ඇමරිකාව සමඟ ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ.
මේ වනවිට ඇමරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් මෙසේ ලක්ෂ 8 ක සෙබළුන් උතුරු කොරියාව විසින් සීරුවෙන් තබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස අතර සිටින වැඩිදෙනා ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු වැසියන් බවද, ඔවුන් අතර, සරසවි ශිෂ්‍යයන් සහ කම්කරුවන්ද වන බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනවල දැක්වෙයි.
උතුරු කොරියාව ද ඇමරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනයක් වන ආකාරයට දිගින් දිගටම බැලැස්ටික මිසයිල අත්හදා බලමින් සිටින පසුබිමක ඕනෑම මොහොතක ඇමරිකාව සහ උතුරු කොරියාව අතරේ යුද ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...