පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් සිදුවී ඇති බව වාර්තා වේ.
එම භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැනී ඇති බව සඳහන් ය.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළ අන්දමට භූම්කම්පාවෙන් දෙදෙනකු මියගොස් 150 දෙනෙක් තුවාල ලැබ තිබේ. මරණ වාර්තා වන්නේ කයිබර් පක්ටුන්ක්වා පළාතෙනි.
මෙම භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.
ඉස්ලාමාබාද්, ලාහෝර්, කොහාට් සහ ජිල්ගිට් බලුකිස්තාන පළාත්වලත් භූමි කම්පාවේ බලපෑමට හසුවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා හෝ ඉරි තලා ගොස් ඇතැයි ද පැවැසෙයි.
මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ, ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...