දේශීය පුවත්

චීන ජනාධිපති ක්ෂී ජිනිපින් මහතාගේ මොස්කව් සංචාරය හේතුවෙන් රුසියාව සහ චීනය අතර සබඳතා තව තවත් ශක්තිමත් වී තිබේ.

ඒ, දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද ගිවිසුම් රැසකට චීන ජනාපධිති සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අත්සන් තබා ඇති පසුබිමකය.

චීන ජනාධිපති රුසියාවේ මොස්කව් බලා පැමිණ රුසියා ජනාධිපති වරයා හමුවන්නේ රුසියානු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාවකදී වීම විශේෂත්වයකි.

මේ අතර, චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා රුසියන් ජනාපධිති හමුවීමට රුසියාව බලා ගියේ රුසියානු යුක්රේන යුද්ධයට සාම සැලැස්මක් ද රැගෙනය.

චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා ඉදිරිපත් කර ඇති එම සැලැස්ම පිළිබඳ සාකච්ඡා පවත්වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපතිවරයා විසින් කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත්, අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෑමවිටම තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා මොස්කව්හිදී චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇති බවත් එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම පිළිබඳව ඇමෙරිකාව කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More