දේශීය පුවත්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් , ඔහු නැවත බලයට පත් වන තෙක් ඔහුව ඝාතනයට උත්සහා කරන්නවුන් සහ මරණ තර්ජන එල්ල කරන්නවුන් රජයේ වගකිවයුතු දරමින් සිටින බව අවධාරණය කළේය. ඒ අනුව මරණ තර්ජන යනු ඔහුගේ ජීවිතයේ නිරන්තර කොටසක් වී ඇති බවද ඔහු වැඩි දුරටත් ප්‍රකශ කළේය.

” පසුගිය සතියේ මගේ ජීවිතය උදුරා ගැනීමට ගනු ලැබූ උත්සාහයන් දෙකක් ව්‍යවර්ථ වුනා. ඉන් එකක් ඉස්ලාමාබාද් ප්‍රදේශයේ උසාවියට ඉදිරිපත් වී ඉන් පිටතට පැමිණීමේදී අටවා තිබූ “මරණ උගුලකට” හසු කිරීමට ගත් උත්සාහයයි . අනෙක් උගුල මගේ ආධාරකරුවන් පිරිසක් මම උසාවි රාජකාරි අවසන් කර පැමිණීමේදී මාව පිළිගැනීමට සංවිධානයක කර තිබූ උත්සවයට වෙඩි තැබීමට පොලිසිය පෙළඹවීමයි.මෙම පිරිස් බලය හොබවන නිසා මට ඇති ජීවිත තර්ජනය බරපතලයි. ඒ වගේම එලබෙන මහ මැතිවරණය මම ජයග්‍රහණය කළහොත් ඔවුන් අමාරුවේ වැටෙනු ඇති බවත් ඔවුන් වගකිව යුතු යැයි ඔවුන් දන්න නිසාත් ඔවුන් බියට පත්ව සිටිනවා.” ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

පසුගිය නොවැම්බරයේ පැවති රැලියකදී ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට,  අගමැති ෂෙහ්බාස් ෂරීෆ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා සහ ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ෆයිසාල් නසීර් හට ඔහු දොස් පැවරුවේය. මීට මාස හතකට පෙර විශ්වාසභංග යෝජනාවකින් තනතුරෙන් ඉවත් කරන ලද  ඛාන් මහතාගේ පාදයකට පහර දී රෝහල් ගත කරනු ලැබීය. මේ අතර ඛාන් මහතාගේ ඝාතන තැතට කිසිදු සම්බන්ධයක් තමාගේ නැතැයි ෂරීෆ් මහතා ප්‍රකාශ කරන අතර ඛාන් මහතා “බොරු සහ ලාභ කුමන්ත්‍රණ” පතුරුවා හරින බවටද චෝදනා කළේය. ඛාන් මහතා බලයෙන් පහ කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ එක්ව කටයුතු කළ බවට වන චෝදනාද මීට පෙර ඔහු ප්‍රතික්ෂේප කළේය.

පසුගිය සෙනසුරාදා ඉස්ලාමාබාද් උසාවියෙන් පිටත ඛාන් මහතාගේ ආධාරකරුවන් කැරලි ගැසීමෙන් පසු ඛාන් මහතාට ත්‍රස්තවාදී චෝදනා එල්ල කෙරුණු අතර ඒ අනුව  ඛාන් මහතාට සාපරාධී වැරදි 143 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  ඛාන් මහතා අදාල චෝදනා තමාව දේශපාලනිකව අභිප්‍රේරණය කරන බව පැවසුවේය.  ඛාන් මහතගේ අදහසට අනුව ඔහු මෙවර මහ මැතිවරණයට තරඟ කිරීම වැලැක්වීම අරමුණු කර ගනිමින් මෙතරම් චෝදනා  එල්ල කර තිබේ.
කෙසේ වුවද  ඛාන් මහතාට මැතිවරණයට තරඟ කිරීම තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු අවධාරණය කරන්නේ පකිස්ථාන මැතිවරණ කොමිසමට ඔහුට මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීමට නීතිමය හේතු නොමැති බවයි.

“ඔවුන් පවත්වන මැතිවරණය, මගේ පක්ෂයේ ජයග්‍රහණය විසින් ඔවුන්ව අතුගා දමනු ඇතැයි ඔවුන් බියට පත් වී තිබෙනවා.”ඛන් මහතා මාධ්‍ය වෙත පැවසුවේය. “සියලු මත විමසුම් වලදී, මගේ පක්ෂය පකිස්ථානයේ තුනෙන් දෙකක බහුතරයක් දිනා ගන්නා බව පැවසෙනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ මාව තරඟයෙ ඉවත් කිරීමටයි.”

දේශපාලන විශ්ලේෂකය්න්ට අනුව  ඛාන් මහතා බලයෙන් ඉවත් කළ දා සිට අතුරු මැතිවරණ 37න් 29ක්ම  ඛාන් මහතා නායකත්වය දරන පීටීඅයි පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර මහමැතිවරණය සම්බන්ධ මත විමසුමකින් ෂරීෆ් මතාට වඩා 61% ක් ඉදිරියෙන්  ඛාන් මහතා සිටින බව පැවසේ. එහෙත් මීට මසකට පමණ පෙර කරන ලද සමීක්ෂනයකදී එම අගය 32% සීමාවේ පැවතුනි. පීටීඅයි පක්ෂයේ බලකොටු වන පන්ජාබ් පළාත්වල මහ මැතිවරණය අප්‍රේල් 30 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණත්, ෂරීෆ්ගේ ආණ්ඩුව මැතිවරණයට අදාළ අරමුදල් අත්හිටුවීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම ඔක්තෝබර් මාසය දක්වා කල් ගොස් තිබේ.

ඛාන් මහතාගේ ජීවිතයට තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් ඒ මහතා කියා සිටියේ තමා “පූර්වාරක්ෂාව ගන්නා” බවත්, මේ වන විට වෙඩි නොවදින වීදුරු වල ආරක්ෂාව සහිතව තමා මහජන හමුවීම් පවත්වන බවත්ය. පකිස්ථාන බලධාරීන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “මාව ආරක්ෂා කළ යුතු අය තමයි මට ලොකුම ජීවිත තර්ජනයක් වී තිබෙන්නේ” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More