පුරවැසි කොලම

රුසියාවට එරෙහිව කරණු ලබන යුද්ධයේදී  යුක්‍රේන හමුදාවේ කාලතුවක්කු උණ්ඩ සඳහා ඇති දැඩි අවශ්‍යතාවය සපුරාලීම සඳහා පෙන්ටගනය ඊශ්‍රායලයේ ගබඩා කර ඇති විශාල වුවද  එතරම් ප්‍රසිද්ධ නැති ඇමරිකානු පතොරම් තොගයක්  යුක්‍රේන හමුදා වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව ඇමරිකානු සහ ඊශ්‍රායල නිලධාරීහු පවසති.

මැද පෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් වලදී පෙන්ටගනයේ අවශ්‍යතාවයන් සපුරා ගනු පිණිස  ගබඩා කර ඇති ආයුධ සහ පතොරම් වලින් මෙම කාල තුවක්කු උන්ඩ  තොගය ආපසු රැගෙන යන බවද අනාවරණය වේ. මෙම ආයුධ තොගය සම්බන්ධයෙන් අදහස් දක්වන ඊශ්‍රායල නිලධාරියෙකු පවසා සිටියේ,  මෙම ආයුද තොගය වෙත,  හදිසි අවස්ථා වලදී ඊශ්‍රායල හමුදා වලටද ප්‍රවේශ වීමට එක්සත් ජනපදය අවසර දී තිබුණු බවයි.

රුසියානු  යුක්‍රේන ගැටුම කාලතුවක්කු යොදාගනිමින් මෙහෙයවනු ලබන යුද්ධයක් බවට පත් වී ඇති අතර, දෙපාර්ශවයම දිනපතා ෂෙල් වෙඩි දහස් ගණනක් දෙපාර්ශවයම එකිනෙකා වෙත ඉලක්ක කරමින් පහර දෙයි.  යුක්‍රේනය තමන් සතු සෝවියට් යුගයේ අවි ආයුධ භාවිතය විශාල වශයෙන්  අඩු කර ඇති අතර බොහෝ දුරට එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් විසින් පරිත්‍යාග කරන ලද කාලතුවක්කු සහ උණ්ඩ භාවිතා කිරීමට කටයුතු කරමින් සිටියි.

කාලතුවක්කුව නම් යුද අවිය  යුක්‍රේනය සහ රුසියාව යන දෙපාර්ශවයටම ගොඩබිම් සටන්වල ගිනි බලයේ (fire power) කොඳු නාරටිය වන අතර, යුද්ධයේ ප්‍රතිඵලය මුලින්ම කාලතුවක්කු පතොරම් අවසන් වන්නේ කුමන පැත්තේද යන්න මත රඳා පවතිනු ඇතැයි යුද විශ්ලේෂකයෝ පවසති. එක්සත් ජනපදයේ  ගබඩා කර ඇති යුද අවි තොග අතර තිබෙන උන්ඩ ප්‍රමානය  යුක්‍රේන හමුදාවේ අවශ්‍යතාවය සපුරාලීමට තරම් ප්‍රමානවත් නැති  අතර ඇමරිකානු ආයුධ නිෂ්පාදකයින්ට තවමත්  යුක්‍රේනයේ යුධ පිටියේ මෙහෙයුම්වල වේගයට අවශ්‍ය ප්‍රමානයට කාලතුවක්කු උන්ඩ නිපදවීමට  නොහැකි  බව වාර්තා වේ. පෙන්ටගනය අවශ්‍ය කාලතුවක්කු උන්ඩ පරතරය පියවා ගැනීම සඳහා විකල්ප දෙකක් වෙත යොමු වී ඇත. ඒවායින්  එකක් දකුණු කොරියාවේ පිහිටි අමෙරිකානු ආයුද ගබඩා වන අතර අනෙක ඊශ්‍රායලයේ ඇති උන්ඩ ගබඩා වේ.  යුක්‍රේන යුද්ධයේදී මෙම අවි ගබඩාවල ඇති කාලතුවක්කු උන්ඩ භාවිතය සබන්ධයෙන් මින් පෙර වාර්තා වී නොමැත.

යුක්‍රේන යුද්ධය  පවත්වා ගැනීමට සහය වීම සඳහා අමෙරිකාව ඊශ්‍රායලයේ සහ කොරියාවේ අමෙරිකානු යුද අවි  ගබඩා දෙකෙන් කාලතුවක්කු උණ්ඩ ලක්ෂ ගනනක් නැව්ගත කිරීම ඇමරිකාවේ කාර්මික ශක්තියේ සීමාවන් විදහා දක්වන බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි. අනෙක් අතට  යුක්‍රේනයට මිලිටරි ආධාර නොයැවීමට කටයුතු කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එක්සත් ජනපදයට අත්‍යවශ්‍යම සහචරයින් දෙදෙනෙකුගේ රාජ්‍යතාන්ත්‍රික සංවේදීතාවයන් පිළිබඳ කතාවද හෙළි වන බව යුද විශේෂඥයන්ගේ අදහස වේ.

ඊශ්‍රායල් රුසියා හොඳ හිත බිඳෙනවාට ඊශ්‍රායලය බිය වෙයි

මොස්කව් සමග සබඳතා පළුදු වේ යැයි බියෙන්  යුක්‍රේනයට ආයුධ සැපයීම ඊශ්‍රායලය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර පෙන්ටගනය තම යුධෝපකරණ තොගයෙන්  යුක්‍රේනයට අවශ්‍ය යුද අවි  ලබා ගන්නේ නම්  යුක්‍රේනය සන්නද්ධ කිරීමේ හවුල්කරුවෙකු ලෙස චෝදනවාට ලක්වීම සම්බන්ධයෙන්  මුලදී කනස්සල්ල පළ කළේය.අමෙරිකාව  යුක්‍රේනයට නිදහස් කරන ලෙස නියම කර ඇති කාල තුවක්කු උණ්ඩ 300,000 න් අඩක් පමණ දැනටමත් යුරෝපයට යවා ඇති අතර අවසානයේ පෝලන්තය හරහා ඒවා බෙදා හරින බව ඊශ්‍රායල සහ ඇමරිකානු නිලධාරීන් පැවසීය.

යුක්‍රේනයට තවත් යුද ටැංකි සහ වෙනත් අවි එවීම ගැන සාකච්ඡා කිරීමට සිකුරාදා ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් කඳවුරේදී හමුවීමට නේටෝ රාජ්‍යයන් ඇතුළු දුසිම් ගනනක ජ්‍යෙෂ්ඨ ආරක්ෂක සහ හමුදා නිලධාරීන් සූදානම් වෙද්දී, එක්සත් ජනපද නිලධාරීන් තිරය පිටුපස සිට පොරකමින් සිටින්නේ අවශ්‍ය තරම් කාලතුවක්කු උන්ඩ එකතු කිරීමටය.

“ඉදිරි පෙරමුණ දැන් බොහෝ දුරට නිශ්චලව ඇති හෙයින්, කාලතුවක්කු වඩාත්ම වැදගත් සටන් උපක්‍රමය බවට පත්ව ඇත.” හිටපු ධවල මන්දිර යුධ උපායමාර්ගිකයෙකු වන මාර්ක් එෆ්. කැන්සියන්, ඔහුද ජේෂ්ඨ උපදේශකයෙක් ලෙස කටයුතු කරන වොෂින්ටනයේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා කරණු ලැබූ නව අධ්‍යයනයක දී පැවසීය.

අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද තවත් විශ්ලේෂනයකින් කියා සිටියේ  යුක්‍රේනයට විශේෂයෙන්ම කාලතුවක්කු පතොරම් මෙන්ම අමතර කොටස් සඳහා ස්ථායී සැපයුමක් දිගටම ලැබෙන්නේ නම්, එය රුසියාව අත්පත් කරගත් තවත් භූමි ප්‍රමාණයක් ආපසු ලබා ගැනීමට යුක්‍රේනයට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.

“ප්‍රශ්නය වන්නේ  යුක්‍රේන හමුදාවන්ට මුල් බැසගත් රුසියානු හමුදාවන්ගෙන් භූමි ප්‍රදේශය නැවත අත්පත් කර ගැනීමට මෙම වාසි ප්‍රමාණවත් වේද යන්නයි” යනුවෙන් ප්‍රමුඛ හමුදා විශ්ලේෂකයින් වන රොබ් ලී සහ මයිකල් කොෆ්මන් සිය විශ්ලේෂණයකදී සටහන් කරණු ලැබීය.

යුක්‍රේන හමුදාවට ප්‍රමාණවත් තරම් කාලතුවක්කු පතොරම් වලින් සන්නද්ධ කිරීම, වඩාත් නිරවද්‍ය දිගු දුර ආයුධ, බටහිර යුධ ටැංකි සහ සන්නද්ධ සටන් වාහන සහ ඒකාබද්ධ අවි පුහුණුව ලබා දීමෙන් එහි සමස්ත සටන් බලය වැඩි කිරීමට ඇමරිකානු නායකත්වය යුක්‍රේන ය දිනවීමට දරණ   ප්‍රයත්නයේ විශාල කොටසක් බවද විශ්ලේෂකයෝ පවසති.

එක්සත් ජනපදය මේ වන විට  යුක්‍රේනයට  යවා ඇත්තේ හෝ යැවීමට තීරණය කර ඇත්තේ මිලිමීටර් 155 ෂෙල් වෙඩිය. එම ප්‍රමානය මිලියනයකට වඩා තරමක් වැඩිය. එයින්  අඩකට පමණ ආසන්න කොටසක් අමෙරිකානු ආයුද  තොග ගබඩාව වලින් නිදහස් කර ඇත. ඉතිරි මිලිමීටර් 155 ක ෂෙල් වෙඩි ප්‍රමානය ජර්මනිය, කැනඩාව, එස්තෝනියාව සහ ඉතාලිය ඇතුළු අනෙකුත් බටහිර රටවල්  යුක්‍රේනයට  යවා ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

යුක්‍රේන හමුදා සන්නද්ධ කිරීමෙන් අමෙරිකාව යුදමය වශයෙන් අස්ථාවර වෙතැයි පෙන්ටගනයට සැකයි

යුක්‍රේන හමුදාව මසකට කාලතුවක්කු උණ්ඩ 90,000ක් පමණ භාවිතා කරන අතර, ඒවා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් එක්ව නිෂ්පාදනය කරනු ලබන අනුපාතය මෙන් දෙගුණයක් පමණ වන බව එක්සත් ජනපද සහ බටහිර නිලධාරීහු පවසති. ඉතිරිය ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ පවතින තොග හෝ වාණිජ විකුණුම් ඇතුළු වෙනත් මූලාශ්‍රවලින් පැමිණිය යුතු බව, මෙහෙයුම් කරුණු සාකච්ඡා කිරීම සඳහා නිර්නාමිකභාවයේ කොන්දේසිය පෙරට දමමින් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරියෙක් පැවසූ බව නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි.

“එක්සත් ජනපදය එහි තොගවලින් වෙනස පියවනවා. නමුත් එය තිරසාර විසඳුමක් දැයි සැක උපදනවා.” ආර්ලිංටන්, වා හි පර්යේෂණ ආයතනයක් වන සීඑන්ඒ හි රුසියානු අධ්‍යයන අධ්‍යක්ෂ කොෆ්මන් මහතා පැවසීය. “එයින් අදහස් කරන්නේ එක්සත් ජනපදය වෙනත් තැනක ඇතිවිය හැකි අවදානමක්  දරා ගැනීමට කටයුතු කරන බවයි..”

කොෆ්මන් මහතා සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ  යුක්‍රේන හමුදාව සටන් කරන ආකාරය වෙනස් කිරීමකින් තොරව ශක්තිමත් රුසියානු ආරක්ෂකයන්ට එරෙහිව , අනාගත  යුක්‍රේන ප්‍රහාර වල ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සැලකිය යුතු ලෙස වැඩි කාලතුවක්කු උණ්ඩ ප්‍රමානයක් අවශ්‍ය විය හැකි බවයි.

පෙන්ටගනයේ නිලධාරීන් පවසන්නේ ,  යුක්‍රේන හමුදා සන්නද්ධ කරන විට ,ඇමරිකානු තොග අනතුරුදායක ලෙස පහත් මට්ටමට නොපැමිණෙන බවට සහතික විය යුතු බවයි. කෙසේ වුවද ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල නිලධාරීන් දෙදෙනෙකුට අනුව, එක්සත් ජනපදය ඊශ්‍රායලයට පොරොන්දු වී ඇත්තේ තම භූමියේ ගබඩාවලින් ගන්නා දේ නැවත පුරවන බවත් දැඩි හදිසි අවස්ථාවකදී වහාම පතොරම් නැව්ගත කරන බවත්ය.

” යුක්‍රේනයට අවශ්‍ය තාක් කල් අපට සහයෝගය දැක්වීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි,” පෙන්ටගනයේ ප්‍රකාශක බ්‍රිගේඩියර්   ජෙනරාල් පැට්‍රික් රයිඩර් පසුගිය සතියේ වාර්තාකරුවන්ට පැවසීය. “අපගේ ජාතිය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සූදානම් මට්ටම් දිගටම පවත්වා ගැනීමට අපට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි.”ජෙනරල් රයිඩර් නිව් යෝර්ක් ටයිම්ස් වෙත ඊයේ(17) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ආරක්ෂක හේතූන් උපුටා දක්වමින් පෙන්ටගනය “උපකරණ හෝ ද්‍රව්‍ය සපයන ස්ථානය හෝ ඒකක සාකච්ඡා නොකරනු ඇති” බව ප්‍රකාශ කළ ඔහු එම යුද සංචිත  ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන බවද පැවසුවේය.

පසුගිය වසරේ පෙන්ටගනය ප්‍රථම වරට ඊශ්‍රායල ආයුද ගබඩාවෙන් යුධෝපකරණ ඉවත් කර ගැනීමේ අදහස මතු කළ විට, ඊශ්‍රායල නිලධාරීන් මොස්කව්හි ප්‍රතිචාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළහ.

ඉරාන සහ හිස්බුල්ලා හමුදා ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර සීමා කිරීම සඳහා සිරියාවේ ස්ථානගත කර ඇති සිය හමුදා යොදා ගනිමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි යන බියෙන් ඊශ්‍රායලය  යුක්‍රේනයට ආයුධ විකිණීම අත්හිටුවීමට ආසන්න වශයෙන් බලපෑ කාරනය වන්නට ඇති බව විශ්ලේෂකයෝ පවසති.

යුක්‍රේනයට මාරාන්තික අවි ලබා නොදීමේ ප්‍රතිපත්තිය ඊශ්‍රායලය වෙනස් කර නැහැ

පසුගිය පෙබරවාරියේ රුසියාව  යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සමග ඊශ්‍රායලයේ සබඳතාව දැඩි පරීක්ෂාවට ලක්ව ඇති අතර  යුක්‍රේන නිලධාරීන් ඊශ්‍රායල රජයට පවසා ඇත්තේ රුසියානු පීඩනයට හිස නමමින් තම රටට සීමිත සහයෝගයක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙසයි.

රුසියානු  යුක්‍රේන යුද්ධය ඇදී යද්දී, පෙන්ටගනය සහ ඊශ්‍රායලය මිලිමීටර් 155 ෂෙල් වෙඩි 300,000 ක් පමණ ගෙන යාමට එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල සහ ඇමරිකානු නිලධාරීහු පැවසූහ.

යුධෝපකරණ රැගෙන යාමේ ඇමරිකානු උවමනාව නිල වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේ ඔස්ටින් III සහ එවකට ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා වූ බෙනී ගැන්ට්ස් අතර සංකේතාත්මක දුරකථන සංවාදයකදී බව සංවාදයේදී ගන්නා ලද තීන්දු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත හෙළිදරව් කළ ඊශ්‍රායල නිලධාරියෙකු පැවසුවේය.

බෙනී ගැන්ට්ස් මහතා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය වෙත  ප්‍රශ්නය ගෙන ආ අතර අදාල කාලතුවක්කු  පතොරම් ඇමරිකානු දේපළ වූ නිසා, එක්සත් ජනපදය සමඟ ආතතිය වළක්වා ගැනීමේ සැලැස්ම පිළිගැනීමට නියෝජිතයින් නිර්දේශ කළ ආරක්ෂක ක්‍රම උපායාට අනුගත වන ලෙස  නිලධාරීන් ඉල්ලා සිටියේය. එවකට අගමැති වූ යායර් ලපිඩ් අමාත්‍යය මණ්ඩල සාකච්ඡාව අවසානයේ අදාල ඉල්ලීම අනුමත කළේය.

යුක්‍රේනයට මාරාන්තික අවි ලබා නොදීමේ ප්‍රතිපත්තිය ඊශ්‍රායලය වෙනස් කර නැති බවත් ඒ වෙනුවට තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේම පතොරම් භාවිතා කිරීමට ඇමරිකානු තීරණයකට එකඟ වන බවත් ඊශ්‍රායල බලධාරීහු ප්‍රකාශ කළහ.

“එක්සත් ජනපද ඉල්ලීමක් මත පදනම්ව, ඇතැම් උපකරණ ඊශ්‍රායලයේ ඇති අමෙරිකානු යුද අවි තොගවලින්  එක්සත් ජනපදයට ලබා දීමට කටයුතු කරනවා” යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රකාශකයෙකු ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවූ ලිපියක් උපුටා දක්වමින් නිවේදනය කළේය.

ඊශ්‍රායලයේ ඇමරිකානු මිලිටරි දෘඩාංග සහ යුධෝපකරණ තොග ගබඩා පවත්වා ගෙන යාමේ මූලාරම්භය 1973 වර්ෂයේ සිදු වූ අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී ආරම්භ වූ අතර, ඊශ්‍රායල හමුදා නැවත එම ආයුද අමෙරිකාවට සැපයීම සඳහා පොරොන්දුව මත එක්සත් ජනපදය විසින් ආයුධ ගුවනින් රැගෙන ආවේය.

කාලතුවක්කු උණ්ඩ සෘජුවම  යුක්‍රේනයට යැවීමට කොරියාවත් විරුද්ධයි

යුද්ධයෙන් පසු එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආයුද ගබඩා ස්ථාපිත කළේ යළිත් අර්බුදයකට හසු වුවහොත් ඊශ්‍රායලය මත විශ්වාසය තැබිය හැකි බැවිනි. 1980 ගනන්වල දෙරට විසින් අත්සන් කරන ලද උපායමාර්ගික සංදේශයක් මගින් ඊශ්‍රායලය තුළ පෙන්ටගනයේ යුද වත්කම් “පූර්ව ස්ථානගත කිරීම” සඳහා මග පෑදුවේ හිටපු එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකු සහ ගිවිසුම පිළිබඳ සෘජු දැනුමක් ඇති හිටපු ඊශ්‍රායල හමුදා නිලධාරියෙකුගේ මැදිහත් වීම අනුව ය.

ඇමරිකානු යුද ටැංකි සහ සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරන රථ මුලින් ඊශ්‍රායලයේ දකුණු කාන්තාරයට ගෙන යන ලද්දේ අවශ්‍ය නම් කලාපයේ එක්සත් ජනපද හමුදා විසින් ඒවා භාවිතා කරනු ඇතැයි යන අවබෝධය ඇතිව බව සංවේදී අභ්‍යන්තර සාකච්ඡා එළිදරව් කිරීම සඳහා නිර්නාමිකභාවයේ පූර්ව කොන්දේසිය මත ඊශ්‍රායල නිලධාරින් පැවසූ බව නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි.

2000 දශකයේදි , එක්සත් ජනපද යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා යුදෝපකරණ ඇතුළත් කිරීම සඳහා වැඩසටහන පුළුල් කරන ලද අතර ඒවා සියල්ලම ඇමරිකානු හමුදා නිලධාරීන්ට පමණක් ප්‍රවේශ විය හැකි වෙනම ස්ථානවල ගබඩා කර ඇති බව හිටපු එක්සත් ජනපද ආයුධ පරීක්ෂකයෙකු පවසයි.

එකල, නිල වශයෙන්  වොර්සෝ-I නොහොත් මිත්‍ර-ඊශ්‍රායලය සඳහා වූ යුධ සංචිත තොගය, එක්සත් ජනපද යුරෝපීය විධානය විසින් අධීක්ෂණය කරන ලදී. නමුත් 2021 සැප්තැම්බර් මාසයේදී එහි වගකීම් වපසරිය නැවත සකස් කිරීමෙන් පසුව මේ වන විට එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ඒවා කළමනාකරණය කරනු ලැබේ.

2022 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලද කොන්ග්‍රස් පර්යේෂණ සේවා වාර්තාවකට අනුව, ඊශ්‍රායලයට 2006 ගිම්හානයේදී හිස්බුල්ලා සංවිධානය සමඟ යුද්ධයේදී සහ 2014 දී ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි මෙහෙයුම් වලදී යුද අවි තොග ගබඩාවෙන් ඇමරිකානු යුධෝපකරණ ඉවත් කර ගැනීමට අවසර ලැබුණි.

පෙන්ටගනය  පසුගිය වසරේදී දකුණු කොරියාව වෙත ළඟා වූයේ එහි එක්සත් ජනපද යුද අවි තොග ගබඩාවේ තිබූ යුධෝපකරණ  යුක්‍රේනයට මාරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමටය.

යුද අවි තොග භාවිතා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට ඊශ්‍රායල ජාතිකයින්ට වඩා දකුණු කොරියානුවන් කැමැත්තෙන් සිටි බව එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. නමුත් විවිධ හේතූන් මත කාලතුවක්කු උණ්ඩ සෘජුවම  යුක්‍රේනයට යැවීමට ඔවුන් විරුද්ධ වූ බව නිලධාරියා පැවසීය. ROK (Republic Of Korea) ලෙස සලකුණු කරන ලද කාලතුවක්කු උණ්ඩ දකුණු කොරියානු ආයුධ අපනයන නීති උල්ලංඝනය කරමින්  යුක්‍රේනයට අපනයනය කිරීමට දකුණු කොරියානු රජයට අවශ්‍ය නොවීය.

කෙසේ වෙතත්  වෙනත් රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වල ඇමරිකානු ආයුද  තොග නැවත පිරවීම සඳහා කොරියානු ආයුද තොගයෙන් කාලතුවක්කු උණ්ඩ යවනු ලැබේ.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව  විසින් මීට පෙර වාර්තා කළ ගනුදෙනුවක් වන දකුණු කොරියාවෙන් නව කාලතුවක්කු උණ්ඩ 100,000 ක් මිලදී ගැනීමට ද එක්සත් ජනපදය මේ වන විට එකඟ වී ඇත.

එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ ඇමරිකානු මූනිස්සම් නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදනය වේගවත් කිරීමට හැකි වන තෙක් විදේශීය මූනිස්සම් තොගවලට යුක්‍රේනියානුවන් ප්‍රවේශ වීම යටපත් කිරීමට උපකාරී වනු ඇති බවයි.

වෙනත් සාධක විසින්ද  යුක්‍රේනයට එල්ල වන රුසියානු ෂෙල් වෙඩි වලින්  පීඩනය ලිහිල් කළ හැක. මෑත සතිවලදී රුසියාවේ කාලතුවක්කු ප්‍රහාරය තියුනු ලෙස අඩු වී ඇති බව පෙන්ටගනයේ නිලධාරීන් පැවසුවේ, අඩු සැපයුම් නිසා මෙම ප්‍රහාර අඩුවීම පිළිබිඹු විය හැකි බවයි. උතුරු කොරියාව රුසියාවට කාලතුවක්කු උණ්ඩ නැව්ගත කරන බව ධවල මන්දිර නිලධාරීන් නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළ අතර එය යුධෝපකරණ හිඟයේ තවත් ලකුණක් බව එක්සත් ජනපද නිලධාරීහු පැවසූහ.

අවසාන වශයෙන්, එක්සත් ජනපදය  යුක්‍රේනයට කාලතුවක්කු පතොරම් වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙයි. යුක්‍රේනියානුවන් විසින් කාලතුවක්කු ප්‍රහාර රාශියක් එල්ල කර ඇති අතර, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන් විසින් සපයන ලද මිලිමීටර් 155 “හොවිට්සර්” වලින් තුනෙන් එකක් පමණ අලුත්වැඩියා සඳහා කොමිස් මුදල් ලබාගෙන නැත.

පසුගිය ගිම්හානයේදී, ඩොන්බාස් හි නැගෙනහිර ප්‍රදේශයේ  යුක්‍රේනය සහ රුසියාව අතර දරුණු සටන් අතරතුර, පෙන්ටගනයේ නිලධාරීන් චන්ද්‍රිකා ඡායාරූප එකතු කරන ලද අතර එමඟින් හමුදා දෙකේ අගල් රේඛා අතර තිබූ ගොවි බිම්වලට සිදු වූ විනාශය විචිත්‍රණය කළේය .

එතැන් සිට, ඇමරිකානු නිලධාරීන් යුක්රේනියානුවන් ඔවුන්ගේ කාලතුවක්කු වඩාත් විචක්ෂණ ලෙස භාවිතා කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමට නැඹුරු විය. HIMARS රොකට් කාලතුවක්කු වැනි ඉලක්කය වඩාත් නිවැරැදි නිරවද්‍ය රොකට් කාලතුවක්කු පැමිණීම  යුක්‍රේනයට සිය මෙහෙයුම් වඩාත් ප්‍රවීණ ලෙස කළමනාකරණය කිරීමට ඉඩ ලබා දී ඇත.

 ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More