ගත ව ගිය මාස් කන්නයේ අස්වනු නෙලීමට තව ඇත්තේ කෙටි කාලයකි. විවිධ දුෂ්කරතා යටතේ විශේෂයෙන්ම යන්ත‍්‍ර උපකරණ වල අධික වියදම ශ‍්‍රම වියදම මෙන්ම විකෘති වූ පාරිසරික සාධක යටතේ වී ගොවිතැන් කරමින් රටට බත සපයන ගොවීන් ගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වෙන්නේ මැදින් මාසයේ දීය. වී අස්වැන්නට සාධාරණ මිළක් බලාපොරොත්තු වීම උගහට වුවද ගොවි රජ වරුන් දිළින්දන් වීමට නොකැමතිය. ණය තුරුස් වී හෝ වී අස්වනු ප‍්‍රමාණයක් ගෙට ගැනීම ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. පසුගිය කාලවකවානුව තුළ රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් සමග මේ ගොවීන් ක‍්‍රමානුකූලව පරිසර හිතකාමී ගොවිතැන් ක‍්‍රමවේදයනට හැඩ ගැසුණහ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය වී අස්වැන්නට බලපෑම් ඇති කරවූයේ එය ක්ෂණික නියෝගයකින් ක‍්‍රියාත්මක වූ බැවිනි. පරිපාලනමය සහ භූමියේ අත්දැකීම් නොමැති ජනපති වරයා තමන් වටේ සිටි ලණු දෙන්නන්ගේ බහට අවනත වී ගත් තීරණය ඔහුගේ ධූර කාලය අවසන් කිරීමටද හේතු යුක්ත විය. නමුත් මේ රටේ සෑහෙන කාලයක සිට වස විස නොමැතිව ගොවිතැන් කිරීමට මෙන්ම රටේ නිරෝගී පරපුරක් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ගොවීන් මෙන්ම පරිසර හිතකාමී ගොවිතැනට අවතීරණ වීමට ප්‍රයත්න දරණ තරුණ ගොවීන්ට මේ කාලය ආශීර්වාදාත්මක කාලයක් විය.
එයට හේතුව අත්දැකීම් මතින් සහ විවිධ පර්යේෂණ මගින් තරුණ ගොවීන් පිරිසක් රට පුරා නැගී සිටිමයි. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය විසින් එම පළාතේ දියත් කරන ලද පරිසර හිතකාමී ගොවිතැත් ක‍්‍රියාවලිය නිසා අක්කර දෙදහසකට වැඩි ප‍්‍රමාණයක ට අයත් ගොවීන් පිරිසක් බිහිව සිටින බව ද සිහිපත් කළ යුතුයි.
පරිසර හිතකාමී ගොවිතැන යනු සූර්යයා චන්ද්‍රයා සහ ස්වභාව ධර්මයේ ආශිර්වාදය සහිතව භෝග වගා කිරීමේ පිළිවෙතය. එහිදී යෙදවුම් නැතිනම් පොහොර ලබා දිය යුත්තේ ඉතාමත් අඩු ප‍්‍රමාණයන්ගෙනි. සූර්යයා ගේ බලපෑමත් චන්ද්‍රයාගේ බලපෑමත් තෙරුම් ගෙන කලට කන්නයට කරන එම ගොවිතැන තුළ විවිධ කෘමි ගහනයන් ජීවත් වන්නේ වුවද හානියක් නොමැත. යම් කිසි වංසංගත තත්වයන් ඇතිවන අවස්ථාවන්ද නොමැතිවා නොවේ. එයද සිදු වන්නේ ස්වභාව ධර්මයේ යම් යම් වීකෘතින් සිදුවන කාලවකවානු වලදීය. එවැනි අවස්ථාවලදී කළ යූතු කෙම් පහන් ගැන අත්දැකීම් රාශියක් පාරම්පරික ගොවි සමාජය තුළ පවතී. අනූව දශකකයේ පමණ සිට රට පුරා පරිසර හිතකාමී ගොවීන් ගේ වර්ධනයක් දක්නට ලැබුණේ මෙම පැරණි ගොවිතැන් ක‍්‍රම යලිත් සමාජය වෙත ආකර්ශණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය.
කෘෂීකර්ම දෙපාර්තමේන්තුව බිහි වූයේ 1912 දීය. බි‍්‍රතාන්‍ය යටත් විජිත වාදීන් ගේ අවශ්‍යතාවයන් මත බිහි වූ එම කාර්යංශය එකල ලෝක යුද්ධ සමයේ ආහාර නිෂ්පාදනයට ප‍්‍රමුඛත්වයදී වැඩ කළහ. එවිට එවක පැතිර පැවති රසායනික භාවිතය පිළිබද අත්හාදා බැලීම්ද ලංකවේ සිදු කිරීමට එම ආයතනයට සිදු විය.එසේම 1930 -50 වකවානුවේ දී මෙරට වී අස්වැන්නේ වර්ධනයක් අපේක්ෂා කරමින් විවිධ පාරම්පරික වගා ක‍්‍රමයන් ද ඔවුහු අනුගමනය කළ බව පෙනේ.
නමුත් මෙම ආයතනයන් එම ක‍්‍රමයන් ඉතා ඉක්මනින් සිය භාවිතයෙන් අත් හළහ. ඒ වෙනුවට ලෝකයේ ප‍්‍රචලිතව තිබූ කාබනික කෘෂීකර්ම පිළිවෙත් පිළිබදව අවධානය යොමු කළහ. කාබනික යන නාමය(Organic) නම් ඉංග‍්‍රීසි වචයේ පරිවර්තනයකි. මෙම සිංහල නාමයෙහි අර්ථයක් නොමැති වුවද අද දක්වාම භාවිතයට ගන්තේ එම නාමයයි.මේ ක‍්‍රමයේ දී සකස් කරන ලද කොම්පොස්ට් පොහොර විශාල ප‍්‍රමාණයන්ගෙන් යෙදීම නිර්දේශිත විය. ඊට අමතරව ගිනිසීරියා ලාඩප්පා මකුලත වැනි නයිට‍්‍රජන් අධීක කොළ පොහොර වර්ගද යෙදීමට නිර්දේශිත විය. ඒ අනුව රසායනික පොහොර යෙදවුම් වෙනුවට දිරාපත් වූ පොහොර යෙදවුම් යොදන ගොවිතැනක් ලෙසට කාබනික ගොවිතැන ජනප‍්‍රිය වී ඇත.
හිටපු ජනපති වරයා රසායනික පොහොර ගෙන්වීම නැවැත්වූ පසු ආදේශ කරන ලද්දේ මෙම කාබනික ගොවිතැනයි. පොහොර සහනාධාරය යටතේ ලැබෙන රසායනික පොහොර වෙනුවට දිරාපත් කොම්පෝස්ට් කොට්ට කීපයක් ගොවීන්ට ලබා දීම සහ දියර පොහොර ලබා දීම එහි පිළීවෙත විය. ආරම්භයේ දී අක්කරයකට කිලෝ 400 ක් ලබා දුනි. මේ පොහොර සකස් කරලීමට විවිධ සමාගම් වලට අවස්ථාව ලබා දුන් අතර පොහොර ලේකම් කාර්යාලය විසින් එය සම්බන්ධීකරණය කරන ලදී. රසායනික පොහොර බෙදා දී ලාභය තර ගත් සමාගම් සේම මෙම සමාගම්ද පොහොර ලබා දෙමින් ලභය ගැනම සිතා කටයුතු කළ බව දක්නට ලැබුණි. ඒවායේ ප‍්‍රමීතිය පිළීබඳව සොයා බැලීමක් නොවීය. ගොවීන්ට අවශ්‍ය දේ සැපයීම පමණක් අරමුණ කර නිපදවනු ලබූ මේ පොහොර වලින් ප‍්‍රතිඵලයක් නොලැබුණු බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය කළද ඇතැම් සමාගම් විසින් සකස් කරන ලද පොහෙර වලින් ප‍්‍රතිඵලයක් ලැබුණු බවද කිව යුතුයි. මන්ද පොළවේ පඨවි ධාතුව සකස් කිරීමේ දී මේ දිරාපත් පොහොර මගින් අමිල මෙෙහෙවරක් ඉටු කරන බැවිනි.දැන් හිටපු ජනපති ගේ තීරණය ආපස්සට හරවා තිබේ. රසායනික පොහොර සමග කාබනික පොහොරද ලබා දේ.පසුගිය කාලයේ මේ පරිසර හිතකාමී ගොවිතැනට හුරු වූ ගොවීහු දැන් ක‍්‍රමයෙන් නැවත රසායනික ගොවිතැනට යමින් ඇත. නමුත් ස්ථීර වශයෙන් පරිසරහිතකාමී ක‍්‍රම අනුගමනය කරන්නන් තුළ ඒ තත්වය උදාවූයේ නැත
2022 මාස් කන්නයේ දී හදිසියේ ගොවිබිම් පුරා වටපණු රෝයක් ඉස්මතු විය.මේ වටපණු රෝගය අලූත් තත්වයක් නොවේ. අල භෝග වගාව මෙන්ම විවිධ භෝග වගාවන්ට හානි කරමින් තිබුණ අතර වී වගාවටද වට පණු රෝගය පැතිරෙමින් පැවතුණි.ගොයමේ වර්ධනය බාල කරමින් මූලස්ථ පද්ධතිය තුළ ගැටිති ඇති කිරීම මෙම රෝගයේ ස්වභාවයයි. පසුගිය මාස් කන්නයේ පැවති විකෘති වූ දේශ ගුණික තත්වයන් යටතේ මේ රෝගය වඩාත් වර්ධනය විය. විශේෂයෙන්ම කුජ ග‍්‍රහයා වෘශ්චිකයට යෑමත් සෙනසුරු මකරයේ වක‍්‍රව සිටීමත් ඉන්පසු මේ වන විට සෙනසුරු කුම්භයට ගමන් කිරීමත් මේ විපර්යාසයට හේතු ලෙසට සැලකිය හැකිය.
දැන් කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පවසනුයේ මෙම වට පණු රොගය බෝවී යෑමට හේතුව කාබනික පොහොර භාවිතය බවයි. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත් පොත් වල සදහන් වන පරිදිම මේ රෝගය ඇති වීමට ප‍්‍රධාන හේතුව රෝගකාරකයන් සහිත බිත්තර වී භාවිතයයි. අද බිත්තර වීද බෙදා හරිනු ලබනුයේ විවධ සමාගම් මගිනි. කෘෂීකර්මයෙන් දුන් ප‍්‍රමිති සහගත බිත්තර වී අද ගොවීනට ලැබෙන්නේ නැත. ඉතින් මේ වැරැද්ද සඟවා කාබනික පොහොර මත වැරද්ද පටවා අත පිස දමා ගැනීමට කෘෂීකර්ම බලධාරින් කටයුතු කරන බවට අපට සැකයක් මතුව පවතී. විවිධ පොහොර සමාගම් වලින් සකස් කරන කොම්පෝස්ට් පොහොර වල ප‍්‍රමිතිය පාලනය නොකර පරිසර හිතකාමී ගොවීන් අධෛර්ය කිරීමට මෙම සැලැසුම් ක‍්‍රියාත්මක වන්නේ දැයි තවත් සැකයක් මතුව ඇත. කෙසේ වෙතත් පරිසර හිතකාමී ගොවිතැනෙහි යෙදී සිටින ගොවීන්ට මේ තත්වය පාලනය කර ගත හැකිය. ස්වයං බිත්තර වී නිෂ්පාදනය පාරම්පරික දැනුම භාවිතය තුළ දේශගුණික විකෘතියක් ඇති වන කාලයකදී වුවද රෝග පාලනය කර ගත හැකිය.එම නිසා පරිසර හිතකාමී ගොවිතැන් ක‍්‍රම අනුගමනය කරමින් අහාර සුරක්ෂිතතාවය මෙන්ම ආහාර ස්වෛරී භාවය ද ඇති කර ගැනීමට ශක්තිමත් විය යුතු බවද විවිධ කුමන්ත‍්‍රණකාරී සැලසුම් වලට හසු නොවන මෙන්ද අවධාරණය කරමි.
– මතුගම සෙනෙවිරුවන් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...