මුදල් නෝට්ටු ප්‍රතිනිර්මාණය කිරීම නිසා උග්‍ර මුදල් නෝට්ටු හිගයක් නයිජීරියාව තුළ මේ වන විට මතුවී තිබේ.
නිජීරියානු රජය එරට නයිරා 200, 500, 1000 වටිනාකමින් යුතු මුදල් නොට්ටු ප්‍රතිනිර්මාණය කර ඇත්තේ මුදල් නෝට්ටු රැස්කිරීම හා උද්ධමනය පහළ හෙළීමේ අරමුණින් වුවද, එමගින් අද එරට තුළ උග්‍ර මුදල් නෝට්ටු හිගයක් නිර්මාණය වී ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත.
නව නොට්ටු හෝ කිසිම මුදලක් සොයාගැනීමට පවා එරට ජනතාවට අපහසු වී තිබේ.
නයිජීරියාවේ මිලියන 200ක ජනගහණයෙන් සියයට 40ක පමණ පිරිසකට බැංකු ගිණුම් නොමැති අතර, ඔවුන් වැඩි දෙනෙකු මුදල් නොට්ටු භාවිතයෙන් ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
කෙසේ වෙතත් ඇතිවී ඇති තත්ත්වය හමුවේ රටේ බහුතරයක් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව පැවසේ.
වඩා විශේෂිතම සිදුවීම වන්නේ මෙබදු අර්බුදයක් මැද එරට ජනතාව ජාතික මැතිවරණයක් සදහා ද සූදානම් වීමය. බොහෝ විචාරකයන් පවසා ඇත්තේ මෙම මැතිවරණය නයිජීරියාවේ තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...