දේශීය පුවත්

ලබන බදාදා 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා.

ඒ කමල් ගුණරත්න මහතා 2012 වසරේ බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයාව සිටියදී, එම තානාපති කාර්යාලය සේවය කළ සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

කෙසේ වෙතත් අදාළ සේවකයා මියගොස් ඇත්තේ තානාපති කාර්යාලයෙන් පිටතදී වන අතර, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව තිබේ. තානාපති කාර්යාලය තුළ සිදුවූයේ නම් එය මෙරට අධිකරණ බලසීමාවට අයත් සිදුවීමක් වන බැවින් මෙරට පොලීසියට සෘජුවම මැදිහත්වීමේ ඉඩක් පවතී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ පිළිබඳව බ්‍රසීල පොලීසියෙන් විමසීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි පැවසෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More