පසුගිය පෙබරවාරි 23 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මෙරටට හොර රහසේ පැමිණ ගිය ඇමරිකානු රාජ්‍ය ඔත්තු සේවයේ නිලධාරින් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආගමනය තුළින් මතුවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබදව හෙළිදරව්වක් කරන ලදී.
කෙසේ වුවද මෙම හෙළිදරව්වත් සමගම විජාතික බලවේගවලට කඩේ යන ඔවුන්ගේ කුළීහේවායන් නැවතත් අවිස්සී ඇති බවක් පෙනෙන්නට තිබේ.
එයට උදාහරණයක් ලෙස ඉකුත් දා ලංකා ගාඩියන් වෙබ් අඩවියේ නමක් නැති ලියුම්කරුවකු විසින් පළ කර ඇති එක්තරා ලිපියක් දැක්විය හැකිය.
විමල් වීරවංශ මහතාගේ හෙළිදරව්ව දිරවාගත නොහැකි වූ මෙම ලියුම්කරුවා තමන්ගේ ස්වාමිවරුන්ගේ මතවාදය ඒ ලෙසින්ම මෙම ලිපියට ඔබ්බවා ගතමනාවට කඩේගිය සේපාල් අමරසිංහලා මෙන්ම රැඩිකල් විග්‍රහයක් සිදු කොට තිබේ.
‘ව්‍යාජ දේශප්‍රේමය‘ යන වචනයෙන් පටන්ගෙන ‘දේශප්‍රේමය යනු පාදඩයාගේ අවසාන රැකවරණය‘ යන්නෙන් විග්‍රහ කිරීමට ඔහු යොදාගෙන තිබූ වචන බොහෝමයක් ‘තමන්ගේ නොවන අනුන්ගේ ඇදුම්‘ වැනි වචන වීම තුළ ලියුම්කරුගේ උපත සොයාගැනීමට එතරම් අපහසු නැත.
තමන්ගේ නොවන අනුන්ගේ ඇදුම්වලින් විලි වහගන්නා මෙරට ඇති ප්‍රධානම දේශපාලන ව්‍යාපාර මොනවා දැයි දේශපාලන මොටෙයියන් පවා දන්නා කාරණයකි.
බටහිර අධිරාජ්‍ය ගැති කදවුර තුළ කිරිබී හැදී වැඩුනු වුන් පමණක් නොව මාක්ස්වාදය හෝ උග්‍ර සමාජවාදීන් ලෙස හදුන්වන වුන් ද ජාතිකත්වය හෝ ජාතිකවාදය ප්‍රිය නොකරන බව සත්‍යයකි. එයට හේතුව වන්නේ ඔවුන්ව ඔවුන් අදහන රැකවලුන් විසින් භෞතීස්ම කර ඇති ආකාරයේ ඇති අවුලය.
මෙරට මුල් ඉදිරුණු හා ට්‍රෙන්ඩ් එකට බලහත්කාරයෙන්ම මුල් උදුරුවා ගත් ලිබරල් ධනවාදීන් හෝ මාක්ස්වාදීන් සිංහල බෞද්ධ ජනවිඥානය මත ගොඩනැගුණු මෙරට මහා සමාජය කිසිදා නිවැරදිව කියවාගෙන නැත. එම ජන සමාජය කියවාගෙන තම ගමන ඒතුළින් මතුකරගත් නායකයන්ට ඔවුන් පහර ගසන්නේ දේශප්‍රේමය කුමක්දැයි නිවැරැදිව අවබෝධ කොට ගෙනදැයි ප්‍රශ්නයක් මතුවේ.
ඔවුන්ගේ දේශප්‍රේමීත්වය හා සහෝදරත්වය ඇත්තේ සටන්පාඨවල මිස සැබෑ මහපොළොවේ නොවන බව සටන මගහැර යන්නන් සහ සටන අතරමග දමා දුවන රැඩිකල් අයියලා හොදින් දන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඔවුන් සැමදා මෙරට මහා ජනසමාජය හා එම සමාජයේ ජන විඥානය සමාජගත කරන නායකයන් හදුන්වන්නේ පාදඩයන් ලෙසය. එයට හේතුව වන්නේ ඔවුන්ට අවශ්‍ය විජාතික ප්‍රතිසංස්කරණ රට තුළ සිදුකිරීමට ජාතිකවාදීන් කිසිදා ඉඩ නොදෙන බව දන්නා නිසාය.
එනිසා ජාතිකවාදී නායකයන් කුමන හෙළිදරව්ව සිදුකළ ද ඔවුන් එය දකින්නේ රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා පාස්කු ප්‍රහාරය දුටු ආකාරයටමය.
මාතෘභූමිය ඒකීය බව කියන්නට ඔවුන්ගේ දිව නැවෙන්නේ නැත. මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස පිළිගන්නට එම අනාගාමිකයන් අකමැති ය. ‘පරයන්ට‘ (ලාල්කාන්ත කියන ලෙස පිට එවුන්ට) අවශ්‍ය ලෙස මෙම භූමිය මෙන්ම සමාජ දේහය හසුරවමින් පවතින බව පිළිගන්නට මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හා මාක්ස්වාදී අයියලා කැමතිම නැත.
රටට අනතුරක් ඇති බව කීමට ප්‍රධාන ලෙසම මෙම රැඩිකල් අයියලා අකමැති වන්නේ එමගින් තම පැවැත්ම අහෝසිවන බව දන්නා නිසාය. දේශපාලනයේදී එක් පිළක හරිහැටි කෙලින් හිට ගැනීමටවත් බැරි දේශපාලන කුලීකරුවන් තම පැවැත්ම හදාගැනීමට ට්‍රයි කරන්නේ එසේ ය.
ලංකා ගාඩියන් වෙබ් අඩවියේ නමක් නැති ලියුම් කරුගේ විග්‍රහය ද එවැනිම එකක් යන්න අපගේ විශ්වාසයයි.
– බද්දේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...