ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත්, එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේ පැවසීය.
අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කරයි.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ඇමැතිවරයා,
“සේවය නොකරන විශ්‍රාම ගිය සහ දේශපාලන පක්ෂවල වුවමනාවලට හැසිරෙන පිරිස් ඉන්නවා කඩාකප්පල්කාරීව කටයුතු කරන. ඔවුන් පර්යන්තය තුළට ඇතුළු වුණේ කෙසේ ද කියන එක පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න අපි ඉල්ලීමක් කරලා තියෙනවා.”
කුමන දේශපාලන පක්ෂයක වුව ද ඔවුන් සියලු දෙනාට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම නාමලේඛනය පහතින් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...