විදේශ පුවත්

* brexit ලේකම් ඩේවිඩ් ඩේවිස් සහ විදේශීය ලේකම් බෝරිස් ජොන්සන් ඉල්ලා අස්වේ
* විපක්ෂයේ හා තම කැබිනට්ටුවේ විරෝධය
* තෙරේසා මේ පිළිබඳ විශ්වාස කැබිනට්ටුවෙන් ගිලිහී යමින් පවතී

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන්යෙන් ඉවත් වීම සඳහා තබන ලද ජනමත විවිචාරණය බහුතර ජනතාවක් යුරෝපානු සංගමයෙන් ඉවත් විය යුතු යන්න සඳහා ඡන්දය පාවිච්චි කිරීමේෙන් ජනතා මතය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් රාජධානියේ තෙරේසාමේ ගේ රජයට ප්‍රතිපත්තිමය වශයෙන් ඒ සඳහා ක්‍රියා කිරීමට සිදුවිය. ජනමතයට ගරු කරමින් brexit ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා තෙරේසා මේ අගමැති තුමිය කටයුතු කළ ද ඇමරිකාව, ප්‍රංශය හා අනෙකුත් යුරෝපා සංගමය රටවල බලපෑම්ට යට්ත්ව brexit ක්‍රියාවලිය ඉතා මන්දගාමී හා යුරෝපා සංගමයේ බල අධිකාරියට යටත් වන තත්ත්වයකට අද වන විට පත්ව ඇත.

මේ තත්ත්වය තෙරේසාමේ ට පාරාවළල්ලක් වී ඇයගේ අගමැති තනතුරට ද අභියෝගයක් වී ඇත. 2018.07.08 දින තෙරේසා මේ ගේ brexit රජයේ ලේකම් වූ ඩේවිඩ් ඩේවිස් හා ඇගේ රජයේ විදේශ කටයුතු ලේකම් මොරිස් ජොන්සන් මහතා ද ඉල්ලා අස්වීමෙන් එම තත්ත්වය තවදුරටත් බරපතල වී ඇත.

ඉල්ලා අස් වූ ඩේවිඩ් ඩේවිස් ට අනුව තෙරේසා මේ ගේ දියාරු ප්‍රතිපත්තිය හා යුරෝපා සංගමයේ බලපෑම්වලට යටත්වීම ජනතා වරමට අනුව සැලසුම් කරන ලද මාර්ග සිතියම අනතුරට ලක් කර ඇත. ඉල්ලා අස් වන මොහොතේ ඩේවිඩ් ඩේවිස් ප්‍රකාශය අද brexit පිළිබඳව අර්බුදය හොඳින් පැහැදිලි කරයි.

– මා සියල්ලට මැදි වී ඇත. සියලු දෙනාටම ප්‍රථමයෙන් මුහුණ දීමට සිදුවී ඇත. brexit බලාපොරොත්තු ඉටුකරගැනීම කරගැනීම සඳහා යෝජිත ප්‍රතිපත්ති රාමුව හා නිශ්චිත කාල රාමුවක් තුළ වැඩ කළ යුතුය. පාර්වලිමේන්ටතුවට හා කැබිනට් මණ්ඩලයට පහදා දිය යුතුය. එම තීරණය මත යුරෝපා සංගමය තුළ මා පෙනී සිටිය යුතුය.-

එහෙත් ප්‍රතිපත්තිවල ඇති බොහෝ අඩුපාඩුකම් මතද තවදුරටත් මෙය කරගෙන යාමට අපහසු ය. තෙරේසා මේ විසින් brexit ක්‍රියාන්විතය දියාරු කර ඇත. යන්න බහුතර කැබිනට් සාමාජිකයන්ගේ මතයයි. ඒ මත බහුතර කැබිනට් සාමාජිකයන් තෙරේසා මේ වෙත ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර ඇත. එක්සත් රාජධානියේේ හිටපු විදේශ ලේකම් බෝරිස් ජොන්සන් විසින් තෙරේසා මේ පිළිබඳව කළ විවේචනයට අනුව තෙරේසා මේගේ brexit ක්‍රියාන්විතය තුළ ඉතා විශාල ප්‍රමාණයක්, ඉතා කෙටි කාලයකින් තුළ, ඉතා පහසුවෙන් යුරෝපා සංගමය වෙත ලබාදීමට කටයුතු කිරීමට විරුද්ධව ඔහුගේ මතය ප්‍රකාශ කර ඇත.

එක්සත් රාජධානිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෙරමි කෝබීන් තම කැබිනට්ටුව තුල එකඟතාවයක් දිනාගැනීමට නොහැකි අගමැතිවරිය රටවල් 27ක නායකයන් සමග ගනුදෙනු කර රටට හිතකර ගනුදෙනුවක් කළ හැකි දැයි යන්නත් එවන් අගමැතිවරියක් ලෙස කිසිවෙකුට විශ්වාසය තිබිය හැකිද යන්නත් ප්‍රශ්න කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More