දේශීය පුවත්

එක්සත් රාජධානිය මතභේදයට තුඩු දී ඇති ක්ෂය වූ යුරේනියම් අඩංගු  ෂෙල් වෙඩි යුක්රේනයට ලබාදෙන්නේ නම්, රුසියානු-යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් නරකම පූර්වාදර්ශයක් වනු ඇති බවත් එයින් අදහස් කරන්නේ ආයුධ සැපයුම උත්සන්න කරවීමක් බවද  චීන යුද විශේෂඥයෝ පවසති. මෙම ක්‍රියාව මගින්  පෙන්නුම් කරන්නේ බටහිර ජාතීන් යුක්රේනියානුවන් හෝ රුසියානුවන් සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන අතරම  “යුක්රේනියානුවන්ගේ රුධිරය සෑම ආකාරයකින්ම රුසියාව දුර්වල කිරීමට” භාවිතා කරන බවද එම චීන විශේෂඥයෝ අවධාරණය කරති.

මේ අතර පසුගිය 21 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යවරයා අමතමින් ලිඛිතව විමසා සිටියේ එක්සත් රාජධානිය යුක්රේනයට ක්ෂය වූ යුරේනියම් සහිත සන්නාහ සන්නද්ධ රථ විනිවිද යාහැකි ෂෙල් වෙඩි සපයන්නේ නම් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට රුසියාවට බල කෙරෙනු ඇති බවයි.

රුසියානු රජයේ විමසීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එවැනි ද්‍රව්‍ය ෂෙල් වෙඩි උන්ඩ නිපදවීමේදී සම්මත වන බවත් න්‍යෂ්ටික අවි සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. මේ සම්බන්ධයෙන් පලවෙන මාධ්‍ය වාර්තා වලට අනුව චැලෙන්ජර් 2 යුධ ටැංකි සමඟ භාවිතා කිරීම සඳහා එවැනි ද්‍රව්‍ය අඩංගු සන්නාහ සන්නද්ධ රථ විනිවිදින ෂෙල් වෙඩි වල විකිරණ අවදානම අඩු බව පැවසේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සංවිධානය ඉතිහාසයේ බොහෝ වාරයක් ක්ෂය වූ යුරේනියම් අඩංගු බෝම්බ භාවිතා කර ඇති අතර එමඟින් පරිසරයට දිගුකාලීන බලපෑම් ඇතිකරනවා පමණක් නොව මිනිස් සිරුරට දිගු කාලීනව හානි සිදු වන බවද චීන විශේෂඥයෝ පවසති. එලෙසම එම චීන විශේෂඥයන් පෙන්වා දෙන්නේ  එම ෂෙල් වෙඩි වලින් නිකුත් කරන ලද යුරේනියම් කුඩු වලින්  බරපතල පරිසර දූෂණ වලටද හේතු වූ බවයි.

2022 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද යෝජනාවක් මගින් මානව සෞඛ්‍යයට සහ පරිසරයට ක්ෂය වූ යුරේනියම් අඩංගු ආයුධ සහ පතොරම් භාවිතයේ ඇති විය හැකි හානිකර බලපෑම් සැලකිල්ලට ගනු ලැබූ  අතර  ගැටුම් තත්ත්වයන්හිදී ක්ෂය වූ යුරේනියම් අඩංගු ආයුධ සහ පතොරම් භාවිතය සෞඛ්‍ය අවදානම් සහ පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ කළ යුතු බවද අවධාරණය කළේය.

නේටෝව දැනටමත් කොසෝවෝ සහ සර්බියාවේදි යුරේනියම් අඩංගු  එවැනි යුධෝපකරණ භාවිතා කර ඇතැයිද එමගින් දැවැන්ත පාලම් ගොඩනැගිලි ආදිය විනාශ කරදැමූ බව රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ක්ෂය වූ යුරේනියම් බෝම්බවලට බොහෝ රටවල් ප්‍රතිරෝධය දක්වන තත්වයක් තුල එක්සත් රාජධානියේ මෙම පියවර ඉතා නරක පූර්වාදර්ශයක් වන්නේ සොල්දාදුවන්ට පමණක් නොව අවට රටවල  සිටින සිවිල් වැසියන්ට ද නේටෝව මීට පෙර මෙවැනි ආයුද භාවිතයෙන් බරපතල හානි සිදුවී ඇතිවාක් මෙන්ම  පශ්චාත් යුධ ප්‍රතිසංස්කරණය වඩාත් දුෂ්කර කර ඇති නිසා බව නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයනය සඳහා මධ්‍යස්ථානයේ සහකාර පර්යේෂණ සගයකු වන කුයි හෙන්ග් මාධ්‍ය වෙත පැවසීය.

“එයින් අදහස් කරන්නේ යුක්රේනයට බටහිර යුද සැපයුම් තවදුරටත් උත්සන්න වීම” බව පැවසූ ඔහු  , රුසියාව නිසැකවම එවැනි උත්සන්න කිරීමකට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වනු ඇති බවද අවධාරණය කළේය.

2022 ජූනි මාසයේදී පැවැති “නේටෝව යුගෝස්ලාවියාවට දින 78ක බෝම්බ හෙලීමේ” 23 වැනි සංවත්සරයේදී, චීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් සහ නේටෝවෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ යුද අපරාධ ගැන මෙනෙහි කරන ලෙසත් ක්ෂය වූ යුරේනියම් බෝම්බවලට ගොදුරු වූවන්ට සාධාරණ පැහැදිලි කිරීමක් සහ වන්දියක් ලබා දෙන ලෙසත් ය. නේටෝව විසින් හෙළන ලද ටොන් 15ක පමණ ක්ෂය වූ යුරේනියම් වලට ගොදුරු වූ 3,000ක් පමණ  පිරිසක්ගේ ඉරණම සම්බන්ධයෙන් නේටෝවට එරෙහිව නඩු පැවරීමට ජාත්‍යන්තර නීතිඥ කණ්ඩායමකට භාර දෙන ලදී.

“ක්ෂය වූ යුරේනියම් බෝම්බ වල බලපෑම රුසියානු සහ යුක්රේන සොල්දාදුවන්ට පමණක් නොව අසල්වැසි රටවල වැසියන්ටද  දිගු කාලීනව බලපානු ලැබේ.ඉරාකය සහ සර්බියාව වැනි රටවල් තවමත් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිරයන් විසින් භාවිතා කරන එවැනි ආයුධවල බලපෑමට ලක්ව ඇතැයි චීන හමුදා විශේෂඥයෙකු මෙන්ම රූපවාහිනී විචාරකයෙකු වන සොන්ග් සොන්ග්පින් මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

යුක්රේනයට ආයුධ සැපයීම වැඩි කිරීම, ආතතීන් තවත් උග්‍ර කරන ගින්නට ඉන්ධන එකතු කිරීමක් ලෙස සැලකේ. යුක්රේන අර්බුදයේදී න්‍යෂ්ටික අවි භාවිත කළ නොහැකි බවත් න්‍යෂ්ටික යුද්ධවලට එරෙහිව සටන් කළ නොහැකි බවත් චීනය අවස්ථා කිහිපයකදී අවධාරණය කළ අතර, න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීම සහ න්‍යෂ්ටික අර්බුදයක් මඟහරවා ගැනීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතය තහනම් කිරීමට සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ බවද චීන යුද විශේෂඥයෝ අවධාරණය කරති.

ක්ෂය වූ යුරේනියම් බෝම්බ සැපයීමෙන් අදහස් වන්නේ එක්සත් රාජධානිය න්‍යෂ්ටික අවි හරන මූලධර්මය උල්ලංඝනය කරන බවත්, ලන්ඩන් අවම සීමා මට්ටම බිඳ දැමුවහොත් රුසියාව නිහඬව නොසිටින බවත් ය. ප්‍රධාන න්‍යෂ්ටික බලවතෙකු ලෙසත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් ලෙසත් අපි එවැනි පියවරකට සාමූහිකව විරුද්ධ විය හැකි බවත් චීන යුද විශේෂඥයෝ අවධාරණය කරති.

“ක්ෂය වූ යුරේනියම් බෝම්බවල හානිකර බලපෑම එක්සත් රාජධානිය පැහැදිලිව වටහාගෙන තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන් යුක්රේනියානුවන්ට හෝ රුසියානුවන්ට කෙතරම් හානිකර වුවත් එය ඔවුන්ට අදාල නොවන බවයි.එසේ නැතහොත් රුසියාව සෑම ආකාරයකින්ම දුර්වල කිරීමට යුක්රේනියානුවන්ගේ රුධිරය භාවිතා කිරීමට ඔවුන්ට අවශ්‍ය බව එයින් කියවෙනවා. ” කුයි හෙන්ග් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More