඊට ඇතුල් කිරීමේ බාධාවක් ඇති නොවේ. ඒ අනුව වත්මන් තත්ත්වයන්ට ගැලපෙන ලෙස විනය නීති වෙනස් කළ යුතු යැයි අදහස් දක්වන විද්වතුන් ට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අභියෝග නොකර විහාර සම්ප්‍රදායන් ලෙස යම් පරව නතිපාදන කතිකාවතට ඇතුළු කිරීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් නූතන අභියෝග වලට මුහුණ දීමේදී විනය නීතිය පමණක් නොව විහාර සම්පරේ හදායන් මෙන්ම සීලය ද වැදගත් වන බව ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා පවසති. උදාහරණයක් ලෙස මුදල් භාවිතයට අදාළ ගැටලූ සීලය මගින් අවම කර ගැනීමේ හැකියාව ඇත. එසේ වුවත් කතිකාවත් යන බහු වචනය සහ පොදු සාසන කතිකාවතක් වෙනුවට ථේරවාදී යනුවෙන් විශේෂණ පදයක් යෙදීම උන්වහන්සේලා අනුමත කරන්නේ නැත.
සමස්තයක් ලෙස ගත්විට ඊනියා කතිකාවත් පනතට 2015දී ඇතුල්කර තිබූ එහෙත් අධිකරණයේදී ඉවත් කර ගැනීමට එකඟ වූ වගන්ති සහ 2023 සම්මත කිරීමට නියමිත පනතේ පරධිකතිපාදන සියල්ල අධ්‍යයනය කිරීමේදී සමස්ථ ක්‍රියාවලිය තුළ කුමන හෝ යටි අරමුණු තිබෙන බවට බරපතල සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
විශේෂයෙන්ම ඉහත සදහන් කළ ආකාරයට අද වන විට ඊනියා අරගලයෙන් පසුව සමස්තයක් ලෙස සම්බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට විශේෂිතව එල්ල කෙරෙන බහුවිධ පරි හාරයන් දෙස බලන විට සමාජ සංස්ථාවක් ලෙස සංඝ සමාජය තුළ අභ්යධන්තර අර්බුද ඇති කිරීමේ මහා පරිමාණ උවමනාවක් තිබෙන බව ඉතා හොදින් දැකගත හැක.
අධිරාජ්‍යවාදී රටවල් තම යටත් විජිත දීර්ඝකාලීනව, පූර්ණ හෝ අර්ධ යටත් විජිත ලෙස හෙවත් දාස රාජ්‍යයන් ලෙස පවත්වාගෙන යාම සඳහා සමාජ සංස්ථාවන් අභ්යින්තරයෙන් බිඳ දැමීම ප්‍රබල උපාංගයක් ලෙස යොදා ගන්නා බවට බොහෝ සාක්ෂි ගොනු කර දැක්විය හැක. ඒ ආකාරයට ‘‘ආයතන විරෝධී න්‍යාය’’ යොදා ගනිමින් අප රටේ විනාශයට ලක් කෙරෙන ප්‍රධාන සමාජ සංස්ථාවන් දෙකක් ලෙස සැලකිය හැක්කේ සංඝ සමාජය සහ පවුල බව ඉතා පැහැදිලිව දැකගත හැක.
අප රටේ පවුල් සංස්ථාව බිඳ දැමීම සඳහා විවිධ නාමකරණයන් යටතේ නීති පැනවූ නමුත් ඒ පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වූයේ නැත. ඊට හේතුව එම නාමකරණය මගින් අදාල පනත් වල යටි අරමුණු සැඟවීම ය. උදාහරණයක් ලෙස කාන්තා හිංසනය වැළැක්වීමේ නාමයෙන් ඉදිරිපත් කරන පනතක සැබෑ යටි අරමුණ වන්නේ පවුල කඩා ඉහිරවීම ය. අප රටේ සිටින යශෝධරා පරපුරේ අම්මාවරුන් ලෝකයේ කිසිදු රටක දක්නට නැති බව ඕනෑම විද්වත් සභාවක කරුණු සහිතව ඔප්පු කළ හැක. තමාට පුද්ගලිකව විදින්නට සිදුවන සියලූ දුෂ්කරතාවයන් මහමෙරක් සේ උසුලමින් තම දරුවන් වෙනුවෙන් පවුල රකින මව්වරුන් විසින් සමාජ සංවර්ධනය සඳහා ලබා දෙන අසීමිත දායකත්වය පිළිබඳව මහා සමාජ කතිකාවක් දක්නට නැත.
අදාළ පනත මගින් දිරිමත් කෙරෙන්නෙත් පවුල හෝ දරුවන් ගැන නොසලකා තමා ගැන සිතමින් දික්කසාද වීම ය. සංඝ භේදය ඇති කොට සංඝ සමාජය බිඳ දැමීමේ කරිින්යාවලිය ද ඊට බොහෝ සමාන වේ. එහෙත් එහිදී නව නීති වලට අමතරව සමාජ ජාල මගින් මහා සංඝ රත්නයේ භූමිකාව අවතක්සේරු කරමින් උන්වහන්සේලාට වෛර සහගත ව ප්‍රහාර එල්ල කිරීම යොදාගනු ලබයි.
ඒ ආකාරයට භික්ෂූන් වහන්සේලා පීඩනයට ලක් කිරීම මගින් උන්වහන්සේලා සිවුරු හැර යාමට පොළඹවන අතර අනෙක් පැත්තෙන් සමස්තයක් ලෙස භික්ෂු භූමිකාව අවතක්සේරු කරමින් භික්ෂූත්වය අධෛර්යමත් කෙරෙයි. නව පනත මගින් තම නිකාය සහ විහාර සම්ප්‍රදාය අත්හැරීම මගින් හෝ නව නිකායන් හෝ පාර්ශව පිහිටුවීම මගින් එම පීඩනයට මුහුණ දීම සඳහා පෙළඹවීමක් ඇති වේ.
එදා 2015 පනත් කෙටුම්පතේ සංශෝධනයක් ලෙස මෙවර ඉදිරිපත් කරන කෙටුම්පත මගින් ඕනෑම නිකායකට හෝ නිකායේ පාර්ශ්වයකට කතිකාවතක් සම්මත කිරීමෙන් හෝ ලියාපදිංචි කිරීමෙන් වැලකී සිටිය හැක. ඊට අමතරව ලියාපදිංචි කළ කතිකාවක් ප්‍රතිපාදන වලින් ගැලවීම සඳහා තමා එම කතිකාවතට අයත් නොවන බවට පරන කකාශයක් කිරීම මගින් එම බැඳීමෙන් ගැලවීමේ හැකියාව ඕනෑම භික්ෂූන් වහන්සේ නමකට ලැබේ.
ඊට අමතරව නව නිකායන් සහ පාර්ශව බිහිකිරීම මගින් නව කථිකාවක් ඉදිරිපත් කිරීම මගින් යම් බැඳීම් ලිහිල් කර ගැනීමේ හැකියාවද ඇත. ඒ මගින් සංඝ භේදය ඇති වීමට අමතරව භික්ෂු විනය පිළිබඳව මහ අවුලක් නිර්මාණය වීමේ හැකියාව ඇත. ඊට හේතුව විවිධ ආකාරයට විනය නිර්වචනය කිරීමේ හැකියාවක් ලැබීම ය. ඊට අමතරව මෙම පනත මගින් විනය විරෝධී කරිග යාවක් පිළිබඳව භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ගනු ලැබූ තීන්දුවක් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ හැකියාව ලැබේ.
ඒ අනුව ලේඛකාධිකාරී හිමිවරු පමණක් මහනායක හිමිවරුන් ද මහනායක අධිකරණය හමුවේ අසරණ කෙරෙන තත්ත්වයක් මගින් උන්වහන්සේලාගේ ගෞරවය හැල්ලූවට ලක් කිරීමට අවස්ථාව නිර්මාණය කෙරේ. එවැනි තත්ත්වයක් මගින් ඇතිවන්නේ දුස්ශීල භික්ෂූන් ශාසනයෙන් නෙරැපීම සඳහා මෙවැනි පනතක් අවශ්‍ය බව කියන යම් හිමිවරු අපේක්ෂා කරන තත්ත්වයට ඉඳුරාම පටහැනි දෙයකි.
ඊට අමතරව නව පනත මගින් කතිකාවතක අඩංගුව පිළිබඳව මහ නායක හිමිවරුන්ට නියෝග දී දීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබේ. මීට පෙර 2015 දී ඉදිරිපත් කළ කෙටුම්පත අනුව කතිකාවතක් සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු වැරදි පරම මාණයක් මෙන්ම ඊට අදාළ දඬුවම් පිළිබඳව පනත් මගින් ම පරස් තිපාදන පනවා තිබුණි. එම වගන්ති ව්යමස්ථාවට පටහැනි බවට අධිකරණයේ දී තීන්දු වූ බැවින් ඒවා ඉවත් කළ ද නව පනත මගින් අදාළ කරුණු පිළිබඳව කොන්දේසි පැනවීමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලැබේ. එසේම කතිකාවක අඩංගුව පිළිබඳව තීරණ ගැනීමේ බලය 2015 පනත් කෙටුම්පත මගින් අමාත්‍යවරයා විසින් පත්කරන තිපුද්ගල විද්වත් කමිටුවකට පවරා තිබුණි. අධිකරණයේ දී එම වගන්තිය ද ඉවත් කර ගැනීමට නීතිපතිවරයාට සිදු වූ බැවින් නව පනත යටතේ එම බලය අපර ව කාශිත ව කොමසාරිස්වරයකුට ලැබේ. බුද්ධ නීතිය රාජ නීතියට යටත් කළ යුතු බවට යම් භික්ෂූන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන පරකෙටධාන තර්කය වන්නේ විනය විරෝධී කරියට යාවල නිරත වන භික්ෂූන් ශාසනයෙන් නෙරපා හැරීම ය. එහෙත් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයේ අවුල් රාශියක් නිර්මාණය කිරීම මගින් ස්වයං විනාශයක් කැඳවා ගැනීමේ අවශ්යකතාවයක් නැත.
ඒ සඳහා කළ යුත්තේ විනය පිළිබඳව කරිණ යාමාර්ග ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම සංඝ සභාවට පමණක් අයත් කටයුත්තක් බව පිළිගෙන විනය විරෝධී හැසිරීම පිළිබඳව ශාසනයෙන් නෙරපා හැරීමට ලක්වන භික්ෂුවක් එම තීන්දුවට අවනත වන බව සහතික කිරීමය. එම දඩුවමට අදාළ ව පමණක් රටේ පොදු නීතිය යොදා ගැනීමේ හැකියාව ඇත. කාරක සංඝ සභාව විසින් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ශාසනයෙන් නෙරපා හරින ලද බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැන්වීමෙන් පසුව අදාළ හැඳුනුම්පත ආපසු භාර දිය යුතු බවට සහ තීන්දුව කරිු යාත්මක කරන ලෙස භික්ෂූන් වහන්සේට දන්වා සිටිමි බලය බෞද්ධ කටයුතු කොමසාරිස් සතු වේ. අදාල භික්ෂූන් එම නියෝගය නොතකා තවදුරටත් චීවරධාරියකු හෙවත් වේශධාරීයකු ලෙස පෙනීසිටීනම් එම පුද්ගලයාට එරෙහිව විහාර දේවාලගම් පනතේ පනත 42 වගන්තිය යටතේ පියවර ගැනීමේ හැකියාව ඇත. නමුත් එම වගන්තියේ ප්‍රතිපාදන ශක්තිමත් නොමැති බැවින් එම වගන්තියට අදාළව පමණක් අදාළ පනත සංශෝධනය කර අවශ්‍ය වන ප්‍රතිපාදන ශක්තිමත් කිරීමේ බාධාවක් නැත.
මේ වන විට ඉදිරිපත් කරන සංශෝධනය කරන ලද බව කියන ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත මගින් ද අවසානයේ අදාළ කටයුත්ත ඉටු කරගනු ලබන්නේ විහාර දේවාලගම් පනතේ පනත 42 වගන්තිය මගිනි. සියලූ විනාශයන්ට මග පෑදීමෙන් පසුවද අවසානයේ දී කළ යුත්තේ එය නම් කතිකාවත් පනතක් නොමැතිව එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ හැකියාව ඇත.
එසේ වුවත් විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේදී වෙනත් කූඨ සංශෝධන ඇතුළු කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස මහා විහාර සම්ප්‍රදායන්ට අදාළ යම් වගන්ති සංශෝධනය කිරීම මගින් වෙනත් ආකාරයකට නිකාය භේදයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. මීට පෙර විහාර දේවාලගම් දේපල නිරවුල් කිරීම සඳහා යම් සංශෝධන ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම දේපළ අයුතු ලෙස භුක්ති විඳින බලවත් පිරිස් ඒ සමග වෙනත් ප්‍රශ්නකාරී සංශෝධන ඇතුළු කිරීම සඳහා අමාත්‍යවරුන්ට ලණු ගිල්ලවීම නිසා සමස්ත ක්‍රියාවලිය අකුලා ගැනීමට සිදුවිය.
එසේම බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම මුල්කරගෙන පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන ශක්තිමත් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ අනුමැතිය සහිතව අදාල පනතට සංශෝධන ඉදිරිපත් කළ ද ඉහත සඳහන් කළ පිරිස් එම පනත් කෙටුම්පත කුණු කූඩයට දමා ඇත.
කෙසේ වෙතත් කතිකාවත් පනත මගින් සංඝ භේදය ඇති කිරීමේ ආනන්තරිය පාප කර්මයට දායක වන පිරිස් වෙනත් ආගමික අන්තවාදීන්ගේ උවමනාවක් ඉටු කිරීමටද හැකියාව ද ඇත. උදාහරණයක් ලෙස පාකිස්ථානයේ දී සිදු කළ ආකාරයට ආගමික අන්තවාදය නීතිගත කිරීමේ උත්සාහය සාධාරනීකරණය කිරීම සදහා කථිකාවත් පනත පෙන්වීමේ හැකියාව බැහැර කළ නොහැක.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...