පුරවැසි කොලම

ලෝක පරිමානයෙන් සහ කලාපීය වශයෙන් පැන නගින ආරක්ෂාව සම්බන්ධ කාරනා වලදී චීනයේ පරමාදර්ශී ප්‍රවේශය සහ කාර්ය භාරය සම්බන්ධයෙන් 2022 පැවැති, ඒ සම්බන්ධයෙන් වන වාර්ෂික සමුළුවකදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් මතු කරන ලද්දේය. චීන ජනාධිපතිවරයාගේ මූලික ප්‍රවේශයෙන් වසරක් ඉක්ම ගිය 2023 වර්ෂයේ මාර්තු මාසයේ මාර්තු 29 වනදා මහජන චීන සමූහ චීන සමූහාණ්ඩුවේ හයිනාන් පළාතේ බොආවෝ නගරයේදී “ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI) පිළිබඳව ආසියාව සඳහා වූ බෝආවෝ සමුළුවේ (  Boao Forum -BFA ) නියෝජිතයන් විසින්, ලෝක පරිමානයෙන් සහ කලාපීය වශයෙන් පැන නගින ආරක්ෂාව සම්බන්ධ කාරණා වලදී චීනයේ පරමාදර්ශී ප්‍රවේශය පිළිබඳව ගැඹුරු මෙන්ම දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

එහිදී “ගෝලීය භූ දේශපාලනික දැක්ම” යන මාතෘකාව යටතේ අදහස් ඉදිරිපත් කරමින් චීන විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය නොං රොං ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ දිගුකාලීන යුක්රේන අර්බුදයේ පසුබිමට එරෙහිව යමින් “සාමය සහ යුද්ධය, සමගිය සහ බෙදීම, සංවර්ධනය සහ පරිහානිය” අතර නිවැරදි තේරීමක් සිදු කරන ලෙසයි. ආසියා-පැසිෆික් කලාපයේ ” උනුසුම් වීම” හෙවත් තීව්‍ර වන භූ දේශපාලන තරඟය සහ මිලිටරි එදිරිවාදිකම් සහ “ආසියානු නේටෝව” කරලියට පැමිණීම සම්බන්ධයෙන් ඒ මහතා කරුණු ගෙන හැර පෑවේය.

මෑතකදී නිකුත් කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරීමේ සංකල්පීය පත්‍රිකාව (Global Security Initiative Concept Paper ) මගින් ජාත්‍යන්තර ආරක්ෂක ගැටළු 20ක් හඳුනාගෙන ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI) ආශ්‍රිත සහයෝගීතාව සඳහා වේදිකාවන් සහ යාන්ත්‍රණයන් පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ බව විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය. මේ වන විට රටවල් 80කට වැඩි සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන විශාල ප්‍රමානයක් ගෝලීය ආරක්ෂක මුලපිරීම ( GSI ) සම්බන්ධයෙන් අගය කිරීම් සහ සහයෝගය ප්‍රකාශ කිරීමට පෙරට පැමිණ තිබේ.

ගෝලීය ආරක්ෂක අභියෝග විසඳීම සඳහා වඩාත් ක්‍රමානුකූල චින්තනයක් සහ වඩාත් ශක්‍ය ක්‍රියාමාර්ග සැපයීම සමුළුවේ අරමුණ බව පෙන්වා දුන් ඒ මහතා, ලෝක සාමය පවත්වා ගැනීම සඳහා චීනයේ වගකීම පිළිබඳ හැඟීම සහ ගෝලීය ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා චීනයේ තිබෙන ස්ථිර අධිෂ්ඨානය එමගින් විදහා දක්වන බවද  පෙන්වා දුන්නේය.

මේ අතර සමුළුව අමතමින් ස්ලෝවේනියාවේ හිටපු ජනාධිපති සහ ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI) පිළිබඳව ආසියාව සඳහා වූ බෝආවෝ සමුළුවේ ( Boao Forum- BFA ) උපදේශක කවුන්සිලයේ සාමාජික ඩැනිලෝ ටර්ක් අවධාරණය කළේ චීනයේ සංකල්ප පත්‍රිකාව සන්නිවේදනය සඳහා හොඳ වේදිකාවක් සැපයූ බවත් සාමය ඇති කිරීම සඳහා ක්‍රියා කළ යුතු සියලු අංග එහි අඩංගුව පවතින බවත්ය. යුක්රේන අර්බුදය පිළිබඳව ඊයේ (29 ) අදහස් දැක්වූ සමුළුවේ  සාමාජිකයන් බොහෝ දෙනා සමුළුවට ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකාවේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපදේශක කවුන්සිලයේ සාමාජික ඩැනිලෝ ටර්ක් සංකල්ප පත්‍රිකාවට සහයෝගය දැක්වීම සඳහා හැකිතාක් රටවල් සම්බන්ධ කර ගැනීම වැදගත් බව පෙන්වා දුන්නේය. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හැකිතාක් රටවල් සංකල්ප පත්‍රිකාවට සහයෝගය දැක්වීමට එක් වූ පසුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට පහසු වන ලෙස අවශ්‍ය වන සන්නිවේදනයන් සඳහා “මූලික කණ්ඩායමක්” පිහිටුවීම වැදගත් බවද පැවසුවේය.එහිදී, සෞදි අරාබිය සහ ඉරානය එක මේසයකට ගෙන ඒම වැනි මැදිහත්වීම් සම්බන්ධයෙන් චීනයේ ඉහළ යන රාජ්‍ය තාන්ත්‍රික හැකියාව සහ නායකත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස ඇගැයීමට ඔහු කටයුතු කළේය.

උපදේශක මණ්ඩලයේ සමාජිකයෙකු මෙන්ම පාකිස්තානයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මොයේඩ් යුස්සුෆ් (Moeed Yusuf ) මාධ්‍ය වෙත අදහස් දක්වමින් , 2022 දී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් යෝජනා කරන ලද “ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI)” ලෝකයට අත්‍යවශ්‍යම එකක් බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ” වැඩි සහයෝගීතාවයක් සහ අඩු තරඟකාරිත්වයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැක්මක් ඉදිරිපත් කිරීමට දරන උත්සාහය සැබවින්ම අපි සාදරයෙන් පිළිගත යුතුයි”. යනුවෙන් පැවසුවේය.

පකිස්ථානය චීනය සමඟ විශේෂ සබඳතා මෙන්ම බටහිර රටවල් සමඟ සමීප ආර්ථික හා මිලිටරි සබඳතා පවත්වාගෙන යන බවද යූසුෆ් පැවසීය. “ආසියා පැසිෆික් කලාපයේ ඉහළ යන “උනුසුම” ප්‍රධාන බලවතුන්ගේ “නියෝජිත (Proxy )” යුධ පිටියක් වීම වැලැක්වීමට පකිස්ථානය උත්සාහ කරනවා. එබැවින් ‘ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI)’ සංකල්පීය රාමුවක් ලෙස බොහෝ ආසියානු රටවලට ඉතා වැදගත් වනවා. එලෙසම එය අප එය මත උපක්‍රම ගොඩනැගිය යුතුයි.”

එක්සත් ජනපදයේ පෙලඹවීම මත ආසියා-පැසිෆික් කලාපයේ නේටෝව වැනි සංවිධානවල ආරක්ෂක විධිවිධානවලට අදාළව ලෝකයේ රටවල් වලට සමහර මැදිහත් වීම් සිදුවන බව පැහැදිලිය. මෙම තත්වය සම්බන්ධයෙන් , එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් ලියු ෂෙන්මින්, ඊයෙ (29) පැවති බෝආවෝ සමුළුවේදී  (Boao Forum- BFA) එම මැදිහත්වීම් වලට දැඩි ලෙස විරුද්ධ විය.

ලියු ආසියාවේ පොදු ආරක්ෂාව පිළිබඳ පරමාදර්ශය සහ බාහිර ගර්ජන සහ බාධා කිරීම්වලට ඔරොත්තු දෙන ආසියානු රටවල අවශ්‍යතා සඳහා ගොඩනගා ඇති “ආරක්ෂක ගෘහ නිර්මාණ ශිල්පය” වෙනුවෙන් පෙනී සිටියේය.

ආසියා පැසිෆික් කලාපයේ ආරක්‍ෂාව කොතැනට ගමන් කරන්නේද යන්න, ජනතාවගේ යහපැවැත්ම සහ ලෝකයේ අනාගතය කෙරෙහි කලාපීය සංවර්ධනය බලපාන බව චීන විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය නොං රොං අවධාරණය කළේය. “ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI)” හි සංකල්ප සහ මූලධර්ම සියලු පාර්ශ්වයන් ඒකාබද්ධව ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ තිරසාර සමෘද්ධිය ළඟා කර ගැනීමට මාර්ගය පෙන්වා දෙන බව ආරක්ෂක විශේෂඥයන්ගේ මතයයි.

ජනාධිපති ෂී 2013 සිට බෝආවෝ වාර්ෂික සම්මන්ත්‍රණ පහකදී ප්‍රධාන දේශන පහක් පවත්වා තිබේ. ඔහුගේ දේශනවලදී, “එකට” “ඒකාබද්ධ” “බෙදාගත්” සහ “සහයෝගීතාවය” වැනි වචන වැඩිපුර භාවිත කරනු දක්නට ලැබුණි. චීන ජනාධිපතිවරයාගේ දේශන වල ලෝක ජනයා මුහුණ දෙන අභියෝග ඉදිරියේ චීන ප්‍රවේශය පෙන්නුම් කරන බව ආරක්ෂක විශෙෂඥයෝ පවසති. ලෝකය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට නම් ‘සමාන පදනමක්’, ‘සහයෝගීතාවයක් සහ ඇතුළත් කිරීමක්’ සහ ‘අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඉගෙනීම’ මත පදනම් වූ ගෝලීය යුක්තිය පිළිබඳ උපදේශන අවශ්‍ය බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

“ආරක්ෂාව සහ සංවර්ධනය සමීපව බැඳී ඇති අවස්ථාවක, ‘ගෝලීය සංවර්ධන මුලපිරීම’, ‘ගෝලීය ආරක්ෂක මුලපිරීම’ සහ ‘ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීම’ වැනි චීනය විසින් යෝජනා කරන ලද මුල පිරීම් චීන කැපවීම පෙන්නුම් කරන අතර ‘සියලු දෙනා මුහුණ දෙන’ ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා චීන දැක්ම  විදහා දක්වනවා.” බෝආවෝ නියෝජිතයන් මාධ්‍ය වෙත පැවසුවේය.

“තීරය සහ මාර්ග මුල පිරීමේ” ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළුව තමන්ගේම අත්දැකීම් හඳුන්වා දීමෙන් ගෝලීය වශයෙන් සංවර්ධනය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත අදහස් චීනයෙන් පැමිණෙනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන බව ගෝලීය ආරක්ෂක මුලපිරීම (GSI) පිළිබඳව ආසියාව සඳහා වූ බෝආවෝ සමුළුවේ (Boao Forum- BFA) උපදේශක කවුන්සිලයේ සාමාජික ඩැනිලෝ ටර්ක් පැවසීය.

මේ අතර ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක් යෝජනා කරන්නේ වර්ෂ 2030 වන විට, “තීරය සහ මාර්ග මුල පිරීමේ (Belt and Road Initiative -BRI ) යටතේ ඇති ව්‍යාපෘති මගින් ලොව පුරා වෙසෙන මිලියන 7.6 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයෙන් සහ මිලියන 32 ක ජනතාවක් මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට උපකාරී වනු ඇති බවයි.

Global Security Initiative revisited at Boao, highlights Chinese wisdom and leadership in turbulent world

පරිවර්තනය : ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More