දේශීය පුවත්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල කරමිනි.

හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය රුසියන් ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා නගා ඇත්තේ නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙනි.

එම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත්ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.

මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.

(රොයිටර්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More