දේශීය පුවත්

අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන ලොක්හීඩ් මාටින් සමාගම විසින් සාදන ලද ශබ්දයේ වේගය ඉක්මවා යන මිසයිල හෙවත් හයිපර්සොනික් මිසයිල පද්ධතිය අවම වශයෙන් සිව්වන අසාර්ථක පරීක්ෂණය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

“අප පැවැත්වූ පරීක්ෂණය සාර්ථක වූයේ නැහැ.” ගුවන් හමුදා ලේකම් ෆ්‍රෑන්ක් කෙන්ඩල් ඊයේ(28 ) එක්සත් ජනපද මන්ත්‍රණ සභාව නියෝජනය කළ කමිටු සාමාජිකයින් හට පැවසීය. “අනෙක් කාරණය හයිපර්සොනික් මිසයිල පද්ධතිය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් අපට අවශ්‍ය දත්ත ලබා ගැනීමට නොහැකි වූවා. ඒ නිසා සිදු වූ දේ තේරුම් ගැනීමට පර්යේෂකයන් දැනට පද්ධතිය පරීක්ෂා කරමින් සිටිනවා.”

කෙන්ඩල් මෙලෙස කරුණු දක්වා සිටියේ දකුණු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් වූ හයිපර්සොනික් ප්‍රහාරක කෲස් මිසයිලයක් වන AGM-183A Air-launched Rapid Response Weapon (ARRW) සම්බන්ධයෙන් පසුගිය මාර්තු 13 වනදා කළ පරීක්ෂණයක් පිළිබඳවය. කෙසේ වුවද මිසයිල දියත් කිරීමේදී සිදුවූ වැරද්ද කුමක්ද යන්න පිළිබඳව ඔහු නිශ්චිතව කරුණු දක්වා නැති බවද විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද ARRW පරීක්ෂණය “අරමුණු කිහිපයක් සපුරා ඇති” බව අඟවමින් ගුවන් හමුදාව පසුගිය සතියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ හෙයින් ඔහුගේ ප්‍රකාශය නීති සම්පාදකයින් පුදුමයට පත් කරවන්නට ඇති බවද විදෙස් විත්ති විචාරකයෝ පවසති. අමෙරිකානු ගුවන් හමුදාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පරීක්ෂණය අසාර්ථක වීම පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීමට වග බලාගෙන තිබුණි.

ARRW මිසයිල 2018 වසරේ සිට සංවර්ධනය කිරීමට උත්සහා කරමින් තිබෙන අතර 2021 වසරේදී මිසයිලයේ බූස්ටර පද්ධතිය සම්බන්ධයෙන් කළ අසාර්ථක වූ පරීක්ෂණ තුනකින් එහි සංවර්ධන කටයුතු ප්‍රමාද වන්නට විය. පසුගිය වසරේ මැයි මාසයේදී මිසයිලයේ පළමු සාර්ථක දියත් කිරීම කළ අතර අමෙරිකානු ගුවන් හමුදාව පවසා සිටියේ මිසයිලය මැක් 5ක අගයක් හෙවත් ශබ්දයේ වේගය මෙන් 5ස් ගුණයක වේගයෙන් ගමන් කිරීමට මිසයිලයට හැකියාව ලැබුණු බවයි.

මෙවැනි සුපිරි ආයුධ නිපදවීමේ තරඟයේදී අමෙරිකාව රුසියාවට සහ චීනයට වඩා පිටුපසින් සිටින බැවින් එක්සත් ජනපද හමුදාවන්ට තවමත් පූර්ණ ක්‍රියාකාරී හයිපර්සොනික් මිසයිල පද්ධතියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී නොමැත. රුසියාව සහ චීනය සතු හයිපර්සොනික් මිසයිල ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකට වඩා වැඩි වේගයක් අත්පත් කරගන්නා අතරම ඒවා ඉලක්කය වෙත යොමු කිරීමේ හැකියාවද ඉතා ඉහල මට්ටමක පවතින හෙයින් ඒවා වෙඩි තබා විනාශ කැළ නොහැකි බවද කියවේ.

ARRW මිසයිල සම්බන්ධයෙන් කරණු ලැබූ නවතම පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව, ගුවන් හමුදාව එහි අනෙකුත් අධිධ්වනික වැඩසටහන වන  Hyper sonic Attack Cruise Missile (HACM), සඳහා “වඩා කැපවී” සිටින බව කෙන්ඩාල් නීති සම්පාදකයින් හට පැවසීය. මේ අතර අමෙරිකානු ගුවන් හමුදාවේ තක්සේරු වලට අනුව තවත් පරීක්ෂණ දියත් කිරීම් දෙකකට පසුව, ARRW භාවිතා කරන්නේද යන්න පිළිබඳව ලබන වසරේ ආරක්ෂක අයවැය අනුව තීරණයක් ගැනීමට අපේක්ෂා කරණු ඇත.

පසුගිය වසර දෙක තුළ ගුවන් හමුදාවට ARRW සඳහා පර්යේෂණ සහ සංවර්ධන අරමුදල් වශයෙන් ඩොලර් මිලියන 423 ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ. එලෙසම ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් අමතර ඩොලර් මිලියන 150ක් ඉල්ලා ඇති බවද කියවේ. HACM ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමානය වත්මන් මූල්‍ය වර්ෂය සඳහා පමණක් ඩොලර් මිලියන 423 ක් විය. ඉදිරි වසර පහ තුළ ව්‍යාපෘතිය පවත්වා ගෙන යාම සඳහා අතිරේක ඩොලර් බිලියන 1.9 ක් වියදම් කිරීමට අමෙරිකානු ගුවන් හමුදාව සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

HACM ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථකවී ඇති බව කෙන්ඩල් පැවසීය. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපි HACM සංකල්පය සඳහා නිශ්චිත කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. එය අපගේ බොහෝ ගුවන් යානා සමඟ අනුකූල වනවා. සමස්තයක් වශයෙන් අපට වැඩි සටන් හැකියාවක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More