පුරවැසි කොලම

පසුගිය සතියේ බීජිං නගරයේදී සෞදි අරාබිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් චීනය මැදිහත් වී කළ සුවිශේෂී ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා  කළේය. මැදපෙරදිග කළාපයේ සිටින ඓතිහාසික නිකායික ප්‍රතිවාදීන් දෙදෙනා තම මතභේද පසෙක තබා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ගිවිසුමක් මගින් එකඟ වූ දැකගත හැකි විය.

ගිවිසුම චීනය විසින් අධීක්‍ෂණය කරන ලද අතර එය එවැනි ආකාරයේ ප්‍රථම ගිවිසුම බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.දේශපාලන විචාරකයන්ට අනුව චීනය හුදෙක් වාචාලකම පතුරුවන්නෙකු නොවී කලාපයේ සෑම රටක් සමඟම යහපත් සබඳතා ඇති කර ගැනීමට අවංක කැපවීමක් කරමින් සැබෑ හරය මත පදනම්ව සාමය ඇති කරන්නෙකුගේ භූමිකාව රඟදක්වන්නෙකු බව පෙන්නුම් කරයි.මේ අතර සමහර දේශපාලන විචාරකයන් චීනයේ හැසිරීම විස්තර කර ඇත්තේ “වෙනස් වන ගෝලීය අනුපිළිවෙලක” ලකුණක් ලෙසයි.

චීනයේ මැදිහත්වීම මෘදු ලෙස පැවසුවහොත්, එම මැදිහත්වීම එක්සත් ජනපදයට අසුබ ආරංචියක් වන අතර සෞදි අරාබිය වැනි රටවල් සමඟ ඇති උපායමාර්ගික සබඳතා හරහා වොෂින්ටනය දිගු කලක් තිස්සේ කළාපය පුරා පවත්වා ගෙන ගොස් ඇති අසීමිත භූදේශපාලනික පාලනයට දැවැන්ත පහරක් එල්ල කරනු ලබයි. මීට අමතරව, චීනයේ මැදිහත් වීම, එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ඉරානයට බලපෑම් කිරීමට සහ හුදකලා කිරීමට ගනු ලැබූ ව්‍යායාමයක් ඵලදායි ලෙස විනාශ කරනු ලබන අතර ඒබ්‍රහම් ගිවිසුම හරහා ඊශ්‍රායලයට වාසිදායක ලෙස මැදපෙරදිග කලාපීය දේශපාලනය හැඩගස්වා ගැනීමේ ඇමරිකානු උත්සාහයටද දැඩි බාධා ඇතිකරනු ලබයි. බටහිර ජන මාධ්‍ය චීනය මැද පෙරදිග කළාපයේ කළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම ජාත්‍යන්තර පිළිවෙලට “අභියෝගයක්” ලෙස හැඳින්වීම පුදුමයක් නොවන බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.නමුත් බටහිර ජාතීන් පවසන ජාත්‍යන්තර පිළිවෙල කුමක්ද? දේශපාලන විචාරකයන්ට අනුව එක්සත් ජනපදයට මැදපෙරදිග කළාපයේ ආධිපත්‍යය දැරීමට ඇති හැකියාවට පට බැඳි ඇති නම ජාත්‍යන්තර පිළිවෙල වේ. අපගේ දැක්මට අනුව එම ඊනියා ජාත්‍යන්තර පිළිවෙල කඩා දැමීම හෙවත් ඊනියා සාමය කඩකිරීම ලෝක ජනයාගේ සුභ සිද්ධිය  වෙනුවෙන් ගත හැකි හොඳම පියවරකි.

මැද පෙරදිග කළාපයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය

යුරෝපීය යටත් විජිත අධිරාජ්‍යයන්ගේ පරිහානියේ වර්ධනය ආරම්භ වූ දා සිට මැද පෙරදිග කලාපය පුරා ආධිපත්‍යය පවත්වා ගැනීමට එක්සත් ජනපදය කටයුතු කළේය. එම කළාපයේ බලශක්ති සම්පත් සූරාකෑමට ඉඩ සලසමින් ඊශ්‍රායල රාජ්‍ය ඇතුලුව සියලුම ගල්ෆ් රාජ්‍යයන්හි පාහේ හවුල්කාරිත්ව ජාලයක් භාවිතා කරමින් මැද පෙරදිග කළාපයේ එකම හමුදා ආධිපත්‍යය දරන්නා එක්සත් ජනපදය බවට පත් විය. මෙම ආස්ථානය පවත්වා ගැනීම සඳහා, එක්සත් ජනපදයට දිගු කලක් තිස්සේ කළාපයේ පවතින ආරක්ෂක උභතෝකෝටිකයක් පවත්වා ගෙන යාමට කටයුතු කළේය. ඒ අනුව කළාපයේ ආරක්ෂක ඇපකරුවෙකු ලෙස බලහත්කාරයෙන් රැඳි සිටීමට නම් එක්සත් ජනපදයට විරුද්ධවාදීන් යනු අනිවාර්ය අත්‍යවශ්‍ය සාධකයක් වන්නේය. එම තත්වය එක්සත් ජනපද මිලිටරි කාර්මික සංකීර්ණය සංවර්ධනය කිරීමටද ප්‍රයෝජනවත් වේ. අමෙරිකාවේ මෙම අමානුෂික ප්‍රතිපත්ති දශක ගනනාවක් දක්වා දිග් ගැස්සෙන යුද්ධ, කැරලි කෝලහල සහ පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ උත්සාහයන් රැසක් නිර්මාණය කිරීමට සමත් විය.

එක්සත් ජනපද න්‍යාය පත්‍රයේ විරුද්ධවාදීන් ලෙස සදාම් හුසේන්ගේ ඉරාකය සහ බෂාර් අල් අසාද්ගේ සිරියාව වැනි විප්ලවවාදී අරාබි පාලන තන්ත්‍ර මෙන්ම අල්-කයිඩා සහ ISIS වැනි ත්‍රස්තවාදී කණ්ඩායම්ද 1979 වසරේ සිදුවූ ඉරාන විප්ලවයෙන් පසුව බිහිවූ ඉස්ලාමීය ජනරජයද ඇතුළත් වී තිබේ. එක්සත් ජනපදය සිරියාවේ අසාද් පාලනය පෙරලා දැමීමේ අසාර්ථක උත්සාහය අත්හැරීමෙන් පසුව, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ටෙහෙරානය කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කරනු ලැබීය.එක්සත් ජනපද සහභාගීත්වය සහිත නිර්මානය ගොඩනැගූ ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම (Joint Comprehensive Plan of Action -JCPOA) ඔවුන් විසින්ම ඉරා දමා අබලන් සම්බාධක තන්ත්‍රයක් පැනවීමට කටයුතු කළේය. එයට පලිගැනීමක් වසහ්යෙන් ඉරාන රාජ්‍යය මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හවුල්කරුවන්ට එරෙහිව “නියෝජිත (Proxy) ගැටුම් මාලාවක් දියත් කරනු ලැබීය. ඉරානය ,යේමනයේ සෞදි රාජ්‍යයේ පිටුබලය ලබන රජයට එරෙහිව සටන් වැද සිටින හූතිවරුන්ට සහය දැක්වීය. ඒ අනුව යේමන රජය අත්පත් කරගෙන සිටින ප්‍රදේශ වලට කාපට් බෝම්බ හෙලීමට හූති කැරලිකරුවන්ට සහය දැක්වීමද කරනු ලැබීය.

මැද පෙරදිග කලාපයට වෙන්වූ චීන ප්‍රතිපත්තිය

එක්සත් ජනපදය මෙන් නොව, මැදපෙරදිග කළාපය වෙනුවෙන් චීනය නිර්මානය කර ඇති ප්‍රතිපත්තිය වන්නේ කළාපයේ රාජ්‍යන් වල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවී ජාතික ස්වෛරීත්වයට ගරු කරන ස්ථාවරයක රැඳී සිටිමින් කලාපීය ගැටුම් වලදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටීමයි. කෙසේ වෙතත්, මෙයින් බීජිං පාලනයට මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් කිසිදු මෙයින් කැමැත්තක් නොමැතිය යන්න අදහස් නොවේ. චීනය තම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී බලශක්ති සම්පත් සඳහා ආරක්ෂිත ප්‍රවේශයක් නිර්මානය කර ගැනීමේ අවශ්‍යතාවය ඉහළ ගොස් තිබේ. ඒ අනුව චීනය කලාපයේ සෑම රටක් සමඟම යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නැඹුරුතාවයක් ඇති තිබේ. තත්වය තවත් වේගවත් වී ඇත්තේ එක්සත් ජනපදය විසින් චීනය බටහිර ජාතීන් වෙතින් හුදකලා කිරීමට දැඩිව කටයුතු කිරීමත් සමඟ ය. අන්තර් කළාපීය බල අරගලය පරයා යමින්, පසුගිය වසර දෙක තුළ, බීජිං ඉරානය සහ ගල්ෆ් රාජ්‍යයන් යන දෙපාර්ශවයම සමඟ මූලෝපායික හවුල්කාරිත්වයන් ඇතිකරගත් බව නිළ වශයෙන් නිවේදනය කළේය.

බහු ධ්‍රැවීයතාව

එක්සත් ජනපදයට සමාන මිලිටරි සලකුනක් මැදපෙරදිග කළාපයේ තැබීමට චීනය සමත්වී නොතිබුණු නිසා , බොහෝ දේශපාලන විශ්ලේෂකයින් කළාපයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්කරුවෙකු ලෙස බැරෑරුම් ලෙස ක්‍රියා කිරීමට බීජින පාලනයට ඇති හැකියාව ප්‍රතික්ෂේප කළහ. සෑම රාජ්‍යයක් සමඟම හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට චීනය කරනු ලබන උත්සාහයන් ඉතා සියුම්ව පැතිරී ඇති බව දේශපාලන විශ්ලේශකයන් විශ්වාස කළහ. කෙසේ වෙතත්, සෞදි-ඉරාන සබඳතා වල වර්ධනීය තත්වය විසින්  දේශපාලන විශ්ලේශකයන්ගේ උපකල්පනය වැරදි බව තහවුරු විය. නමුත් එය සිදු වූයේ කෙසේද? .

මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම්,පළමුව, ගල්ෆ් රාජ්‍යයන් යුරෝපීය රටවල් මෙන් එක්සත් ජනපදයේ “සංස්කෘතික” මිත්‍ර පාක්ෂිකයින් නොවන බවත්, ඇමරිකානු පිළිවෙත අනුගමනය කිරීමට “සදාචාරාත්මකව බැඳී නොසිටින” බවත් අවබෝධ කර ගත යුතුය. ඒ වෙනුවට, ඔවුන් ඉතා වෙනස් මතවාදී සහ හර පද්ධතීන් (දැඩි වහාබි ඉස්ලාම්) සහිත ස්වයං-අභිලාෂයන් ඇති රාජාණ්ඩු වන අතර ඔවුන්ගේ ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා (ආයුධ සඳහා තෙල්) සහතික කිරීමේ “අනුග්‍රාහකයෙකු” ලෙස එක්සත් ජනපදය හඳුනාගෙන ඇත. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය සහ ගල්ෆ් රටවල් අතර සිදුව තිබුණේ “විවාහයක්” නොව, ව්‍යාපාර ගනුදෙනුවක් පමණි.

අප අවබෝධ කර ගත යුත්තේ මැදපෙරදිග කළාපය තුළ ක්‍රියාත්මක එක්සත් ජනපද ආධිපත්‍යය තවදුරටත් එම රටවල යහපතට හේතු නොවන බව වටහා ගැනීමට තරම් මෙම රාජ්‍යයන්හි නායකයන් ලෝක තත්වයේ සිදුවී ඇති වර්ධනීය තත්වයන් සම්බන්ධයෙන් අවබෝධයක සිටින බවයි. එම කළාපයේ රටවලට මිළදී ගැනීමේ හැකියාව ඉහළ දැවැන්ත නව හවුල්කරුවෙකු වන බීජිං පරිපාලනය හමුවී ඇත. බීජිං පාලනයට ගල්ෆ් කළාපයේ නිෂ්පාදිත ඛනිජ තෙල් වැඩි ප්‍රමාණයක් මිලදී ගත හැකිවා පමණක් නොව, ගල්ෆ් කළාප්යේ දෘෂ්ටිවාදය එවැන්ජලිස්ත කිරීම හෝ කළාපය පුරා යුද්ධයක් ඇති කිරීම මත පදනම් වූ විදේශ ප්‍රතිපත්ති මූලධර්මයක් ද බීජිං පාලනය තුළ නොමැති බවද තහවුරු වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය චීන හුවේයි 5ඝ් ජාලයෙන් ඉවත් නොවුනහොත් අමෙරිකානු F-35 ප්‍රහාරක යානා අපනයනය අවහිර කරන බවට එක්සත් ජනපදය අවසන් නිවේදනයක් ලබා දුන්නේය. එයට පිළිතුරු ලෙස අබුඩාබි පරිපාලනය වොෂින්ටන් පරිපාලනයට යා යුත්තේ කොතැනටදැයි පෙන්වා දුන්නේය.

මැද පෙරදිග කලාපයේ මෙම සීරු මාරුව 2022 වර්ෂය වන විටත් ක්‍රියාත්මකව තිබුණි. කෙසේ වුවද තත්වයන් තවත් උත්සන්න කරනු ලැබුවේ එක්සත් ජනපදය හදිසියේම යුක්‍රේන-රුසියා යුද්ධයේදී යුක්‍රේනයේ පැත්ත ගන්නා ලෙස ගල්ෆ් රටවල නායකයන් ගෙන් ඉල්ලා සිටීමත් අමෙරිකාවේ සම්බාධක න්‍යය පත්‍රයට ගල්ෆ් රටවල ආර්ථිකයන් බිළි දීමට එම රටවල පරිපාලනයන් අකමැති වීමත් නිසාය.ඒ අනුව ගල්ෆ් රටවල නායකයන් එක්සත් ජනපදයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව එක්සත් ජනපදය ඔපෙක් සංවිධානය සමඟ විරසක වූ අතර සෞදි අරාබිය තෙල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කළ ඉල්ලීම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළේය. මේ අතර, එම සිදුවීම් එක්සත් ජනපද පීඩනයට නොසැලී සිටි ඉරානය ධෛර්යමත් කළේය. ඊශ්‍රායලයේ බලයට බෙන්ජමින් නෙතන්යාහු නැවත පැමිණීම අරාබි-ඊශ්‍රායල් ආතතීන් උග්‍ර කළ අතර, එක්සත් ජනපද පිටුබලය ලත් ඒබ්‍රහම් ගිවිසුම උල්ලංඝනය කෙරුණි. ඊශ්‍රායලය සමඟ සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට සෞදි අරාබියේ තිබූ කැමැත්තට මේ තත්වයන් බාධා කළේය. .

මෙම සිදුවීම් අවසානයේ චීනයේ සහාය ඇතිව සෞදි අරාබිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සංහිඳියාව නිර්මානය කිරීම සඳහා අවශ්‍යය දේශපාලන අවකාශය නිර්මාණය කර ඇත. එය වොෂින්ටනයේ බලපෑමකින් තොරව මැදිහත් වූ පළමු ප්‍රධාන මැද පෙරදිග බේරුම්කරණ වැඩසටහන වන බැවින් එය ඇමරිකානු අවශ්‍යතාවලට දැවැන්ත පහරක් එල්ල කරනු ලබයි. මැද පෙරදිග කළාපය තුළ ඇති අමෙරිකානු සලකුණු සහ අරාබි රාජ්‍යයන් කෙරෙහි අමෙරිකානු බලපෑම නීත්‍යානුකූල කිරීම සඳහා සදාකාලික යුද යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ අමෙරිකානු ප්‍රතිපත්තිය දියාරු කිරීමට චීනය මැදිහත් වී කළ බෙරුම්කරණය හේතු වනු ඇති බව දේශපාලන විශ්ලේශකයෝ අවධාරණය කරති. ඉරානය හුදකලා කිරීමට සහ තලා දැමීමේ එක්සත් ජනපද ව්‍යාපාරය අසාර්ථක වී ඇති බව තහවුරු වන බව දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසති. රටවල් හුදකලා කිරීමට එක්සත් ජනපදය කලක් තිස්සේ කළ දැඩි බලපෑම තවදුරටත් නොපවතින බව එයින් පෙන්නුම් කෙරේ.කෙසේ වුවද එක්සත් ජනපදය ප්‍රඥාවන්ත වන්නේ නම්, ඔවුන් මැදපෙරදිගට ප්‍රවේශ වීමට ගන්නා ලද උපාය උපක්‍රම පිළිබඳ නැවත සිතා බැලීමට මෙම වර්ධනීය තත්වය අධ්‍යයනය කළ යුතු බවද දේශපාලන විචාරකයෝ පවසති. නමුත් අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන වෙනත් ප්‍රතිපත්ති මත පිහිටා “සෑම ගැටලුවක්ම ඇණයක්” යැයි සිතීමට ඉඩ ඇති අතර එම ඇණය තලා දැමීමට තවත් මිටියක් අවශ්‍ය වේ.

How the China-brokered Saudi-Iran deal will change the Middle East

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More