මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බවයි.
මරණ දඩුවම, කෘර සහ වෙනස් කළ නොහැකි දඩුවමක් බවයි ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් ගැනීමට උත්සාහ කරන බව ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා නම් එය කඩිනමින් නැවැත්විමට පියවර ගත යුතු අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම සංවිධානයන සම්පූර්ණයෙන් විරුද්ධ බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...