දේශීය පුවත්

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිළධාරිනී වික්ටෝරියා නුලන්ඩ්ට වඩා යුක්රේනය රුසියාව සමඟ ගැටුමකට තල්ලු කිරීමට කිසිවෙකු කටයුතු කර නැති බව ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඊයේ(24) ප්‍රකාශ කළේය.2014 වර්ෂයේදී කියෙව්හි බටහිර ගැති කුමන්ත්‍රණය මෙහෙයවීමට උදව් කළ වික්ටෝරියා නුලන්ඩ් යුක්‍රේනය විසින් රුසියානු දේශ සීමාවට අයත් ක්‍රිමියාව වෙත දියත් කරනු ලබන මිලිටරි ප්‍රහාරවලට පවා අනුබල දක්වා ඇත.

ක්‍රිමියාවේ රුසියානු හමුදා කඳවුරු යුක්‍රේන හමුදා සඳහා “නීත්‍යානුකූල ඉලක්ක” බවට නුලන්ඩ් විසින් පසුගිය පෙබරවාරි 16 වනදා ප්‍රකාශ කිරීම, ක්‍රෙම්ලිනය විසින් අර්ථකථනය කරනු ලැබුවේ, “යුක්‍රේන ගැටුමට එක්සත් ජනපදයේ මැදිහත්වීම” පිලිබඳ සාක්ෂියක් යනුවෙනි. මේ සම්බන්ධයෙන් සිය ටෙලිග්‍රැම් ගිනුමේ සටහනක් තබමින් හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් “ඕනෑම ආකාරයක ආයුධ භාවිතා කරමින්” මොස්කව් එවැනි ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බවට අනතුරු ඇඟවීය.

යුක්රේනය ක්‍රිමියාවට කරන හිමිකම් අත්හැර දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එකඟ නොවන්නේ නම් න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකි බවට කලින් අනතුරු ඇඟවූ මස්ක්, “නුලන්ඩ්ට වඩා වෙනත් කිසිවෙකු යුක්‍රේනය රුසියාව සමඟ යුද්ධයට තල්ලු කරන්නේ නැහැ” යනුවෙන් ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පැවසීය.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මීට වසරකට පෙර යුක්රේනය ආක්‍රමනය කිරීමට නියෝග කිරීමට පෙර පවා යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි වික්ටෝරියා නූලන්ඩ් බරපතල ලෙස මැදිහත් වී තිබුණි.

යුරෝපීය සහ යුරේසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ලෙස නුලන්ඩ් 2014 දී කුමන්ත්‍රණය සංවිධානය කිරීමට උදව් කළ අතර එය යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති වික්ටර් යනුකොවිච් වෙනුවට බටහිර ගැති පියෝටර් පොරොෂෙන්කෝ පත් කිරීමට කටයුතු කරනු ලැබීය.

ඉන් පසුව ඔහු ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් ජනතාවට එරෙහිව හමුදා මර්දන ව්‍යාපාරයක් ආරම්භ කළේය.
කුමන්ත්‍රණය අතරතුර, නුලන්ඩ් කියෙව්හි විරෝධතාකරුවන්ට විවිධ සහයන් ලබා දුන් අතර බටහිර ගැති දේශපාලනඥයන්ට මිලිටරි ආධාර සහ ඩොලර් බිලියනයක ණය  වැඩසටහනක් ලබාදෙන බවටද පොරොන්දු විය. නූලන්ඩ් සහ එවකට යුක්රේනයේ එක්සත් ජනපද තානාපති ගෙඔෆ්‍රි ප්යාට් අතර සිදුවූ කුප්‍රකට දුරකතන සාකච්ඡාවක් අතරතුරදී විරුද්ධ දේශපාලඥයින්ගේ ලැයිස්තුවෙන් යනුකොවිච් වෙනුවට කුමන පුද්ගලයා ආදේශ කළ යුතුද යන්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලය තුළ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇය ඉවත් කරනු ලැබීය. නමුත් මේ වන විට නුලන්ඩ් ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලෙස සේවය කරයි. පසුගිය කාලයේදී ඇය රුසියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම අනුමත කරනු ලැබූ අතර එක්සත් ජනපදය විසින් “නෝර්ඩ් ස්ට්‍රීම්” නල මාර්ග විනාශ කිරීම සැමරීමටද කටයුතු කළාය. එලෙසම යුක්රේනයට නොකඩවා යුද අවි ගලා ඒම සඳහාද විධිවිධාන සැකසීමටද කටයුතු කර ඇත.

මෑත කාලයේදී ගැටුම උසිගැන්වීමේ දී නුලන්ඩ්ගේ භූමිකාව හෙළා දුටු එකම ප්‍රමුඛ ඇමරිකානුවා මස්ක් නොවේ.පෙබරවාරි 21 වනදා නිකුත් කරන ලද ප්‍රචාරක වීඩියෝවක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩෙන් පරිපාලනයේ සිටින නූලන්ඩ් සහ “ඇය වැනි අනෙක් අය” හැඳින්වූයේ “යුධ ලෝලීන් සහ ‘ඇමරිකා ලාස්ට්’ ගෝලීයවාදීන්” යනුවෙනි. එලෙසම ඩොනල්ඩ් ට්‍රම්ප්, නුලන්ඩ් “යුක්රේනය නේටෝව දෙසට තල්ලු කිරීමට උමතු වී සිටි” බවද අවධාරණය කළේය. “මම ඔබේ අමෙරිකාවේ ජනාධිපති ලෙස සිටියේ නම් යුක්‍රේන රුසියානු ගැටුම කිසිදා සිදු නොවනු ඇත.” ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More