චීන ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් විය. මේ අනුව චීන දේශපාලනයේ වඩාත්ම වැදගත් නායකත්ව තනතුරු දෙක වන චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන හමුදාවේ ප්‍රධානියා ලෙස තවත් වසර පහකට පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහුට බලය පැවරීමෙන් පසුව ඔහු චීන රාජ්‍ය නායකයා ලෙස පත්වීම ඓතිහාසික සිදුවීමකි. පසුගිය 16 වනදා ක්ෂී ජින්පින් මහතා තුන්වෙනි වරටත් චීන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ලෝක ජනයා ප්‍රථම වතාවට ඇමතීමට “වෙබිනාර්” සමුළුවකට එක් විය. එහිදී ඒ මහතා ලෝකයේ ඉදිරි ගමන සනිටුහන් කිරීමේදී චීනයේ දායකත්වය සහ මැදිහත් වීම සම්බන්ධයෙන් ඓතිහාසික සංවාදයක් කරනු ලැබීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ෂී ජින් පින් මහතා ලෝක දේශපාලන පක්ෂ සමඟ “නවීකරණය කරා යන මාවතේ අත්වැල් බැඳගන්න” නමින් කළ සංවාදයේ සටහන පහත පලවේ.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පසුගිය 15 වනදා වීඩියෝ සබැඳියාව ඔස්සේ “ලෝක දේශපාලන පක්ෂ සමඟ සංවාදය” වැඩසටහනෙහි ප්‍රධාන දේශකයා විය. ඔහු සිය දේශනය “නවීකරණය කරා යන මාවතේ අත්වැල් බැඳගන්න” නමින් නම් කර තිබුණි.
ලොව පුරා දේශපාලන පක්ෂ නායකයිනි,නෝනාවරුණි මහත්වරුණි,
මිතුරු මිතුරියනි,
“නවීකරණය කරා යන මාවත: දේශපාලන පක්ෂවල වගකීම” යන මැයෙන් කෙරෙන සාකච්ඡාවට ඔබ සියලු දෙනා සමඟ එක්වීමට ලැබීම සම්බන්ධයෙන් මට ඉමහත් සතුටක් දැනේ.
මානව සංවර්ධන ඉතිහාසයේ ගමන් මග සංකීර්ණ දඟර ගැසීම් සහ නැමි වලින් පිරී තිබෙනවා. එලෙසම නවීකරණයට යන මාවත සොයා ඒ ඒ රටවල් යන ගමන ද දුෂ්කරතාවයන්ගෙන් පිරී ඉතිරී තිබෙනවා. වත්මන් ලෝකයේ විවිධ අභියෝග සහ අර්බුද එකිනෙකට බැඳී තිබෙනවා. ගෝලීය ආර්ථිකය ප්‍රකෘතියට පත්වීම මන්දගාමී වී තිබෙනවා.විවිධ රටවල් අතර තිබෙන සංවර්ධනයන්හි පරතරය පුලුල් වෙමින් පවතිනවා. පාරිසරික තත්වයන් පිරිහෙමින් පවතිනවා. ඊට සමාන්තරව සීතල යුද්ධ තත්වයන් තවත් දිගු වෙමින් පවතිනවා. මානව වර්ගයාගේ ඉතිහාසයේ නවීකරණ ක්‍රියාවලිය නැවත වරක් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා.
ධ්‍රැවීකරණය හෝ පොදු සමෘද්ධිය අත්පත් කරගන්නවාද? හුදු ද්‍රව්‍යවාදී ලුහුබැඳීම හෝ සම්බන්ධීකරණය කරන ලද ද්‍රව්‍යමය සහ සංස්කෘතික-ආචාර ධර්ම දියුණුව අත්පත් කරගන්නවාද? මාළු අල්ලා ගැනීමට පොකුණ සිඳලීම කරනවාද නැතහොත් මිනිසා සහ සොබාදහම අතර සමගිය ඇති කරනවාද? කෙනෙකුගේ පරාජය අනෙකාගේ ජයග්‍රහනය වන සූදු ක්රීඩාව් හෝ ජයග්‍රාහී සහයෝගීතාව අත්පත් කරගන්නවාද? වෙනත් රටවල සංවර්ධන ආකෘතිය පිටපත් කිරීම හෝ ජාතික තත්ත්වයන් අනුව ස්වාධීන සංවර්ධනයක් ලබා ගැනීමට කටයුතු කරනවාද? අපට අවශ්‍ය කුමන ආකාරයේ නවීකරණයක්ද ? එමෙන්ම එය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු , නවීකරණ ක්‍රියාවලිය මෙහෙයවීමේදී වැදගත්ම බලවේගය වන දේශපාලන පක්ෂ පිළිතුරු සැපයීමට බැඳී සිටිනව. නවීකරණ ක්‍රියාවලිය සම්බන්ධ මගේ නිරීක්ෂණ කිහිපයක් ඔබ තමුන්නාසේලා සමඟ බෙදා ගැනීමට මම කැමතියි.
නවීකරණ ක්‍රියාවලියේදී අපි ජනතාවට මුල් තැන දී “ නවීකරණය” ජනතා කේන්ද්‍රීය බව සහතික කළ යුතුයි. ජනතාව ඉතිහාසයේ නිර්මාතෘවරුන් වන අතර නවීකරණය ඉදිරියට ගෙන යාමේ ශක්තිමත්ම පදනම සහ බලවේගය ජනතාවයි. නවීකරණයේ අවසාන ඉලක්කය වන්නේ මිනිසුන්ගේ නිදහස හා සම්පූර්ණ මෙන්ම මනාව ගැලැපූ සංවර්ධනයයි. නවීකරණ ක්‍රියාවලියක් ගොඩ නැගීමට සහ හොඳින් ක්‍රියාත්මක වීමට නම්, එම ක්‍රියාවලිය මිනිසුන්ට මුල් තැන දෙන එකක් විය යුතුයි. නවීකරණය යනු පොතේ පතේ සඳහන්ව ඇති දර්ශක සහ සංඛ්‍යාලේඛන පමණක් නොව මිනිසුන්ට ප්‍රීතිමත් සහ ස්ථාවර ජීවිතයක් ලබා දීමයි. දේශපාලන පක්ෂ, යහපත් ජීවිතයක් සහ ශිෂ්ටාචාරයේ තවදුරටත් ප්‍රගතියක් සඳහා වූ ජනතා අභිලාෂයන් කෙරෙහි අවධානය යොමු කරමින්, ද්‍රව්‍යමය බහුලත්වය, දේශපාලන ඒකාග්‍රතාවය, සංස්කෘතික-ආචාර ධර්ම පොහොසත් කිරීම, සමාජ ස්ථාවරත්වය සහ ප්‍රසන්න ජීවන පරිසරයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ යුතු අතර එමඟින් නවීකරණ ක්‍රියාවලිය කෙරෙහි වඩාත් හොඳින් අවධානය යොමු කරනු ලැබිය යුතුය. එවිට ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සිදුවනු ඇත. මේ ආකාරයෙන්, නවීකරණය මෙම පරම්පරාවේ යහපැවැත්ම වැඩි දියුණු කිරීම පමණක් නොව අනාගත පරම්පරාවේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම මගින් මානව වර්ගයාගේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇත.
අප ස්වාධීනත්වයේ මූලධර්මය ආරක්ෂා කළ යුතු අතර නවීකරණය සඳහා විවිධාංගීකරණය වූ මාර්ග ගවේෂණය කළ යුතුය. නවීකරණය යනු රටවල් අතලොස්සකට පමණක් අයිතිය ඇති “සුවිශේෂී පේටන්ට් බලපත්‍රයක්” නොවන අතර එය තනි උත්තරයක් ලැබෙන සරල ප්‍රශ්නයක් ද නොවේ. එය “සරල බිස්කට් කපන(cookie cutter)” ප්රවේශයකින් හෝ සරල “පිටපත් කර ඇලවීම” මගින් සාක්ෂාත් කරගත නොහැකි ජයග්රහනයකි. ඕනෑම රටක් නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා, ක්‍රියාවලිය පාලනය කරන සාමාන්‍ය නීති අනුගමනය කිරීම පමණක් නොව, වඩාත් වැදගත් ලෙස තමන්ගේම ජාතික කොන්දේසි සහ අද්විතීය ලක්ෂණ සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. තමන්ට වඩාත් ගැලපෙන්නේ කුමන ආකාරයේ නවීකරණයක්දැයි තීරණය කරන්නට හොඳම වේදිකාවක සිටින්නේ එම රටේ ජනතාවයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ජාතික යථාර්ථයන් මත පදනම්ව ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණ සහිත නවීකරණ මාවත ස්වාධීනව ගවේෂණය කිරීමට අයිතිය සහ හැකියාව තිබෙනවා. අපි අපේම ශක්තියෙන් අපේ රට සහ ජාතිය සංවර්ධනය කළ යුතුවාක් මෙන්ම අපේ රටේ සංවර්ධනයේ සහ ප්රගතියේ අනාගතය පිළිබඳ ස්ථිර ගතිකත්වයක් පවත්වා ගත යුතුයි. “මල් සියයක් පිපෙන උයනක්” වැනි මනුෂ්‍යත්වයේ නවීකරණයේ නව අපේක්ෂාවන් ඒකාබද්ධව ගෙන ඒම සඳහා විවිධ ජාතීන් විසින් ස්වාධීනව තෝරාගෙන ඇති සංවර්ධන මාවත් වලට අප ගරු කළ යුතුවාක් මෙන්ම අප ඒවාට සහයෝගය දැක්වීමද කළ යුතුයි.
අපි මූලික ප්‍රතිපත්ති පිළිපැදිය යුතු අතර නව මාවතක් විවෘත කර ගනිමින් නවීකරණ ක්‍රියාවලියේ අඛණ්ඩ පැවැත්ම සහතික කළ යුතුයි. නවීකරණ ක්‍රියාවලියේ විවිධ නව ප්‍රශ්න, කොන්දේසි සහ අභියෝග හමුවේ දේශපාලන පක්ෂ නිර්භීතව වගකීම් භාරගෙන තම කාර්යයේ විශිෂ්ටත්වය විදහා දැක්විය යුතුයි. අපි පැරණි චින්තනයේ විලංගු බිඳ දැමිය යුතුයි. ආයතනික බාධක ඉවත් කළ යුතුයි. නව ක්‍රම සහ නව ප්රවේශයන් ගවේෂණය කළ යුතුයි. නවීකරණ ක්‍රියාවලියට නොනවතින ගතිකත්වයක් ඇති කිරීම සඳහා න්‍යායන් සහ භාවිතයන් තුළ නව මාවතක් විවෘත කර ගත යුතුයි. සැමට සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා සහ සාධාරණ නීති රීති සහිත පරිසරයක් තුළ මානව වර්ගයාගේ නවීකරණය ඉදිරියට ගෙන යන විට ගෝලීය පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට සහ සංවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර පිළිවෙල වඩාත් සමාන හා සාධාරණ බවට පත් කිරීමට අප සැවොම එක්ව කටයුතු කළ යුතුයි.
අප අපගේ සාර්ථකත්වය සොයා යන අතරම අප අන් අයට සාර්ථක වීමට උපකාර කළ යුතුයි. එමගින් නවීකරණයේ ප්‍රතිඵල සියල්ලන්ටම භුක්ති විඳිය හැකි බවට සහතික විය යුතුය. මනුෂ්‍යත්වය පවතින්නේ සියලු දෙනාම එකට නැගිටිමින් එක්ව වැටෙමින් හවුල් අනාගතයක් අපේක්ෂා කරන ප්‍රජාවක් තුලය. ඕනෑම රටක් නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සිද්ධාන්තයක් තිබේ. ඒ සඳහා සහයෝගීතාවය පමණක් නොව සහයෝගීතාවය තුළින් පොදු සංවර්ධනයක ඉලක්ක අනුගමනය කළ යුතුයි. ඒ මත පිහිටා ඒකාබද්ධ දායකත්වය, හවුල් ප්රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵලය යන මූලධර්මය අනුගමනය කළ යුතුය. සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින රටවල් වෙනත් රටවල සංවර්ධන කාර්ය සඳහා අවංකව සහාය දිය යුතුයි. කෙනෙකුගේ පහන නිවා දැමීමෙන් පසු පහන නිවාදැමූ කෙනා වඩාත් දීප්තිමත්ව නොපෙනෙනවා මෙන්ම අනුන්ගේ මාර්ග අවහිර කරන අය ගමන් මගේ වැඩි දුරක් යන්නේ ද නැත. නවීකරණයේ ප්‍රතිඵල වඩාත් සාධාරණ ලෙස භුක්ති විඳීමට වැඩි පිරිසක් දායක කර ගත යුතුයි. එය සහතික කිරීම සඳහා අපි අවස්ථා බෙදාහදා ගත යුතුයි. එමගින් අප සැම දෙනා එක්ව අනාගතයක් නිර්මාණය කළ යුතුයි. මෙලෙස අප මානව වර්ගයා නවීකරණයෙන් ලබන ප්‍රතිඵලය විශාල කළ යුතුයි. නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙනත් රටවල් දරණ උත්සාහය යටපත් කර තම රටවල සංවර්ධන වරප්‍රසාදය රැක ගැනීමේ නරක පුරුද්දට අපි තරයේම විරුද්ධ වනවා.
අප ව්‍යවසායන් සමඟ ශක්තිමත්ව ඉදිරියට යා යුතු අතර නවීකරණය සම්බන්ධයෙන් ශක්තිමත් ස්ථිර නායකත්වයක් සහතික කළ යුතුයි. නවීකරණය ඉබේ අපේ ඔඩොක්කුවට වැටෙන්නේ නැහැ. එය ශක්තිමත් ඓතිහාසික මුලපිරීමක් සමඟ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හේතුව නිසා ලැබෙන ප්රතිඵලයකි. දේශපාලන පක්ෂ යනු නවීකරණයේ ප්රමුඛ හා ගාමක බලවේගයයි. ඔවුන්ගේ හර පද්ධතීන්, නායකත්වය සහ පාලනය කිරීමේ හැකියාව, සදාචාරය, අභිලාශයන් සහ චරිත ස්වභාවය නවීකරණ ක්‍රියාවලියේ දිශානතිය සහ අනාගතය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනවා. පුරාණ චීන දාර්ශනිකයෙකු පැවසූ පරිදි, “තමන්ව ජය ගන්නා තැනැත්තා ශක්තිමතෙකි.” දේශපාලන පක්ෂ, ජාතික නවීකරණ ක්‍රියාවලිය සමඟ තම පක්ෂය ගොඩනැගීමද ඒකාබද්ධ කළ යුතුයි.එලෙසම ව්‍යවසාය සහ අධිෂ්ඨානය සමඟ ඉදිරියට යා යුතුයි. එපමනක් නොව තමන් විසින්ම විශිෂ්ටත්වයට පත් විය යුතුයි. මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන්, කාලය විසින් ඉදිරිපත් කරන ලද අභියෝග සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට, ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට සහ නවීකරණය කිරීමේ අරමුණ සඳහා මාවත වීවර කිරීමට සහ ඒ වෙනුවෙන් සාමාජිකයා මෙහෙයවීමට දේශපාලන පක්ෂ වලට විශ්වාසය, අධිෂ්ඨානය සහ හැකියාව ලැබෙනු ඇත.
නෝනාවරුණි මහත්වරුණි,මිතුරු මිතුරියනි,
නූතන යුගයේ සිට ම චීන ජනතාව නවීකරණ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීමට සිහිනයක් දකිමින් සිටිනවා. ජාතික පුනර්ජීවනය සඳහා චීන ජනතාව එක්සත් කිරීමට සහ නායකත්වය දීමට චීන කොමියුනිස්ට් පක්ෂය ගත කළ වසර 100 කට අධික කාලයක් තිස්සේ පිය නගා ඇති ගමන නවීකරණය සඳහා වූ මාවත ගවේෂණය කිරීමට ගනු ලැබූ උත්සහායයි. චීන ජාතිකයෝ පරම්පරාවෙන් පරම්පරාවට කළ නොපසුබට උත්සාහයට ස්තූතිවන්ත වන්නට, අපි නවීකරණය සඳහා වන අපේම මාවත සොයාගෙන තිබෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය නවීකරණය සඳහා වන චීන මාවත ඔස්සේ සෑම පැත්තකින්ම චීන ජාතියේ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාමට යෝජනා කර තිබෙනවා. චීන නවීකරණය යනු සියලු දෙනාටම පොදු සමෘද්ධිය, ද්‍රව්‍යමය හා සංස්කෘතික-ආචාර ධර්ම දියුණුව, මනුෂ්‍යත්වය සහ ස්වභාවධර්මය අතර සමගිය සහ සාමකාමී සංවර්ධනය වැනි පුළුල් පරාසයක පැතිරුණු ප්‍රපංචයන්ගෙන් සමන්විත එකකි. එය අපගේ ජාතික අධ්‍යාත්මය තුළ මුල් බැස ඇති අතර අනෙකුත් රටවල අත්දැකීම් ද අවශෝෂනය කර ගනු ලබනවා. එය තුළ ඉතිහාසයේ සහ සම්ප්‍රදායික සංස්කෘතියේ මුද්‍රාව දරණ අතරම නවීන අංග ලක්ෂණද අඩංගු තිබෙනවා. එය චීන ජනතාවට ප්රතිලාභ ලබා දෙන අතරම ලෝකයේ පොදු සංවර්ධනය ද ඉදිරියට රැගෙන යනවා. ශක්තිමත් ජාතියක් ගොඩනැගීමට සහ චීන ජාතියේ පුනර්ජීවනය අවබෝධ කර ගැනීමට එය අපට ස්ථිර මාර්ගයකි. එය මුළු ලෝකයටම මනුෂ්‍යත්වය සහ සංහිඳියාව සඳහා ප්‍රගතිය සෙවීමට අප ගමන් කළ යුතුම මාර්ගයකි. අපි නිවැරදි දිශාවට, නිවැරදි න්‍යායන්ට සහ නිවැරදි මාවතට අනුගත වීමට කැපවී සිටිනවා.අප කිසිම විටෙක අපගේ ස්වභාවය වෙනස් කිරීමෙන් හෝ අපගේ ක්‍රමය අත්හැර අප අනුගමනය කරන මාර්ගයෙන් ඉවතට නොයනවා ඇත. චීන ජනයාගේ අනාගතය අනෙකුත් රටවල සහ එම ජනතාවගේ අනාගතය සමඟ දැඩිව සම්බන්ධ වී ඇති බැවින් චීන නවීකරණයේ නව ප්‍රගතියක් ඇති කිරීම වෙනුවෙන් ලෝක සංවර්ධනය සඳහා නව අවස්ථා ලබා දීමට, නවීකරණය සඳහා මානව වර්ගයාගේ මාර්ග ගවේෂණයට නව ජවයක් එක් කිරීමට සහ මානව වර්ගයාගේ නවීකරණයේ න්‍යාය සහ භාවිතය සඳහා නව දායකත්වයක් ලබා දීමට අපි උපරිමව උත්සාහ කරමු.
චීන කොමියුනිස්ට් පක්ෂය උසස් තත්ත්වයේ සංවර්ධන ඉලක්කයන් අඛණ්ඩව ලුහු බඳිනු ලබන අතර ගෝලීය වර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය පිණිස කැපවනු ඇත. වෙළඳපල ප්‍රවේශය ඉහළ ප්‍රමිතියකින් විවෘත කිරීම සහ ස්ථාවර ව්‍යාප්තිය ප්‍රවර්ධනය කරන නව සංවර්ධන ආදර්ශයක් ගොඩනැගීම අපි වේගවත් කරනවා. චීනයේ දොරටු ලෝකයට පුළුල් ලෙස විවෘතව පවතිනු ඇත. අපි අපගේ කාර්මික නිෂ්පාදන පද්ධතිය තවදුරටත් නවීකරණය කිරීමට සමාන්තරව අපි ලෝකයට චීනයේ නිෂ්පාදිත සහ නිර්මාණය කරන ලද වඩා හොඳ නිෂ්පාදන ලෝකයට ඉදිරිපත් කරනු ලබනවා. ඊට සමාන්තරව විශාල පරිමාණයේ සහ ශක්තිමත් ඉල්ලුමක් ඇති චීන වෙළඳපොළ ලෝකයට විවෘත වනවා ඇත. එපමණකින් නොනැවතී වේගවත් සංවර්ධනය, කාර්මීකරණය සහ නවීකරණය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය දැක්වීම සහ උපකාර කිරීමට පමණක් නොව උතුරු-දකුණු පරතරය අඩු කිරීම සහ පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා චීනයේ විසඳුම් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඒ සඳහා ශක්තියද ලබා දීමට කටයුතු කරණු ඇත. උසස් තත්ත්වයේ “එකම තීරයක් එකම මාවතක් මුලපිරීම” (Belt and Road Initiatives) ඉදිරියට ගෙන යාමට, ගෝලීය සංවර්ධන මුලපිරීම ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට, ගෝලීය සංවර්ධනය සඳහා නව ධාවකයන් පෝෂණය කිරීමට සහ ගෝලීය සංවර්ධනයේ ප්‍රජාවක් ගොඩනැගීමට අනෙකුත් සියලුම රටවල දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව මම මේ සමුළුවේදී අවධාරණය කරනවා.
නෝනාවරුනි මහත්වරුනි, මිතුරු මිතුරියනි,
නවීකරණය කරා යන මනුෂ්‍යත්වයේ ගමනේ පසුබෑම් ඇති විය හැකි නමුත් අනාගතය දීප්තිමත් ය. ලෝකයේ සෞභාග්‍යය සහ ප්‍රගතිය මෙහෙයවන ප්‍රබල බලවේගයක් ලෙස විවිධ නවීකරණ ධාවක නිර්මාණය කිරීම සහ ඉතිහාසයේ දිගු ගංගාව තුළ නොනවතින ලෙස ඉදිරියට යාම සහතික කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ඔබ සියලු දෙනා සමඟ අත්වැල් බැඳ ගැනීමට බලාපොරොත්තු දල්වමින් සිටිනවා.
ඔබ සැමට ස්තූතියි.
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...