දේශීය පුවත්

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව ඉවත් කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දිය යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද දෙරණ විසි හතර පැය නාලිකාවේ විකාශය වන “AT HYDE PARK ” වැඩසටහනට ලන්ඩන් හිදී එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමි මහතා,

“එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කර ඇති ආකාරයට සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය වී නැහැ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් පුද්ගලයන් පවසන්නේ ඒ ගණන 100,000 ක් පමණ වන බවයි.නමුත් දත්ත වලට අනුව එම ගණන 5000ක් 6000ක් වනවා.

ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඒ කාලයේදීම මාව උනන්දු කෙරෙව්වා, ඔව් එය යුද්ධයක්.

නමුත් ඔය කියන විදිහේ වදහිංසාවන් සහ අනෙකුත් ඉහළ සීමාවන් දකින්නට නැහැ.ශ්‍රී ලංකාව ඔය ක්‍රියාකාරකම් වල යෙදෙන කාලයේදීම එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයත් බෙහෝ මානව ක්‍රියාකාරකම් සිදු කළා. මම හිතන්නේ ඒක වැරදි දෙයක් කියලා.මම එක්සත් රාජධානියට සහ ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ඉවත් කර ගන්නැයි පවසනවා.හේතුව ශ්‍රී ලාංකිකයන් මෙයට සම්බන්ධ වී නැහැ.

මම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් අවස්ථා තුනකදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන්දෙනෙකුගෙන් අහලා බැලුවා මේ කියන වද හිංසා ගැන සාක්ෂි දැකලා තියෙනව ද කියලා. මොකද ඒ අය ලංකාවේ හැමතැනම ඉන්නවා. නමුත් ඒ අවස්ථා තුනේදිම ලැබුණු පිළිතුර තමයි ‘නැහැ’ කියන එක. ඔවුන් කිව්වේ අනවශ්‍ය මෙහෙයවීම් ලංකාවේ තරමක්දුරට තිබුණත් ඔය කියන විදිහේ වද හිංසා දකින්නට නැහැ කියලයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More