ශ්‍රී ලංකාවේ සතර කොනේ එක් කෙලවරක් වන ත්‍රිකුණාමලය පුල්මුඩේ සුනාමි ගම්මානයේ දරුවන් අධ්‍යාපනය ලබනුයේ ලංකාවේ සුනාමි අවස්ථාවේ ඉතාලි රජයේ පරිත්‍යාගයක් මත ඉදි කරන ලද අංග සම්පූර්ණ පාසලක් වන, ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජවැලි සිංහල මහ විද්‍යාලයේය.
මෙම ගම්මානය තුල ඉස්ලාමීය, කතෝලික, ද්‍රවිඩ, බෞද්ධ ජනතාව වාද භේදයෙන් තොරව සාමකාමී ලෙස ජීවත් වේ.
සිංහල ජනතාව වශයෙන් පවුල් 25 පමන ජීවත්වන පිරිස ගේ, නිවාස ඉදිකර ඇති බිම් ප්‍රමානය පර්චස් 150 ක් වන අතර ඉතාම අපහසු කටුක ජීවිතයක් ගෙවන මෙම ජනතාව සදහා බීමට ජලය, හරි හමන් රැකියාවක්, ගමනා ගමන පහසුකම් ඉතාමත් දුෂ්කර තත්ත්වයක් බව එහි ගිය මා හට දැක ගන්න ලැබුනි.
පාසල් දරුවන් පුල්මුඩේ ඛනිජවැලි සංස්ථා පරිශ්‍රය අසල පිහිටි පාසල වෙත සුනාමි ගම්මානයේ දරුවන් කි.මී. 4 ක ප්‍රමාණයක් දෙපා ගමනින් යායුතුය.එම ගමන ද කැලෑ පිට්ටනි පසු කරමින් පුල්මුඩේ මුහුදු තීරය අසලින් ගමන් කළ යුතුව ඇත.
එම පාසලේ අධ්‍යාපනය ලබන සම්පූර්ණ දරුවන් ගනන 60 ට ද අඩු සංඛ්‍යාවක් වන අතර, ගුරු මණ්ඩලයේ අඩු පාඩු ඇති අතර ස්වේච්ඡාවෙන් සේවය කරන ගුරුවරුන් කීප දෙනෙක් ද ඇති අතර, එම ගුරුවරුන් සදහා සෑම මසකම සුලු මුදලක් ලබා දීම සදහා, සිංහල වීර විදහන සංවිධානය පරිත්‍යාගශීලිව කටයුතු කරයි.
ත්‍රිකුණාමලය පුල්මුඩේ යන පලාත් බහුතරයක් ඉස්ලාමීය ජනතාව වෙසෙන අතර, මෙම පලාත්වල වෙසෙන සුලුතරයක් වූ සිංහල ජනතාව සදහා රජයෙන් ලැබෙන පහසුකම් ඉතාමත් අඩු ප්‍රතිශතයක් බවත්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමනිලධාරි, සමුර්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ගොවි නියාමක නිලධාරීන් යන පිරිස ඉස්ලාමීය ජාතිකයින් වීම නිසා ගැටලු තත්ත්වයක් පවතින බව ජනතාව ප්‍රකාශ කලේ දුක්බරවය.
ශ්‍රී ලංකාවේ කොලබ වෙසෙන් දේශපාලකයින් ශීත කාමරවල සිට කෙතරම් සැලසුම් සකස් කලද, මෙවැනි දූෂ්කර පළාත් ජනතාව අමතක කර ඇති බව එම පළාත් වල තුන් වතාවක් ආධාර බෙදා දීම සදහා ගිය අපහට දැන ගන්නට ලැබින.
පුල්මුඩේ ඛනිජවැලි සංස්ථාව තුලවත් සේවය කිරීම සදහා කම්කරු මට්ටමේ රැකියා හෝ වී ගොවිතැන් කිරීම සදහා බිම් කොටස් හෝ ලබා දීමටත්, පොල් පැල, කොස් පැල යනාදී වගාවන් ලබා දීම සදහා රජයේ අවධානය යොමු විය යුතුය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුලුතරයක් වූ සිංහල අඩු ආදායම් ලාභී පවුල් සදහා විශාල අඩුපාඩු, අසාධාරණකම් කීපයක් සිදුවන බව දැන ගැනීමට හැකි වූයේ මෙම ප්‍රදේශ නිරීක්ෂණය සදහාත්, covid වසංගතය අවස්ථාවේ දෙවතාවක් වියලි ආහාර තොගයක් බෙදා දීමට ගිය අවස්ථාවේය.
මෙම ප්‍රදේශ සදහා අලුත්කඩේ උසාවියේ නීතීඥ උපාලි රත්නායක මහතා , ඉතාලියේ සේවය සමාජ ක්‍රියාකාරී ක්ලවුඩියා ලියන්වෙල මිය, කුරුණෑගල සමාජ ක්‍රියාකාරි ශ්‍රියානි වික්‍රමසිංහ මිය, කඩුගන්නාවේ ආනන්ද රත්නායක මහතා යන සමගින් මා මෙහෙයවන ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය ද එක්ව සිංහාවලෝකන ව්‍යාපාරය දෙවතාවක් සුනාමි ආධාර බෙදා දීම ගිය බවද සිහිපත් කරමි.
ශ්‍රී ලංකාවේ රජයේ අවධානය අනිවාර්යයෙන්ම යොමු කර සුලුතරයක් වෙසෙන සිංහල ජනතාව ප්‍රදේශ සදහා ඔවුන්ගේ ජනජීවිතය සාර්ථක කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුය. එසේ නොවුන හොත් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, සෛ්වරීත්වය බිඳී රට කොටස් වීම නවතා ලිය නොහැකි බව අවධාරණය කරමි.
සුලුතරයක් සිංහල ජනතාව වෙසෙන පලාත් වල බහුතරයක් ඉස්ලාමීය ද්‍රවිඩ දේශපාලකයින් තම ජනතාව සදහා ජාතිවාදී ආගමික පීඩනයක් එල්ල කර, ආගම් ජාති ගිනි දැල් ඇති කර සමාජ ව්‍යසනයක් ඉතාම උපක්‍රමශීලීව ඇති කරන බවත්, අන්තවාදී අදහස් වපුරන බවත් මෙම නීරීක්ෂනයේ දී තහවුරු වුණි.
මෙම ලිපියේ සදහන් කරනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජයේ අවධානය යොමු කර සාමකාමී ජනතාවක් සදහා සියලුම බේදයකින් තොර ශ්‍රී ලංකාව තුල නිදහසේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් සකස් කළ යුතුය.
– සුනිල් චන්ද්‍රසිරි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...