දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දේශ හිතෛෂී වෘත්තිකයෝ සංවිධානය විසින් ඊයේ (10 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වමින් ඊට අදාළ කරුණු රැසක්‌ ගොනු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදුවූ පාඩුව වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීම සහ විශේෂයෙන් 2016 මාර්තු 29 සහ 30 දිනවල සිදුකළ දෙවන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් අල්ලස්‌ පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය පිළිබඳ වරදට අධි චෝදනා ඉදිරිපත් කළ හැකි බවද දක්‌වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

“දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ජේෂ්ඨ කථිකාචාර්‍ය නීතිඥ රාජා ගුණරත්න, වෛද්‍ය වසන්ත බණ්ඩාර, අනුරාධ තෙන්නකෝන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් විසින් ඊයේ පෙරවරු 10.30 ට පමණ අල්ලස්‌ කොමිසම වෙත පැමිණ මේ පැමිණිල්ල භාරදෙන ලදී.

අල්ලස්‌ කොමිසමට ඊයේ ඉදිරිපත් කළ ලිත පැමිණිල්ල මගින් බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වන ප්‍රධාන කරුණු හතක්‌ විස්‌තරාත්මකව කරුණු සහිතව දක්‌වා ඇති අතර එමගින් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු මහ බැංකු අධිපති) ආරක්‌ෂා කිරීමට සහ මෙම ප්‍රශ්නය යටපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් දැරූ අඛණ්‌aඩ ප්‍රයත්නය ද කරුණු අටක්‌ යටතේ දක්‌වා ඇත.

මේ වංචාව මගින් මහජන අරමුදල්වලට සිදුවූ අතිවිශාල පාඩුව වළක්‌වා ගැනීමට සුදුසු පියවර ගැනීමට අගමැතිවරයා කිසිදු කැමැත්තක්‌ දක්‌වා නැති බවද, 2016 මාර්තු 29 දින පවත්වන ලද දෙවැනි බැඳුම්කර ගනුදෙනුව ඉතා පහසුවෙන් වැළැක්‌වීමේ හැකියාව අග්‍රාමාත්‍යවරයාට තිබුණු බවද “දේශ හිතෛෂී වෘත්තිකයෝ” සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්‌වේ.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී. බී. වීරසූරිය මහතා වෙත මේ ලිත පැමිණිල්ල යොමුකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More