ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ මෙතෙක් පැවති විශාලතම විරෝධතාව ඊයේ(23) වාර්තා විය. එරටින් ලැබෙන වාර්තා වලට අනුව මිලියනයකට අධික ජනතාවක් ප්‍රංශය පුරා වීදි බැස තිබේ.
විරෝධතා රැස්වීම් සාමකාමීව ආරම්භ වූ නමුත් පැරීසියේ සහ තවත් නගර කිහිපයක විරෝධතාකරුවෝ ප්‍රචණ්ඩව හැසිරෙනු දැකගත හැකි විය. කැරලිකරුවන් විසුරුවා හැරීමට පොලිසිය බැටන් පොලු, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කළහ. කැරලිකරුවෝ පොලිස් නිලධාරීන්ට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කළහ. එලෙසම ඔවුහු පොදු දේපළ විනාශ කිරීමටද පෙලඹුනු බව කියවේ.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමේ මැක්‍රේන්ගේ ආණ්ඩුවේ සැලැස්මට එරෙහිව ප්‍රංශය පුරා 9 වැනි වරටත් පැවැති විරෝධතා රැලියට ඊයේ දිනයේදී මිලියන 1.089 ක ජනතාවක් සහභාගී වූ බවයි. නිල දත්ත වලට අනුව,පසුගිය මාර්තු 15 වැනිදා පැවැති විරෝධතා රැලිවලට සාපේක්ෂව ඊයේ දිනයේ සහභාගිත්වය දෙගුණයක් පමණ වී තිබේ.
ප්‍රංශ වෘත්තීය සමිති එකමුතුව කියා සිටියේ ඊයේ(23) සහභාගි වූ පෙලපාලිකරුවන්ගේ සංඛ්‍යාව ආණ්ඩුව පවසන ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි වූ බවත් එය මිලියන 3.5ක් පමණ යැයි ගනන් බලා ඇති බවයි.
අද(24) උදෑසන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් මාධ්‍ය වෙත පැවසුවේ ප්‍රංශය පුරා පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පැරිසියේදී වීදිවල ගිනි තැබීම් 903 කට සහභාගි වී ඇති බවයි. එලෙසම ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 441 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
නෝර්මන්ඩි ප්‍රදේශයේ රූවන් නගරයේ මාපටැඟිල්ලක් අහිමි වූ කාන්තාවක් ඇතුළු පෙලපාලිකරුවන් අතර සිටි දුසිම් ගනනක පිරිසක් තුවාල ලැබූ බවද වාර්තා වේ.
ඩර්මනින් 23 වනදා සවස කළ අදහස් දැක්වීමේදී කියා සිටියේ කැරලි කෝලාහලයෙන් සිදු වූ හානිය පෙර දිනවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි. ඔහු නගර ශාලාවට ඇතුල් වන ස්ථානයට ගිනි තැබූ බෝඩෝ හි සිදුවීම් සහ පොලිස් ස්ථානයක් ඉලක්ක කරගත් ලෝරියන්ට් හි සිදුවීම් හුවා දක්වමින් අදහස් දැක්වීය.
“බොහෝ විට අන්ත වාමාංශිකයින්, රාජ්‍යය බිඳ දැමීමට මෙන්ම පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ උවමනාවෙන් සිටින මැරයන් 1,500ක් පමණ දැනටමත් හඳුනාගෙන තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, වෘත්තීය සංගමයේ නියෝජ්‍ය මහලේකම්, මැර්යලිසෙ ලියොන් අවධාරණය කළේ මෙම තත්වයේ වගකීම වෘත්තීය සමිති මත නොව ආණ්ඩුව වෙත පැවරෙන බවයි. මෙම නොසන්සුන්තාවය “ජනාධිපතිවරයාගේ අසත්‍ය ප්‍රකාශ සහ ඔහුගේ තේරුම්ගත නොහැකි මුරණ්ඩුකමේ” ප්‍රතිඵලයක් යැයි ඇය පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...