දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට අමෙරිකානු බැංකු පද්ධතියේ ආරම්භ වී ඇති අර්බූදය තවත් උත්සන්න කරන බව දේශපාලන ආර්ථිකවිද්‍යා ආයතනයේ සභාපති පෝල් ක්‍රේග් රොබට්ස් මහ්තා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පෝල් ක්‍රේග් රොබට්ස් මහතා 1980 දශකයේ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ සේවය කළ නිලධාරියෙකි. ඒ මහතා එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය අවුල් කිරීමට බලපා ඇති, මෑත කාලීනව ඉහළ මට්ටමේ බැංකු අසාර්ථකත්වයට පත්වීම සහ ඉදිරියේදී අමෙරිකානු බැංකු පද්ධතිය තුල සිදුවීමට නියමිත බිඳවැටීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“වසර ගණනාවක් තිස්සේ, ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඉතා අඩු මට්ටමක තබා ගත්තා. එම නිසා බැංකු ඔවුන්ගේ ශේෂ පත්‍රයේ ඇති මූල්‍ය වත්කම්වල පොලිය ඉතා අඩු මට්ටමකට පත් වූවා. නමුත් පාලනය කර ගෙන සිටි පොලී අනුපාත ඉහළ යාමට පටන් ගත් විට, ඔවුන්ගේ සංචිත වල අගයන් පහත වැටුනා. නමුත් ඔවුන්ගේ වගකීම් වල තත්වය ඉහළ ගියා. ”රොබට්ස් වත්මන් අමෙරිකානු බැංකු වල තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පවසා සිටියේය.

“ඉහළ පොලී අනුපාත පිළිබඳ මහ බැංකුවේ ප්‍රතිපත්තිය බැංකු බංකොලොත් භාවයට තල්ලු කරනවා. ගැටලුවට හේතුව මෙයයි.ෆෙඩරල් මහ බැංකුව දිගටම පොලී අනුපාත ඉහළ නංවන්නේ නම්, බැංකු තව තවත් අසාර්ථක වීම වැලැක්වීමට බැහැ.” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

අමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකු පහවන – දැවැන්ත නිව් යෝර්ක් බැංකු තුන සහ දැවැන්ත කැලිෆෝනියා බැංකු දෙක සතුව දැනට ඇති ඩොලර් ට්‍රිලියන ගනන් ව්‍යුත්පන්නයන් ( වත්කම්වලින් එහි වටිනාකම/මිල ලබා ගන්නා මූල්‍ය සිද්ධාන්තයකි.) ඇති බව පෝල් ක්‍රේග් අවධාරණය කළේය.නමුත් ඔහුට අනුව එම බැංකුවල ප්‍රාග්ධන පදනම බිලියන වලින් දැක්වේ. “එබැවින්, එම බැංකු වල අවධානම ඩොලර් ට්‍රිලියන ගණනින් ඉහළ ගොස් ඇති අතර ඔවුන්ගේ අවදානම සමනය කර ගැනීමට ඔවුන්ට ප්‍රාග්ධන පදනමක් නැහැ. ඒ අනුව , මේ සියවසයේ මුලදී අමෙරිකාව මුහුණ දුන් විශාල අර්බුදයක් ඇති වූ විට බැංකු පද්ධතියේ සිදු වූවාක් මෙන්, මෙම ව්‍යුත්පන්නයන් තුළ නැවත යමක් සිදුවුවහොත්, බැංකු පද්ධතිය අනතුරේ වැටෙනවා නියතයි.” ඔහු පැවසුවේය.

රොබට්ස් අනතුරු ඇඟවූයේ, එම බැංකු ඔවුන්ගේ ව්‍යුත්පන්නයන් තුළ අර්බූදයට පත් වුවහොත් එය යුරෝපයට පැතිර යනු ඇති බවයි. අර්බූදයට පත්ව ඇති බැංකු ඉතා විශාල වන අතර ඒවායේ අන්තර් සම්බන්ධතාවයන් ඉතා දැවැන්ත බව ඔහු පෙන්වා දුන්නේය.

“ජනාධිපති ජෝ බයිඩෙන්ට හෝ ඔහුගේ පරිපාලනයේ කිසිවෙකුට මෙන්ම ෆෙඩරල් සංචිතයට පවා අවදානමේ තරම පිළිබඳව කිසියම්ම හෝ අදහසක් තිබේදැයි මට සැකයි. එය තේරෙන භාෂාවෙන් පවසන්නේ නම් විශාල එක්සත් ජනපද බැංකු පහේ රඳවාගෙන සිටින ව්‍යුත්පන්නයන්හි වටිනාකම සමස්ත ලෝකයේම දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයක්.එම බැංකු පහ ව්‍යුත්පන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 188ක් දරා සිටිනවා. ඉතින්, මෙම තත්වයේ අවදානම කොපමනද? ඉහත මා සඳහන් කළ කිසිවෙක් දන්නේ නැහැ.”
රොබට්ස්ට අනුව, එක්සත් ජනපද බලධාරීන් බැංකු රෙගුලාසි විශ්මයජනක ලෙස වෙනස් කළ 1999 වර්ෂයේ සිට අමෙරිකාවේ මුල්‍ය අර්බූදය ආරම්භ විය. ඊට පෙර,අමෙරිකානු වාණිජ බැංකුවලට ආයෝජන බැංකුකරණයේ නිරත වීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.අමෙරිකානු ආයෝජන බැංකු තමන්ගේම මුදල් මත අවදානමක් ගත්තේය. නමුත් වාණිජ බැංකුව නව බැංකු රෙගුලාසි අනුව කටයුතු කිරීමට ආරම්භ කිරීමත් සමඟ එම බැංකුවල පරිපාලනය තැන්පත්කරුවන්ගේ ඉතිරිකිරීම් සමඟ ඔට්ටු ඇල්ලීමට පටන් ගත්හ. එම තත්වය කලින් පැවැති බැංකු රෙගුලාසි පද්ධතියේ කොටසක් නොවූ දැවැන්ත අවදානම් ගැනීමට ඉඩ විවර කරදීමක් බව පෝල් ක්‍රේග් රොබට්ස් පෙන්වා දුන්නේය.

Glass-Steagall  පනත 1999 දී  සම්පූර්ණයෙන්ම පාහේ අවලංගු කරන තෙක් වසර 66 ක් පුරා අවදානම් මිලදී ගැනීම් සහ මිලදී ගැනීමේ අර්බුද වළක්වා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පෝල් ක්‍රේග් අවධාරණය කළේ එක්සත් ජනපද බැංකු ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය ලෝකයේ සෙසු රටවලට බලපෑ හැකි බවයි. ඔහුට අනුව Credit Suisse වැනි සමහර යුරෝපීය බැංකු දැනටමත් අනතුරේ පවතින බව පෙන්වා දුන්නේය.

“සත්‍යවශයෙන්ම අපි අමෙරිකානු බැංකු පද්ධතියේ අර්බූදය සම්පූර්ණයෙන්ම වටහා ගෙන නැහැ. එය හරියට 2007 සහ 2008 වර්ෂ වලදී පුපුරා ගිය ව්‍යුත්පන්නයන් හා සමානයි. අපට බැංකු අහිමි වුනා. අපට වෝල් වීදියේ සමාගම් අහිමි වූවා.” රොබට්ස්  පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More