දේශීය පුවත්

ජර්මනියේ 400,000 කට වැඩි පොදු ප්‍රවාහන සේවකයින් පැය 24ක වැඩ වර්ජනයකට සහභාගී වීම හේතුවෙන් ඊයේ(27) ජර්මනිය ඇති පුරා ගුවන් තොටුපළ, බස් නැවතුම් පොළවල් සහ දුම්රිය ස්ථාන වල කටයුතු ඇනහිටි බව එරට මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය වසරේ සිට ජර්මනියේ ඉහල නගිමින් පවතින උද්ධමනයට සරිලන ලෙස කම්කරු වැටුප් ඉහල දමන ලෙස ඉල්ලමින් එරට වෘත්තීය සමිති විසින් මෙලෙස වැඩ වර්ජනය කැඳවා ඇති බවද එරට මාධ්‍ය පවසා සිටී.

වර්ජනය ඊයේ(27) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ අතර එය අද(28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිත බව වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති පවසයි. වර්ජනය හේතුවෙන් ජර්මනියේ ප්‍රධාන ජර්මානු ගුවන් තොටුපල අටකට බලපෑම් එල්ල තිබේ. මේ අතර ජර්මානු ගුවන් තොටුපල සංගමය ඇස්තමේන්තු කර ඇත්තේ සංචාරකයින් 380,000 ක් පමණ වර්ජනය හේතුවෙන් අතරමං වි ඇති බවයි. ජර්මනියේ ප්‍රධානතම ගුවන් තොටුපල වන මියුනිච් ගුවන් තොටුපළ 26 වනදා සිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, සියලු ගුවන් ගමන් අවලංගු කළ බව ගුවන් තොටුපළ බලධාරිහු නිවේදනය කළහ. මේ වන විට මගී පර්යන්තයන් පාළුවට ගොස් ඇති බවද වාර්තාවේ.

Deutsche Bahn නම් දුම්රිය සමාගම ඊයේ(21) සිට සියලුම දිගු දුර සේවා අවලංගු කර ඇති බවත් කලාපීය සේවා ඊයේ(21) සවස් වන විට සමහර ප්‍රදේශවල පමණක් නැවත ආරම්භ වන බවත් නිවේදනය කළේය. එලෙසම වර්ජනය හේතුවෙන් ට්‍රෑම් රථ, බස් රථ සහ මෙට්‍රෝ මාර්ග ද රට පුරා අඩාල වී තිබේ.

ජර්මනියේ විශාලතම වරාය සහ යුරෝපයේ තුන්වන කාර්යබහුලම වරාය වන හැම්බර්ග් වරාය වෙත පැමිණෙන සහ ඉන් පිටත නැව් ගමනාගමනයද ඇණ හිටියේය. එලෙසම සියලුම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාද අත් හිටවනු ලැබීය.

ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ල සිටින ලද වැටුප් වැඩිකිරීම් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ජරමනිය පුරා වැඩවර්ජනය ආරම්භ වී ඇත. මිලියන 2.5ක පමණ සේවකයන් නියෝජනය කරන පොදු වෘත්තීය සේවා සංගමයක් වන Verdi විසින් 10.5%ක වැටුප් වැඩිවීමක් හෝ යුරෝ 500ට නොඅඩු වැටුප් වැඩි වීමක් අපේක්ෂා කරන බව නිවේදනය කළේය. මේ අතර Deutsche Bahn සහ තවත් වෙනත් බස් සමාගම්වල සේවකයන් 230,000ක් පමණ නියෝජනය කරන EVG නම් වෘත්තීය සමිතිය, 12%ක වැටුප් වැඩිවීමක් හෝ යුරෝ 650ට නොඅඩු වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටී.

මේ අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නැන්සි ෆයිසර් ඊයේ(21) රොයිටර් පුවත් සේවයට පැවසුවේ ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර එකඟතාවයකට මේ සතියේ එළඹෙනු ඇති බවයි.

දළ වශයෙන් කම්කරුවන් 400,000 ක් පමණ වැඩ වර්ජනයට සහභාගී වූ බව Verdi ප්‍රධානී Frank Werneke ජර්මානු මාධ්‍ය වෙත පැවසීය. ජර්මනියේ පුවත්පත් වැඩ වර්ජනය විස්තර කළේ “මෙගා වැඩ වර්ජනයක්” ලෙසිනි.

යුරෝපයේ ආර්ථික බලාගාරය ලෙස සැලෙකන ජර්මනිය තුල කාර්මික නිමැවුම් හැකිලීම දක්නට ලැබුනු අතර ඒ හේතුවෙන් උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 8.7% දක්වා ඉහළ ගියේය. එලෙසම තත්වය නරක අතට හැරීම ආරම්භ වූවේ පසුගිය වසරේ රුසියාව යුක්රේනයේ මිලිටරි මෙහෙයුමේ ආරම්භ කිරිමත් සමඟම උද්ධමනය 0-2% ස්ථාවර අනුපාතයකින් ඉහළ ගියේය.

රුසියානු යුක්‍රේන ගැටුමට පෙර ජර්මනිය රුසියානු ගෑස් සහ තෙල් ආනයනය මත දැඩි ලෙස රඳා පැවතියේය. එලෙසම රුසියාවට එරෙහි යුරෝපා සංගමයේ සම්බාධක පැනවීමෙන් සහ එක්සත් ජනපදය විසින් “නෝර්ඩ් ස්ට්‍රීම්” ගෑස් නල මාර්ග විනාශ කිරීම හේතුවෙන් ජර්මනියේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය. ජර්මානු ආණ්ඩුව ජනවාරි මාසයේ දී මේ වසරේ රට තුළ අති වන අවපාතයක් වළක්වා ගත හැකි බව නිවේදනය කළේය. එහෙත් ණය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සියක් වන “ෆිච් රේටින්ග්ස්” ආයතන්ය මේ මස මුලදී අනාවැකි පළ කළේ 2023 වසරේ අග භාගය වන විට ජර්මානු ආර්ථිකය අවපාතයකට ඇතුල් වනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More