දේශීය පුවත්

සිරියානු රැඳවුම් කඳවුරුවල රඳවා සිටින අයි එස් අයි එස් බැතිමත් කාන්තාවන් විසින් 13 වන වියේ පසුවන පිරිමි ළමයින් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට බල කර ඇති බව අමෙරිකාවේ පලවන ඩේලි බීස්ට් නම් පුවත් පත වාර්තා කර සිටී. එහි අරමුණ අදාල කාන්තාවන් ගැබ්ගෙන “කාලිෆේට් හෙවත් මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍යයෙ ” හි ජනගහනය ඉහළ නැංවීමට දායක වීම බවද “ද ඩේලි බීස්ට්” පුවත්පත පවසයි.

ඊසානදිග සිරියාවේ අල්-හෝල් කඳවුරේ අවම වශයෙන් පිරිමි ළමයින් දස දෙනෙකු කාන්තාවන් දුසිම් ගනනක් සමඟ සංසර්ගයේ යෙදීමට බලහත්කාරයෙන් බඳවාගෙන ඇති බව සිරියානු ආරක්ෂක බලකායේ නිලධාරීන් උපුටා දක්වමින් “ද ඩේලි බීස්ට්” පුවත්පත අවධාරණය කරයි. 2019 වර්ෂයේ දී සිරියාවේ ක්‍රියාත්මක වූ ISIS ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමෙන් පසු සිරියානු රජය විසින් ISIS සංවිධානයට සම්බන්ධ කාන්තාවන් සහ ළමුන් 8,000 ක් පමණ රැඳවුම් කඳවුරු වල රඳවා තබාගෙන සිටී. එලෙසම වැඩිහිටි පිරිමි ISIS සාමාජිකයින් වෙනම කඳවුරුවල රඳවා තිඇබීමට සිරියානු රජය කටයුතු කරයි.

“ISIS කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරීමට සහ ඔවුන්ව ගැබ් ගැන්වීමට අපට බල කරනවා.” 13 හැවිරිදි වියේ පසුවන අහමඩ් සහ 14 වන වියේ පසුවන හමීඩ් ලෙස හඳුනාගෙන ඇති යෞවනයන් දෙදෙනෙක් අල්-හෝල් කඳවුරේ බලධාරින් වෙත පවසා ඇති බවද “ද බීස්ට්” පුවත් පත අනාවරණය කරයි. එම දරුවන් දෙදෙනාගෙන් එක් පිරිමි ළමයෙකු පවසන ආකාරයට දින කිහිපයක් තුළ අයි එස් අයි එස් කාන්තාවන් අට දෙනෙකු සමඟ ලිංගිකව හැසිරීමට බල කෙරී ඇත.

එලෙසම ඊසානදිග සිරියාවේ අල්-රෝජ් කඳවුරේ නව යොවුන් වියේ පසුවන පිරිමි ළමයින් ද එවැනිම සූරාකෑමකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කළ බව ඩේලි බීස්ට් පුවත් පත පවසයි. මේ අතර කඳවුරේ සිටි එක් පිරිමි ළමයෙකු ඇද වැටී රෝහල් ගත කරනු ලැබ ඇත්තේ ඔහුට ලිංගික උත්තේජනය ලබා ගැනීමට වයග්‍රා වැනි ද්‍රව්‍යයක් ලබා දීමෙන් පසුව බවද වාර්තා වේ. තම නව යොවුන් වියේ පසුවන පිරිමි දරුවන් ලිංගික වහල්භාවයෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන අල්-රෝජ් කඳවුරේ මව්වරු, තම පිරිමි ළමයින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මාරු කරන ලෙස කඳවුරු බලධාරීන්ගෙන් අයැද සිටිති.

සිරියානු ආරක්ෂක නිලධාරීන් මෑතකදී වැඩිවියට පත් වූ පිරිමි ළමයින් එවැනි පුනරුත්ථාපන පහසුකම් වෙත ගෙන යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. පුනරුත්ථාපනයට යොමුවන පිරිස් අන්තවාදී විරෝධී උපදේශන ලබාගෙන නැවත සමාජයට ඒකාබද්ධ වීමට සූදානමින් සිටිති. කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ සිරියානු රජයේ එම ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ අතර එය “නීති විරෝධී” ලෙස හඳුන්වමින් සිරියානු රජය පුද්ගලයන් “බලහත්කාරයෙන් අතුරුදහන්” කිරීමට හෝ විකුණනු ලැබීමට කටයුතු කරවීමේ අනතුරක් තිබිය හැකි බව අවධරණය කළේය.

විවිධ රටවල පුරවැසියන් වන බොහෝ  ISIS කාන්තාවන් තමන් සහ තම දරුවන් තම මව් රටවලට ගෙන්වා ගැනීම එම රාජ්‍යන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එලෙසම එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන “ISIS මනාලිය” නම් විරුදාවලිය ලද ෂමීමා බෙගම් වැනි  අයගේ පුරවැසිභාවය ඉවත් කර නැවත පැමිණීම පවා එක්සත් රාජධානිය තහනම් කරන ලදී.

මේ අතර ඩැමස්කස් රජය නිශ්චිත සංඛ්‍යාව නොදන්නා නමුත් බොහෝ කාන්තාවන් කඳවුරු තුළ ගැබ්ගෙන ඇති බව සිරියානු ආරක්ෂක බලකායේ නිලධාරීන් පැවසීය. ඇතැම් කාන්තාවන් රහසිගතව දරු ප්‍රසූතිය සිදු කරන්නේ ඉස්ලාමීය රාජ්‍යයේ ජනගහනය ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් බවද පැවසේ. එම කාන්තාවන් විශ්වාස කරන්නේ ඔවුන්ව කඳවුරුවලින් මුදවා ගැනීමට අයි එස් අයි එස් සෙබළුන් පැමිණි විට කාලිෆේට් හෙවත් මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍ය නැවත ස්ථාපිත කරනු ඇති බවයි.

ISIS Women Accused of Turning Boys as Young as 13 Into a Human Stud Farm



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More