දේශීය පුවත්

පෝරකයට පණ එයි

July 10, 2018 11:51 pm | Lanka Lead News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු සිය එකඟතාව පළකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ‍ලේඛනයන් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට මෙහිදී දැනුම් දී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා පැවැසීමත් සමග කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඇමැතිවරු ඒ සඳහා අත ඔසවමින් ඊට අනුමැතිය පළකර ඇත.

මෙහිදී ඇමැතිවරු කිහිප දෙනකුම රට තුළ පැතිර ගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට නීතිය තදින් ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳව කරුණු පවසා තිබේ.

මේ අතර බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒකමතිකව තීරණය කළ බව පැවැසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිපාදන සකස් කිරීමට අධිකරණ ඇමැතිවරියට මෙහිදී බාර දුන් බවද ඒ මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More