දේශීය පුවත්

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජු, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) “සංවාද සහකරු” තත්ත්වය සෞදි අරාබියට ලබා දෙන ලියකියවිලි වලට අත්සන් කර ඇතැයි වාර්තාවේ. ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු දැනට චීනයේ සභාපතිත්වය දරන දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතා සංවිධානයකි.

සෞදි පුවත්පත් ඒජන්සිය, පසුගිය 28 වනදා ජෙඩා නගරයේ අල්-සලාම් මාලිගයේ පැවති කැබිනට් රැස්වීමේදී රජු විසින් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව වාර්තා කළේය.

ෂැංහයි සහයෝගිතා සංවිධානය සමඟ හවුල්කාරිත්වය විධිමත් කිරීමට අමතරව, සල්මාන් රජු චීනය සමඟ තාක්ෂණික හා වෘත්තීය පුහුණුව ද අනුමත කර ඇති බවද වාර්තා වේ.මේ අතර ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ මස මුලදී “යහපත් අසල්වැසි සබඳතා” යළි ඇතිකිරීම වෙනුවෙන් ඉරානය සමඟ සාකච්ඡා සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් බීජිං වෙත ස්තුතිය ඵල කළේය.

මේ අතර සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර සිටියේ ඉරානයද “ඉක්මනින්” ෂැංහයි සහයෝගිතා සංවිධානයට එක්වීමට නියමිත බවයි. ටෙහෙරානය 2021 වර්ෂයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර තිබේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානය 2001 දී රුසියාව, චීනය, කසකස්තානය, කිර්ගිස්තානය සහ ටජිකිස්තානය එක්ව ගොඩ නගා ගන්න ලද සංවිධානයකි. එතැන් සිට එහි පූර්ණ සාමාජිකයන් ලෙස ඉන්දියාව, උස්බෙකිස්තානය සහ පකිස්ථානය එක් වී තිබේ.2008 වර්ෂයේදී සංවාද හවුල්කරු නමින් නව සංවිධාන ව්‍යුහයක් නිර්මාණය කරන ලද අතර, ආර්මේනියාව, අසර්බයිජානය, කාම්බෝජය, ඊජිප්තුව, නේපාලය, කටාර්, ශ්‍රී ලංකාව සහ තුර්කිය යන රටවල් එයට ඇතුළත් විය.

මුලික වශයෙන් ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ අන්තවාදය වැනි ආරක්ෂක ගැටළු කෙරෙහි  ආරම්භක අවස්ථාවේදි ෂැංහයි සහයෝගිතා සංවිධානය අවධානය යොමු කළේය. සාමූහික ආරක්‍ෂක ගිවිසුම් සංවිධානය (Collective Security Treaty Organization -CSTO) සමඟ ආරක්‍ෂාව, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ගිවිසුම් ගත වීමටද ෂැංහයි සහයෝගිතා සංවිධානය කටයුතු කර තිබේ . එලෙසම පසුගිය කාලය පුරාම ෂැංහයි සහයෝගිතා සංවිධානය වෙළඳාම, ආර්ථිකය සහ සංස්කෘතිය යන කාරණා සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීමට කැපවී තිබේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානය වෙත තව තවත් ලංවීමට අමතරව , සෞදි අරාබිය BRICS ( Brazil, Russia, India, China and South Africa) කණ්ඩායමට සම්බන්ධ වීමට දැඩි උනන්දුවක් දක්වන බවද සෞදි රාජ්‍යයේ රුසියානු තානාපති සර්ජි කොස්ලොව් පසුගිය පෙබරවාරි මාසයේදී අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More