ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් සැකකටයුතු ලෙස ඉරාන පාසල් සිසුවියන්ට විෂ ශරීරගත කිරීම “සමාව දිය නොහැකි අපරාධයක්” බවට ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. එසේම වගකිව යුතු පුද්ගලයන් අල්ලා ගතහොත් ඔවුන්ට “උපරිම දඬුවම්” ලබා දෙන ලෙසද ඉරාන රජයෙන් ඉල්ලා සිටි බවද එම මාධ්‍ය වාර්තා පවසයි.
ඉරානයේ ජාතික රුක් රෝපණ දිනය සනිටුහන් කරමින් ඊයේ(06) පැවති උත්සවයට සමගාමීව ටෙහෙරානයේ පිහිටි සිය කාර්යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත. අදාල චෝදනාව “පිළිකුල් සහගත” සහ “සමාව දිය නොහැකි අපරාධයක්” යැයි පවසා ඇති කමේනි ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිට ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් කරන ලෙසයි.
“සිසුන්ට වස දී ඇති බව ඔප්පු වුවහොත්, අපරාධකරුවන්ට සමාවක් නොමැතිව උපරිම දඬුවම් ලබා දිය යුතුය,” ඔහු අවධාරණය කළ බව මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය නොවැම්බරයේ සිට ඉරාන පාසල් සිසුවියන් අද්භූත “මෘදු” විෂ වීම් වැලකින් පීඩා විඳිමින් සිටින අතර රට පුරා ඇති පාසල් 50 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල විය. පාසල් සිසුවියන් 1,000 කට අධික පිරිසක් විෂ ශරීරගත වීමෙන් පීඩාවට පත්ව ඇත. මේ අතර දෙමාපියන්ගේ විරෝධතා එළි දක්වමින් පවතින බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි. සමහර දෙමව්පියන් තම දරුවන් පාසල් වලින් තම දියණියන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පෙළඹී ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවද මෙම ප්‍රහාරය පිටුපස සිටින අපරාධකරුවන් හෝ එලෙස කිරීමට බලපෑ චේතනාව ඉරාන බලධාරීන් තවමත් තහවුරු කර නොමැති බව පෙනෙන්නට ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රහමනි ෆස්ලි පසුගිය 4 වනදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අභිරහසට සම්බන්ධ විය හැකියැයි සැක කෙරෙන සාම්පල කිහිපයක් විමර්ශකයින් විසින් සොයාගෙන ඇති බවයි.
“ක්ෂේත්‍ර අධ්‍යයනයන්හිදී, සැක සහිත සාම්පල සොයාගෙන තිබෙනවා. මේ වන විට ඒවා විමර්ශනය කරමින් තිබෙනවා. සිසුවියන්ගේ රෝගාබාධවලට හේතු හඳුනා ගැනීම සඳහා ඒවායේ ප්‍රතිඵල හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරනවා.” අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන ලද්දේය.
පසුගිය සතියේ, ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශයක් කරමින් “ජනතාව තුළ භීතිය සහ බලාපොරොත්තු සුන්වීම ඇති කිරීමට කුමන්ත්‍රණ කරමින් රටේ සතුරන් විසින් මෙම විෂ ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි සිතනවා. වගකිව යුත්තන් අල්ලා ගැනීමේ උත්සාහයන් වේගවත් කරන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් සහ බුද්ධි කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.”
මීට පෙර, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය යූනස් පනාහි යෝජනා කළේ කාන්තා අධ්‍යාපනයට විරුද්ධ දැඩි ආගමික කණ්ඩායම් මෙම සම්බන්ධය පිටුපස සිටිය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...